ශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා දැනට දිවයින පුරා විසිර ඇති සිය පාරිභෝගික සේවා මධ්‍යස්ථාන තවදුරටත් පුළුල් කරන බව නිවේදනය කර ඇත. මෙම පුළුල් කිරීම නුදුරේදීම මුළු දිවයිනම 4G තාක්ෂණයෙන් ආවරණය කිරීමේ එයාර්ටෙල්හි උද්වේගකර ප්‍රයත්නයට සමගාමීව සිදු වනු ඇත.
මෙම පුළුල් කිරීමත් සමඟින් එයාර්ටෙල් සතුව දැනට දිවයින පුරා සේවා මධ්‍යස්ථාන 5000ක් සහ ලංකා බෙල් අලෙවිසැල් 70ක් පවතී. ඒ අනුව නව සම්බන්ධතාවක් ලබා ගැනීම, රීලෝඞ් කිරීම්/බිල්පත් ගෙවීමේ පහසුකම්, සිම්පත් යාවත්කාලීන කිරීම් සහ තවත් බොහෝ සේවා මෙම ඕනෑම ස්ථානයකින් පාරිභෝගිකයින්ට ලබාගත හැකිය.
මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, අශීෂ් චන්ද්‍රා මහතා ‘අප අපගේ ජංගම දුරකතන ජාලය නිරන්තරයෙන් වැඩිදියුණු කිරීම්වලට ලක් කරන අතරම එම වැඩිදියුණු කිරීම් සමඟින් අසමසම පාරිභෝගික අත්දැකීම් ද ලබා දීමට කටයුතු කරනවා. මෙම ශක්තිමත් ප්‍රවේශය තුළින් අපට අවශ්‍ය වන්නේ නුදුරේදීම අප හඳුන්වා දීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර මට්ටමේ 4G ජාල අත්දැකීමට තවත් එක් පියවරකින් ළං වීමටයි. මෙම පුළුල් කිරීම් සඳහා දිවයින පුරා අප සිදුකළ ආයෝජනය දැනට සිටින හා අනාගත පාරිභෝගිකයින් සඳහා අපගේ ස්ථිර කැපවීම පිළිබිඹු කරනවා යැයි අප විශ්වාස කරනවා, ඒවගේම අනෙක් තරගකරුවන්ට වඩා හොඳින් පාරිභෝගික අත්දැකීම්වලට ප්‍රමුඛත්වය ලබා දීමට අප කටයුතු කරනවා.’ යනුවෙන් පැවසුවේය.











