• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම බැප්ටිස්ට් ප්‍රනාන්දුගෙ මුණුබුරා

March 21, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මම බැප්ටිස්ට් ප්‍රනාන්දුගෙ මුණුබුරා
Share on WhatsAppShare on Facebook

⬤ ලැජ්ජාව තියාගෙන රඟපාන්න බෑ…

⬤ හැමදේම මුදලට යටවෙලා…

70 දශකවල සිනමාවේ විවිධ චරිත නිරූපණය කරමින් සිනමාව පෝෂණය කළ කලාකරුවන් රැසක් සිටිනවා. ඒ අතර බැප්ටිස්ට් ප්‍රනාන්දු කලාවේදියාණන් අපට හඳුන්වන්නට පුළුවන්. ඔහු ගිය ගමන් මගේ කලාවේ අඩුව පිරවීමට ඔහුගේ මුණුබුරා ‘අපට සැදුනු අපේ ලෝකය’ සිනමා නිර්මාණයට දායක වෙමින් කලා ක්ෂේත්‍රයට පැමිණ තිබෙනවා. ඔහු ක්‍රිෂ් විජේවර්ධන.

🔴 ක්‍රිෂ් ඔබ ගැන ගොඩදෙනෙක් දැන හඳුන ගන්නට ඉන්නවා. ඔබ ගැන මුලින් පැවසුවොත්?
මම ක්‍රිෂ් විජේවර්ධන. මගේ වයස අවුරුදු 21ක් වෙනවා. පාසල කොළඹ ආනන්ද විද්‍යාලය. ගම් පළාත වත්තල ප්‍රදේශය.
🔴 ඔබගේ පවුලේ ගොඩදෙනෙක් කලාවට සම්බන්ධ වුණ පිරිසක්?
මුලින්ම සඳහන් කරන්න ඕනා මගේ අම්මාගේ තාත්තා තමයි බැප්ටිස්ට් ප්‍රනාන්දු කියන්නේ. ඔහු මගේ සීයා වෙනවා. ටිකිරා, දුප්පතාගේ හිතවතා වගේ සුවිශේෂී චිත්‍රපට ගණනාවක චරිත නිරූපණය කළා. ඒ වගේම ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. මගේ අම්මා තමයි අංගුලිමාල චිත්‍රපටයේ කුමාරිකාවට රඟපෑවේ. ඒ විතරක් නෙමෙයි මගේ අක්කා තමයි කවිතා අංජලී කියන්නේ. ඇයත් මේ දවස්වල ධරිණි ටෙලිනාට්‍යයේ වගේම ‘අපට සැදුනු අපේ ලෝකයේ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපානවා.
🔴 ඒ යුගල පරම්පරාවට ඔබේ අඩුවක් තිබුණා. ඔබේ සිහිනය සැබෑ වුණා නේද?
අපට සැදුනු අපේ ලෝකයේ චිත්‍රපටයේ මම ‘දවසක් කරුගේ’ සහායකයා ලෙසටත්, ඒ චිත්‍රපටයේ ප්‍රධාන විලන් විදියට ඉන්න ටයිගර් සතාට මම හඬකවනවා. ඒ වගේම චිත්‍රපටයේ ප්‍රධාන නර්තන ශිල්පියා ලෙසට මගේ දායකත්වය මට කළ හැකි උපරිම විදියට සෑම පැත්තකින්ම මගේ දක්ෂතා පෙන්වනවා.
🔴 මේ ඔබගේ පළමු රංග දිගහැරුමද?
මම මුලින්ම සම්බන්ධ වෙන්නේ පැණි කුරුල්ලෝ ටෙලිනාට්‍යයට සහ අමාලියා ටෙලිනාට්‍යයට. හැබැයි ගොඩදෙනෙක් මම ගැන කතා කිරීමට පටන්ගත්තේ ‘අපට සැදුනු අපේ ලෝකය’ චිත්‍රපටය හරහා තමයි.
🔴 නාගරික පරිසරයක හැඩගැන්වුණ ඔබට ග්‍රාමීය පරිසරයක වෙනස තදින්ම දැනෙන්නට ඇති?
එය තමයි මම මේ චිත්‍රපටය හරහා අත්විඳපු ලොකුම අභිමානය. නාගරික පරිසරයක ජීවත් වන අපි ගැන ගොඩදෙනෙක් හිතාගෙන ඉන්නේ අප සැප විඳිනවා කියලා. නමුත් ඒ සිතුවිල්ල ඇත්තක් නෙමේ. අපි ජීවත් වන පරිසරය තුළ තිබෙන්නේ එකිනෙකා අතර පොරබදන තරගකාරී ජීවිතයක්. හැමදේම මුදලට යටවෙලා. මේ කොරෝනා වසංගතය අපිට ඒ පාඩම කියලා දුන්නා. නමුත් ග්‍රාමීය පරිසරයක ජීවත් වන ජනතාව තුළ තිබෙන ආදර දයාව, එකමුතු බව, මට අත්විඳින්න පුළුවන් වුණා. ඔවුන්ගේ මුවින් පිටවෙන වදනකම ගැමි සුවඳට මම හදවතින්ම ළෙන්ගතු වුණා කියලා පැවසුවොත් හරි.
🔴 ක්‍රිෂ්ට විවිධ සතුන්ගේ හඬවල්වලින් කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවද?
මම පොඩි කාලේ ඉඳලා සතුන් කතා කරන විවිධ චිත්‍රපට නැරඹුවා. ඒ සතුන්ගේ භාෂාව මම අධ්‍යයනය කරලා ඒ සතාගේ හඬින් ශබ්ද නගන්න පුරුදු වුණා. ඒ තිබුණ හැකියාවෙන් තමයි මම ‘අපට සැදුනු අපේ ලෝකය’ චිත්‍රපටයේ ටයිගර්ට හඬ අවදි කළේ.

🔴 මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට ලොකු ආශාවක් තිබුණද?
පොඩි කාලේ ඉඳලම තිබුණ ආශාවක් තමයි ඒක. මගේ අක්කා තමයි දැන් හරිම කාලේ කියලා මාව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කළේ. මම ඉතින් ගෙදර හිටපු කාලයේ ලෝකයේ නිර්මාණය කරපු හොඳම චිත්‍රපට හැම එකක්ම බැලුවා. මොකද චරිතවලට තිබුණ ආශාව නිසාමයි. ලැජ්ජාව තියාගෙන රඟපාන්න බැහැ. චරිතය වෙනුවෙන් මනස වෙනස් කිරීමේ හැකියාවක් මට තිබෙනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

විමල් එන්න හදන්නේ මොකාටද: රාජපක්ෂ පවුල ඇතුළේ අවුලක්ද? (රාජ්‍ය රහස්)

Next Post

රඟපාන්න හැඟීමක් තියෙන්න ඕනෙ

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ  “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.