ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් වන ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම අද (22) දිනයේ පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00න් පසුව එම ඡන්ද විමසීම පැවැත්වෙන බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව කරුණු ඇතුළත් කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එම යෝජනා ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
අද දිනයේ රටවල් මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙන බව වාර්තා වේ.
මේ අතර එම ඡන්ද විමසීමෙන් අනතුරුව ඊට පිළිතුරු ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් රජයේ ස්ථාවරය ඉදිරිපත් කරනු ඇත.
කෙසේවෙතත් මීට පෙර විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, එම ඉදිරිපත් කර ඇති චෝදනා දේශපාලන අරමුණක් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග බවය.
මෙරට අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් චෝදනා කිරීම හෝ එම කරුණු සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීම ජාත්‍යන්තර පිළිගත් තත්ත්වයක් නොවන බව ද විදේශ අමාත්‍යාවරයා සඳහන් කළේය.










