• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මවාපෑම්වලට චීනයෙන් උත්තර ඕනෑ

March 16, 2021
in News, Politics
Reading Time: 4 mins read
A A
මවාපෑම්වලට චීනයෙන් උත්තර ඕනෑ
Share on WhatsAppShare on Facebook

චීනය මවා පාන හමුදා සහ ආරක්‍ෂක අභියෝගාත්මක ක්‍රියාකාරකම් භාරගත හැකි බව තහවුරු කිරීමට මිත්‍රශීලී සියලුම රටවල් එකමුතුව කටයුතු කළ යුතු බව නිරීක්‍ෂකයන්ගේ මතය බව ඇමරිකානු විදේශ ප්‍රතිපත්ති කවුන්සලයේ ජ්‍යේෂ්ඨයකු වන ලැරී වොට්සල් ප්‍රකාශ කළ බව දකුණු චීනයේ මෝනිං පෝස්ට් පුවත් පත උපුටා දක්වා තිබේ.

ආඥාදායකත්වය අරමුණු කර චීනය වෙනත් රටවල් (විදේශ) කෙරෙහි කුමන්ත්‍රණකාරීව ක්‍රියාත්මක කරන කටයුතුම චීනයට පිළිතුරු දීම සඳහා සැලසුම් සකස්කෙරෙන යාන්ත්‍රණයට උත්ප්‍රේරකයක් වශයෙන් ගත යුතු බව තවත් නිරීක්‍ෂකයකු පවසා ඇත.

චීන හමුදා සහ ආරක්‍ෂක අංශ ඒක පුද්ගල ධන සොරකම් සහ චරපුරුෂ සේවාවලින් ලද තාක්‍ෂණය වැනි දේට මින් පසු වැට බැඳෙන බවද ඔහු පැවසීය.

ඇමරිකානු තාක්‍ෂණය චීනයේ සන්නද්ධත්වය හෝ මානව අයිතිවාසිකම් අපයෝජනය කිරීම් හෝ බලගැන්වීමක් නොවන්නක් බව සහතික කෙරෙන වඩා හොඳ ආරක්‍ෂක යාන්ත්‍රණයකට නව පරිපාලනය පිවිසෙන බව රාජ්‍ය දෙපාර්තම්න්තුව කියයි.

චීනයේ අධිවේගී සංවර්ධනය සහ මෙහෙයුම් එක්සත් ජනපදයට මෙන්ම ඒ හා බැඳුණු මිත්‍රශීලී රටවලටද දීර්ඝකාලීන ආරක්‍ෂක තර්ජනයක් බව රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක වෝර්ට්සල් ප්‍රකාශ කෙළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමයේ චීනයට කෙරුණු ඇතැම් අපනයන මෙන්ම හමුදා පුහුණු සීමා පැනවීම් ඉවත් නො කෙරෙන බවද කියයි.

චීනය යුදමය වියදම් ඉහළ දමමින්ද ඒ හා සමානවම විදා්‍යාත්මක වියදම් වැඩිකරමින් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති පිළිබඳව වොෂින්ටනයේ පමණක් නොව ජපානයේ, දකුණු කොරියාවේ, ඕස්ටේ්‍රලියාවේ ඉන්දු පැසිෆික් කලාපයේ වෙනත් රටවල ප්‍රතිපත්ති සකසන්නන් :චදකසහප්නැරි* පවා දැඩි අවධානයක් යොමු කළ යුතු යැයි ටෆ්ට්ස් සරසවියේ නීතිය සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ ෆ්ලෙචර් අංශයේ මහාචාර්ය රොක්ෆෝඩ් වෙයිට්ස් ප්‍රකාශ කර ඇතැයි දකුණු චීනයේ මෝනිං පෝස්ට් පුවත් පත සඳහන් කරයි.

