• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මද්දුම බණ්ඩාරලගෙ කතාවෙ සැගවුණු ඇත්ත

September 22, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

“සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා
එඩිතර හොඳ පුංචි පුතෙක් ලක් මෑණීට නැති වුණා.”

ඇන්ටන් රුද්‍රිගු ගායනා කරන මේ ගීතය සිංහලයන්ගෙ විතරක් නෙවෙයි ඕනම කෙනෙක්ගෙ හදවත සසල කරන ශෝකයත් වීරත්වයත් එක්වුණු ගීතයක්. රාජ ද්‍රෝහී චෝදනාවට ලක්වෙන ඇහැළේපොළ රජුට බයෙන් පැනලා ගියාම ඒ වරදට රජු දඬුවම් කරන්නෙ කුරා කුඹියකුටවත් වරදක් නොකරපු ඔහුගේ බිරියට සහ අහිංසක දරුවන් තිදෙනාට. ඒ දියහැකි කෲරම විදියට.
මරණ දඬුවම ඉදිරියේ බියෙන් සැඟවෙන තම වැඩිමහල් සහෝදරයා පරයා එමින් “අයියණ්ඩිය බිය නොවන්න මැරෙනා සැටි මම පෙන්වන්නම්” යනුවෙන් අභීත ලෙස ප්‍රකාශ කරමින් තම පියාගෙ ගෞරවය වෙනුවෙන් අභිමානයෙන් මරණයට මුහුණ දෙන අවුරුදු නවයක තරම් කුඩා වයසක සිටින මද්දුම බණ්ඩාර වීරයා පිළිබඳ කතාන්දරය පුංචි කාලයේ ඉඳලම පාසලේ, දහම් පාසලේ අපි ඉගෙන ගන්නවා. වීර මද්දුම බණ්ඩාර කුමාරයට අභිමානවත් සිංහල ජාතික වීරයෙක් ලෙස ලොකු ඉඩක් වෙන් වෙලා තියෙනවා. හැම සිංහල අම්මා තාත්තා කෙනෙක්ම තමන්ගෙ දරුවන්ට උගන්වන්නෙ මද්දුම බණ්ඩාර වගේ වීරයෙක් වෙන්න. මේ නිසාම සිංහලයන්ට ඉන්න විශිෂ්ටම ජාතික වීරයා මද්දුම බණ්ඩාර කුමාරයා.

මද්දුම බණ්ඩාර වගේ පුංචි හුරතල් කුමාරයකුගෙ හිස ගසාදමන්න නියෝගයක් දෙන්න ඒ රජා මොන තරම් කෲර රජෙක් වෙන්න ඕනද? හුරතල් දරු දෙදෙනකු හිස ගසා මරන්න, අම්මගෙ උණුහුමට ගුළිවෙලා තුරුලු වෙලා කිරි උරා බොමින් ඉන්න සිඟිති අත දරුවෙක් වංගෙඩියක දමා කොටන්න ඒ අම්මටම අණකරන්න අන්තිමට ඒ අම්මා සිහිය නැතිව වැටුණම දියේ ගිල්වලා මරන්න නියම කරන්න මේ රජු මොන තරම් පහත් අමනුස්ස ගති තියෙන රජ කෙනෙක් වෙන්න ඕනද? මිනිස්කමටත් නිගාදෙන මේ රජතුමා ගැන අද පවා ඇතිවෙන්නෙ තරහක්, වෛරයක්, පිළිකුලක්, පහත් හැඟීමක්.

ඒත් මෙතරම් අප්‍රසාදයකින් කතා කරන්නෙ 1798 සිට 1815 දක්වා මෙරට රජකම දරපු අපේ රටේ අන්තිම රජතුමා වන ශ්‍රී වික්‍රම රජතුමා පිළිබඳව. ඔහු ගැන වර්තමානයේ පවා කතාබහ කරන ප්‍රධානම සිදුවීම ඇහැළේපොළ පවුල ඝාතනය කිරීම. මේ පිළිබඳ ලියැවුණු කවි, කතා, ගීත, නාට්‍ය, පොත්පත්, ලිපි ඕන තරම් අපි කියවලා, අහලා තියෙනවා. මේ කතන්දර එදා සිට අද දක්වාම අලුත් වෙමින් ලියැවෙමින්, කියැවෙමින් තියෙනවා. අපේ රටේ අවසාන රජතුමා ඉතා දරුණු, කුරිරු රජෙක් ලෙස මතකයේ තැන්පත් වුණත් ඔහු පිළිබඳ අමතක වූ කාරණාවන් රැසක්ද තියෙනවා. අද අපි දකින සුන්දර මහනුවර නගරය ඔහුගේ නිර්මාණයක්. ශ්‍රී දළදා මාලිගාව, බෝගම්බර වැව, නුවර වැව, වලාකුළු බැම්ම, සතර දේවාල ඇතුළු මුළු රාජ මන්දිරය මෙන්ම අදටත් දෙස් විදෙස් ජනයා ඇවිත් සුන්දරත්වය විඳින පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය පවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගෙ අනුදැනුම මත නිර්මාණය වූ ඒවා.

