මෙවර ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කොට ඇති ශ්‍රී ලංකාවට එරෙහි යෝජනවාට සම අනුග්‍රාහකයන් හෝ අතිරේක සම අනුග්‍රාහකයන් ලෙස යුරෝපයේ රටවල් 40කට ආසන්න ප්‍රමාණයක් අස්සන් කොට ඇති බව අනාවරණය වේ.
ඒ අනුව සමස්ත යුරෝපා රටවල් ප්‍රමාණය වූ 44න් 40ක් පමණ වූ රටවල් ඊට අස්සන් තබා තිබීම විශේෂ සිදුවීමකි.
මෙම රටවල් 40න් රටවල් 12කට මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද අයිතිය හිමිව ඇත.
මෙම යෝජනාව මාර්තු 22 වන දින සැසිවාරයේදී ඡන්ද විමසීමක් සඳහා ඉදිරිපත් කෙරේ.
ශ්‍රී ලංකාව මේ වන විටත් යෝජනාව සහ එහි අන්තර්ගතය ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේවෙතත් ලංකාවට සහාය දක්වන රටවල් අතර චීනය, පකිස්ථානය, රුසියාව, කියුබාව, පිලිපීනය සහ වෙනිසියුලාව අයත් වේ.