එක්සත් ජනපදය සහ ඊට සමගාමී මිත්‍රශීලී ඉන්දු පැසිෆික් කලාපීය රටවල් මෙම ආයොජන සම්බන්ධව ඉදිර පියවර ගත යුතු බව ද වැඩිදුරටත් සඳහන් වේ.

චීනය සන්නද්ධ සහ ආරක්‍ෂක අංශවලට කෙරෙන මූල්‍ය වියදම් ඉහළ නැංවීමට පිළිතුරු වශයෙන් ඇමරිකාවද එසේ කළ යුතු බව ඇමරිකාවේ සන්නද්ධ සේවා කමිටුවේ ඉහළ පෙළේ සාමාජිකයෙකුගේ ප්‍රකාශයක් දකුණු චීන මෝනිං පෝස්ට් පුවත් පත උපුටා දක්වා ඇත.

පෙන්ටගනය විසින් දෙදහස් එකොළහේ (2011) සිට සන්නද්ධ සහ ආරක්‍ෂක අංශවලට කෙරෙන මූල්‍ය වියදම් ඇමරිකානු ඩොලර් බිලියන හාර සියයක් (400) අඩු කරනු ලැබ ඇතැයි පවසන ඔක්ලහෝමාවේ සෙනෙට් සභික ජිම් ඉන්හෝෆ් චීන හමුදා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙසීයයකට (200) වැඩියෙන් වෙන්කර ඇතැයිද පවසා තිබේ.

“චීනයේ ඒ අන්දමේ තිරසාර ආයෝජන හේතුවෙන් එරට මූලික තාක්‍ෂණ කටයුතු අපට වඩා පෙරට යාමේ දී දැවැන්ත පිම්මකට හේතුවක් වී තියෙනවා, ඇමරිකාවට චීනය සමට කරට කර සිටීමේ අවශ්‍යතාවක් ඇත්නම්, කළ යුතුව ඇත්තේ අපට හිතැති රටවල් වගේම පාර්ශවකාර රටවල් සමග සමගි සංධාන ගතවීමම පමණක් නො වෙයි. අපේම කියන දේවලටත් නියම අන්දමින් ආයෝජනය කර නවෝත්පාදන සඳහා දිරිමත් කිරීමයි. එමගින් යැවෙන පණිවිඩය අපට එරෙහිව නැගෙන බලවේග යටපත් කිරීමට උපකාර වෙනවා”

චීනය පසු ගිය ජනවාරියේදී තම රටේ වෙරළාක්‍ෂාව බලගැන්වෙන නීති දැඩි කිරීමේ පනතක් සම්මත කළා. තම සාගර කලාපයට ඇතුළුවන යාත්‍රාවලට හෝ ඉදිකෙරෙන හෝ ස්ථානගත කෙරෙන හෝ අවශ්‍යයැයි හැඟෙන ඕනෑම දේකට පහරදී විනාශකිරීමේ අවසරය එම පනතින් චීනය අදාළ අංශවලට සපයාදී තියෙනවා. එසේම අණ දෙන අංශයේ අභිමතය පරිදි පූර්ව දනුම්දීමකින් තොරව එ සේ පහර එල්ල කළ හැකි යැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු සඳහන් කර ඇති බව දකුණු චීන මෝනිං පෝස්ට් පුවත් පත සඳහන් කරයි.

චීනය මේ අන්දමින්ම ගතවූ මාස කීපය තුළ උතුරු සහ දක්‍ෂිණ චීන සාගර කලාපයේ ක්‍රියාකාරකම් වර්ධනය කර ගෙන තියෙනවා.

මෙසේ කෙරී ඇත්තේ චීන සහ එක්සත් ජනපද ආතතිය එන්න එන්නම වර්ධනය වන බැවිනි.

පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මුළු යුරෝපයම ලංකාවට එරෙහි වෙයි: ජිනීවා යෝජනාවට අස්සන් තියයි

Next Post

දරුවා පරිවාසයට යවනවාද? මව්පියන් යටතේ තියාගන්නවාද?

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.