ලෝක කුසලාන රග්බි ශුරතාවලියේ අද දින පැවති තරගවලින් පලමු තරගය වූ ඔස්ට්‍රේලියාව හා ෆිජි අතර පැවති තරගයෙන් ඔස්ට්‍රේලියානු පිල ලකුණු 39 -21 ලෙස පහසු ජයක් වාර්තා කරන ලදී.
දෙවන තරගය වූ ප්‍රංශය හා ආර්ජන්ටිනා අතර තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් අතර අවසානයේ එම තරගය අවසන් වුයේ ප්‍රංශය 23 -21 ලෙස ජය ලබමිනි.
පසුව පැවැත්වුයේ සියලු දෙනා බලාපොරොත්තුව සිටි පසුගිය වාර දෙකේම ශුර්තාවයන් දින සිටින නවසිලන්ත පිල හා මෙයට පෙර දෙවරක් ලෝක කිරුල හිමිකරගත් දකුණු අප්‍රිකාව අතර පැවති තරගයයි.
මෙම තරගය නැරඹීමට විශාල ජනතාවක් ක්‍රීඩාංගණයට එක්රොක් වී සිටි අතර පැමිණ සිටි නරඹන්නන්ට ඉතාමත් තියුණු තරගයක් නැරඹීමට හැකිවූ අතර දොරටේම ක්‍රීඩකයින් දැඩි සටන්කමිත්වයකින් ක්‍රීඩා කල අතර තරගය වරින් වර දෝලනය වෙමින් පැවතිමෙන් තරගය අවසන් වුයේ ලකුණු 23 -13 ලෙස නවසිලන්ත ඕල් බ්ලැක්ස් පිලට ජයග්‍රහණය ලබා දෙමිනි.
ජෝසප් ඩයස් (Joseph Dias )