AIA ඉන්ෂුවරන්ස්, නොබෝදා පවත්වන ලද Sri Lanka’s Most Admired Companies 2020” සම්මාන උළෙලේ දී, ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාන්විත ආයතන ලෙස සම්මානයෙන් පිදුම් ලද සමාගම්වලට සුබ පැතීමට මෙය අවස්ථාවක් කරගනියි. මෙම සමාගම් සියල්ල සම්මානයට පාත්‍ර වන්නේ ඔවුන් ලද මූල්‍යමය ජයග්‍රහණ පමණක් නිසා නොව ඔවුන් විසින් සිය පාරිභෝගිකයින්හට, කොටස්කරුවන්හට මෙන්ම මුළු මහත් සමාජය වෙතම එකතු කරන ලද අගයන් වෙනුවෙනි. මෙම ගෞරවාන්විත සම්මානය මෙවර අත්පත් කරගත් ආයතන 25 ඉහළ ව්‍යාපාරික කාර්යසාධනය සමගින් තිරසාර සංවර්ධනයක් ළඟා කරගත් සමාගම් විය.