ඒ වගේම පහසුවෙන් වෙරළබඩ අල්ලගත්තත් ඉංග්‍රීසින්ට උඩරට අල්ලගන්න ලැබෙන්නෙ නෑ. මේ නිසා 1803දී රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගෙ සැලසුමක් අනුව උඩරට යටත් කරගැනීමට බි්‍රතාන්‍ය හමුදා පැමිණියත් ඔවුන් නොසිතූ විරූ ප්‍රහාරයකට ලක්වෙනවා. එම ප්‍රහාරය මෙහෙයවූ පුද්ගලයා ඇතුළු ඉංග්‍රීසීන් සහමුලින්ම කන්ද උඩරට රාජ්‍යයට යටත්වෙනවා පමණක් නොවෙයි බිතාන්‍ය සතුව පැවති ප්‍රදේශයන් කිහිපයක් අත්පත් කරගන්නත් සිංහල හමුදාව සමත්වෙනවා. අවසානයේ ඉංග්‍රීසින් උඩරට ඇල්ලීමේ අදහස සහමුලින්ම අතහැර දමනවා. මෙලෙස ඉංග්‍රීසීන්ට දරුණු පරාජයක් අත්වෙන්නේ මෙරට රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහගේ සූක්ෂ්ම වැඩපිළිවෙළ නිසා.

රට ජාතිය වෙනුවෙන් එවැනි සේවයක් කළ රජ කෙනෙක් අප අද විශ්වාස කරන අන්දමේ මීනීමරුවෙක්, බේබද්දෙක්, සල්ලාලයෙක් වෙන්න පුළුවන්ද? එවැනි පැනයක් බොහෝ දෙනකුට නොනැඟුණත් ඒ පිළිබඳ අධ්‍යයනය කරන ඇතැම් ඉතිහාසඥයන් පෙන්වා දෙන්නෙ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පිළිබඳ වර්තමානයේ පවා කතාබහ වෙන බොහෝ දේ සාවද්‍ය හා අතිශයෝක්තියෙන් යුක්ත ඒවා බව. උඩරට අල්ලාගැනීමට යන ඉංග්‍රීසීන් ලැබූ අන්ත පරාජයත් සමග යුද්ධයකට වඩා වෙනත් ක්‍රමයකින් උඩරට අල්ලා ගැනීමට ඉංග්‍රීසින් කල්පනා කරනවා. මේ කාර්යය පැවරෙන්නෙ බිතාන්‍ය ජාතික ජෝන් ඩොයිලිට. කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ උගත් දැනුමැති පුද්ගලයෙක් වන ඔහුට පැවරෙන්නෙ උඩරට රාජ්‍ය දුර්වල කොට දියකර හැරීම. උඩරට රදළ නායකයන් රජුට මනාපයක් නොදැක්වුවත් සාමාන්‍ය ජනයා තුළ රජු කෙරෙහි භක්තියක් තිබූ බව සඳහන් වෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පිළිබඳ ජනතාවගේ සිත් තුළ අප්‍රසන්න හැඟීමක් ඇතිකිරීම මගින් ජනතාවට රජු එපා කරවා රාජ්‍ය බිඳ දැමීම සැලසුම් වෙන්නේ ඒ අරමුණෙන්.

අද ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැන කියැවෙන අප්‍රසන්න කතන්දර බොහොමයක් ඒ සැලසුමේ නිර්මාණ බව මේ පිළිබඳ අධ්‍යනය කළ උගතුන් කිහිප දෙනෙක්ම පෙන්වාදී තිබෙනවා. මේ කුමන්ත්‍රණය සාර්ථක වීමට රජකමට ලෝභකම් කළ උඩරට රාජ්‍යයේ මහ අධිකාරම් (අගමැති) තනතුර හෙබවූ පිළිමතලව්වේ හා ඇහැළේපොළ අධිකාරමගේ පාවාදීම්ද හේතුවූ බව සඳහන් වෙනවා. වර්තමානයේ බොහෝ අය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හඳුන්වන්නෙ දෙමළ රජ කෙනෙක් විදියට. නමුත් ඔහු නායක්කාර් පරපුරකින් පැවැත එන්නෙක්. නායක්කාර් වංශිකයන් හට උතුරු ඉන්දියානු සම්භවයක් පවතින අතර ඔවුන් වඩුග නමින්ද හැඳින්වෙනවා. මේ දෙමළ විරෝධයත් රජු මෙරට ජනතාවගෙන් ඈත් කිරීමේ උත්සාහයක් බව ඉතිහාසඥයන් පෙන්වා දෙනවා. ශ්‍රී වික්‍රම රජු වඩුග රජ කෙනෙක් වුවත් ඔහු මෙරට ඉපදී පන්සල ඇසුරේ අධ්‍යාපනය ලැබූ අයෙක්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිමතලව්වේ රජ බිසව හා පැවති සම්බන්ධයකින් ලැබූ දරුවකු බවත් ඇතැම් මුලාශ්‍රයන්හි දක්වා තිබෙනවා.

