• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කුකුල් බැල්ම වැටෙන කුකුල් බබා

March 20, 2021
in Heart
Reading Time: 2 mins read
A A
කුකුල් බැල්ම වැටෙන කුකුල් බබා
Share on WhatsAppShare on Facebook

⬤ එක්කෙනෙක් දෙන්නෙක්ගෙ වැරැදිවලට හැමෝම පලි නෑ…

⬤ නොදැන අතරමං වෙනවට වඩා දැනගෙන ආවාම වටිනාකමක් තියෙනවා…

මේ දිනවල විකාශය වන ජනප්‍රියතම ටෙලිනාට්‍යයක ආදරවන්තියක් ලෙස ඔබ හමුවට එන සුන්දර රුවැත්තියක් තමයි ඇය. ඇයව ‘ජානු’ ලෙසත්, තවත් සමහරු ඇයව ‘කුකුල් බබා’ ලෙසටත් හඳුන්වනවා. ඇත්තටම කවුද මේ කුකුල් බබා. මේ තමයි ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ රඟන මදුෂාණි පෙරේරා.

🔴 මදුෂාණි, ඔබ මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වන්නේ නිරූපිකාවක් විදියටයි. නමුත් ඔබ අද පියවරක් තබමින් ඉදිරියට ඇවිත්. ඒ ආපු ගමන ගැන සඳහන් කළොත්?
මම නිරූපණ ක්‍ෂේත්‍රයේ වසර හතරක ඉඳලා වැඩකටයුතු කරගෙන යනවා. ඒත් මම හිතුවේ නැහැ රංගන ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීමට. මම නිළියක් වුණේ අහම්බෙන්. මොකද මම රඟපෑමට සම්බන්ධ වීමට කලින් මේ ක්‍ෂේත්‍රය ගැන මට ගොඩාක් ඉගෙන ගැනීමට තිබෙන නිසා, මම ටිකක් ප්‍රමාද වෙලා එන්න හිතුවේ ඒකයි.
🔴 ඒත් ඔබ කොහොමින් කොහොම හරි එක රැයකින් ජනප්‍රිය නිළියක් බවට පත්වෙලා හමාරයි. ඔබ මුලින්ම රඟපෑවේ ඓතිහාසික ටෙලි නිර්මාණයක නේද?
මම මුලින්ම රඟපෑවේ ‘රාවණ-2’ ටෙලිනාට්‍යයේ. රාවණගේ, කුමාරිකාව ලෙසට. ඒ චරිතය තුළ ලොකු ගැඹුරක් තිබුණා. ඒ වගේම රඟපෑමේදී දෙබස්වල පවා ලොකු වෙනසක් තිබුණා. ඉදිරියේදී ‘රාවණ-3’ ටෙලිනාට්‍යයටත් මම සම්බන්ධ වීමට නියමිතයි.
🔴 නමුත් ඔබව ගොඩදෙනෙක් දැනහඳුන ගත්තේ ‘නාඩගම්කාරයෝ’ හරහා?
‘රාවණා’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළේ සුවිශේෂී චරිතයක්. නමුත් එයටත් වඩා ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන ‘ජානු’ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මොකද ඒ තරම්ම ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍ය ගොඩදෙනෙක් වැළඳ ගත්ත නිසා.
🔴 ‘නාඩගම්කාරයෝ’හි ‘ජානු,’ ‘කුකුල් බබා’ වීමේ විශේෂත්වය ගැන කිව්වොත්?
මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයිනුත් විවිධ නම්වලින් කතා කරලා මේ ඉන්නේ අහවල් ටෙලිනාට්‍යයේ අහවල් කෙනා නේද කියලා කියනවා. ‘කුකුල් බබා’ කීමට නම් ඉතින් විශේෂත්වය තමයි මේ ටෙලිනාට්‍යයේ මගේ තාත්තා උළු කර්මාන්ත ව්‍යාපාරිකයෙක්. ඉතින් තාත්තාගේ උළුවලට සලකුණු තියලා තියෙන්නේ කුකුළාගේ සලකුණක්. ඒ නිසා මට කුකුල් බබා කියනවා.
🔴 ඔය ලස්සන පෙනුමත් එක්ක ළඟදීම සිනමාවට සම්බන්ධ වෙයි නේද?
මම මුලදී කිව්ව පරිදි එහෙම මේ ක්‍ෂේත්‍රයට එන්න ප්ලෑනින් එකක් තිබුණේ නැහැ. මොකද දෙයක් නොදැන අතරමන් වෙනවාට වඩා දැනගෙන ආපුවම වටිනාකම දැනෙයි කියලා මම හිතුවා.
🔴 නිරූපණ ක්‍ෂේත්‍රයේ කරන වැඩ වගේ චරිතයක් නිරූපණය කරනවා කියන එක හිතන තරම් පහසු නැහැ නේද?
අම්මෝ එය බැරෑරුම් වැඩක්. නිරූපණ ක්‍ෂේත්‍රයේ ඇඳුමක් ඇඳගෙන එය නිරූපණය කරනවා අලුත් විලාසිතාවක් ලෙසට. නමුත් රඟපෑමේදී චරිතයක් නිරූපණය කරන එක එයට වඩා හාත්පසින්ම වෙනස්. මට එය අභියෝගයක් වුණා චරිත ග්‍රහණය කරගැනීමේදී.
🔴 නිරූපණ ක්‍ෂේත්‍රයේ වැඩ කරන අයට නම් හොඳ ප්‍රතිචාරයක් අහන්න ලැබෙන්නේ නැහැ?
ඒක ඉතින් මේ ක්‍ෂේත්‍රයේ හැමෝටම පොදු දෙයක්. මොකද ශිල්පීන් ජනප්‍රිය වුණාම ඔවුන්ගේ වැරැදි තමයි හොයන්නේ. නමුත් ඕනෑම වෘත්තියක වැරැදි කරන අය ඉන්නවා. ඉතින් මම කියන්නේ එක්කෙනෙක්, දෙන්නෙක් කරන වැරැදිවලට හැමෝම ඒ මට්ටමින් මනින්න එපා කියලා. තමන් හරියට මේ ගමන ගියොත් කාගෙන්වත් ප්‍රශ්නයක් අහන්න වෙන්නේ නැහැ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

හේමකුමාර සජිත්ට එකතු වෙයි

Next Post

වාස්තුව ජීවිතය වෙනස් කරන හැටි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.