රාජාධි රාජසිංහ රජුගෙන් පසුව රාජ්‍යත්වය සඳහා උරුමය තිබුණු මුත්තුසාමි වෙනුවට වයස අවුරුදු 18 තරම් ළාබාල තරුණ වයසේ සිටි රජකම ගැන කිසිම පුහුණුවක් නොලබපු කන්නසාමි කුමාරයා ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ කිරීම සඳහා මුල් වන්නේත් පිළිමතලව්වේ මහාධිකාරම. ඊට හේතු වන්නෙ රජතුමා තමාට අවශ්‍ය විදියට පාලනයටත්, අවසානයේ රජකම තමාට ලබාගත හැකිවේ යැයි ඔහු විශ්වාස කළ නිසා. මුල් කාලයේ රජු පිළිමතලව්වේට අවශ්‍ය ලෙස කටයුතු කළත් පසුව ඔහුගෙන් ඈත්වීම නිසා රාජ්‍යත්වය ලබාගැනීම සඳහා පිළිමතලව්වේ මහාධිකාරම ඉංග්‍රීසීන්ගේ සහාය අපේක්ෂා කරනවා. මේ නිසා ඉංග්‍රීසීන්ට උඩරට රාජ්‍ය තුළ අවුල් වියවුල් ඇතිකිරීමට අවස්ථාව ලැබෙන අතරම රජු කෙරහි වැරදි සිතුවමක් ජනතාව අතර ඇති කිරීමටත් හැකි වෙනවා. ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණය සාධාරණීකරණය කිරීම සඳහා යොදා ගන්නෙත් ඔවුන්ම සූක්ෂ්ම ලෙස ව්‍යාප්ත කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කෲර, සල්ලාල, බේබදු රජෙක්ය යන මතය සහ ඇහැළේපොළ පවුලට රජු ලබා දුන් බව ප්‍රකාශ වූ අතිශය කෲර දඬුවම.
අදටත් මද්දුම බණ්ඩාර කතාව වීරත්වයෙන් ඇදහුවත් සත්‍ය එයට වඩා බොහෝ වෙනස් බව පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා. මේ පිළිබඳ කරුණු සොයා බැලූ මහාචාර්ය ගණනාථ ඔබේසේකර මහතා “The Doomed King – A requiem for Sri Vikrama Rajasinha ” යනුවෙන් පර්යේෂණාත්මක ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. මේ කෘතිය මගින් ගණනාථ ඔබේසේකර මහතා සාධක සහිතව පෙන්වා දෙන්නේ මද්දුම බණඩාර කතාන්දරය සත්‍යයෙන් බොහෝ ඈත තිබෙන්නක් බව. ඔහු පෙන්වා දෙන පරිදි ඇහැළේපොළ පවුලට සිදුවූ බව කියන කෲර ක්‍රියාකාරකම් බොහොමයක් එම යුගයේ බටහිර රටවල සිදුවුණු සිදුවීම් ඇසුරින් නිර්මාණය කරන ලද කතන්දර බව. දරුවන් වනේ ලා කෙටීම වැනි කෲර ක්‍රියාවන් ලන්දේසි සමයේ සිදුවූ නිසා එවැනි සිදුවීම් බටහිර ජාතීන්ට ආගන්තුක සිදුවීම් නොවෙයි. විශේෂයෙන්ම මේ පිළිබඳ පැහැදිලි මූලාශ්‍ර නොමැති වීමත් එක් එක් අය පැවසූ දේ අනුව ලියැවුණු ලේඛන අනුව මෙම කතාව තහවුරු කිරීමත් සිදුවී තිබෙනවා. රජුට විරුද්ධව උඩරට ප්‍රධානීන් ලියූ ලේඛනවල පවා මෙවැනි සිදුවීමක් පිළිබඳ සඳහන් නොවන අතර ඇහැළේපොළ මහාධිකාරමගේ ලේඛනවල පවා මේ සිදුවීම ගැන සඳහන් නොවීම විශේෂත්වයක්. දරුවන් දෙදෙනකු කෲර ලෙස ඝාතනය කරද්දි අත දරුවාට කිරි දෙන මවක්, රජු සහ පිරිසක් ඉදිරියේ ප්‍රසිද්ධියේ කිරි දෙන උඩරට කුමාරිහාමි කෙනෙක්, ගෙල සිඳි පසු ලේ ගමග කිරි වැගිරීම වැනි සිදුවීම් සාහිත්‍ය ලෝකයේ මිස සෑබෑ ලෝකයේ සිදුවිය නොහැකි සිදුවීම් බව දක්වන ඔබේසේකර මහතා පෙන්වා දෙන්නේ ප්‍රසිද්ධියේ දඬුවම් කිරීම යුරෝපයේ ක්‍රමය මිස උඩරට නීතියට අදාළ කරුණක් නොවන බව. එමෙන්ම මේ පිළිබඳ ඇති වාර්තාවන්හි දැක්වෙන්නේ මේ ඝාතන රජු සහ රැස්ව සිටි ජනයා නැරඹූ බවය. නමුත් එලෙස නැරඹීම බිතාන්‍යයන්ට මිස සිංහලයන්ට හුරු පුරුදු දෙයක් නොවන බවද ඔබේසේකර මහතා පෙන්වා දෙනවා. මේ ඝාතන සිදුකළා යැයි පැවසෙන ස්ථානයන් පිළිබඳ පවතින්නෙත් පිළිගැනීමට අපහසු මට්ටමේ තොරතුරු. නාථ හා විශ්ණු දේවාලය අතර පිහිටි රැජින මාලිගය ඉදිරිපිට දඬුවම් කළ බව දැක්වෙතත් තමා විසින්ම අතිශය සුන්දර ලෙස ඉදිකළ දළදා මාලිගාව හා ඒවට සුන්දර භූමියක් මරණීය දණ්ඩනයට යොදාගත්තා යැයි පිළිගැනීම අපහසුයි. බෝගම්බර වැවෙහි ගිල්වා මැරුවේ යැයි සඳහන් වුවත් එවැනි සුන්දර ස්ථානයක් මරණීය දණ්ඩනය වෙනුවෙන් යොදාගත් බවට හිතීමට හෝ සාධකයක් නෑ. මෙවැනි කරුණු මෙන්ම ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පිළිබඳ අප්‍රකට කරුණු රැසක් මේ ග්‍රන්ථය මගින් ගණනාථ ඔබේසේකර මහතා සාධක සහිතව පෙන්වා දෙනවා.

අපි රන් අකුරෙන් ලියැවුණා කියලා හිතුවත් අපේ ඉතිහාසයෙ සමහර තැන් සැබැවින්ම ලියවිලා තියෙන්නෙ කළු අකුරින්. ඉතිහාසය කියන්නෙ කොහොමත් කතන්දර නිසා තමන් කැමැති ආකාරයට විග්‍රහ කරන්න හැමෝටම අයිතිය තියෙනවා. කාලාන්තරයක් තිස්සේ දුෂ්ටයො ලෙස තීරණය කරන් හිටපු අය ගැන වෙනස් විදියෙ කතාවක් එක පාරට පිළිගන්න අමාරුයි. නමුත් ඒ හැම දෙයක් දිහාම මධ්‍යස්ථව බලන්න හැකි නම් ඒක වටිනවා. මොකද ඉතිහාසය නැවත නැවත සිදුවෙනවා. ඒ නිසා එක තැනකින් ඉගෙන ගත්ත පාඩමක් තව තැනකදි භාවිත කරන්න පුළුවන්. මද්දුම බණ්ඩාර සැබෑ වීරයෙක්. ඒකෙ විවාදයක් නෑ. හැබැයි ශ්‍රී වික්‍රම රාජසිංහ දුෂ්ටයෙක් නෙමෙයි කියලත් ටිකක් හිතන්න, ඒ ගැන හොයාලා බලන්න උත්සාහ කරන්න. එවිට ඉතිහාසය නැවත නැවත සිදුවෙද්දි ඒ පාඩම සැබැවින්ම රන් අකුරින් ලියන්න අපට හැකිවෙයි.

අසිරු වේදිත කරුණාරත්න

SendShareShare
Previous Post

නවසීලන්තය – ඕස්ටේ්‍රලියාව – ප්‍රංශය ජයග්‍රහණ වාර්තා කරති

Next Post

25 වැනිදා කුජ මාරුවක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.