චීනය මවා පාන හමුදා සහ ආරක්‍ෂක අභියෝගාත්මක ක්‍රියාකාරකම් භාරගත හැකි බව තහවුරු කිරීමට මිත්‍රශීලී සියලුම රටවල් එකමුතුව කටයුතු කළ යුතු බව නිරීක්‍ෂකයන්ගේ මතය බව ඇමරිකානු විදේශ ප්‍රතිපත්ති කවුන්සලයේ ජ්‍යේෂ්ඨයකු වන ලැරී වොට්සල් ප්‍රකාශ කළ බව දකුණු චීනයේ මෝනිං පෝස්ට් පුවත් පත උපුටා දක්වා තිබේ.
ආඥාදායකත්වය අරමුණු කර චීනය වෙනත් රටවල් (විදේශ) කෙරෙහි කුමන්ත්‍රණකාරීව ක්‍රියාත්මක කරන කටයුතුම චීනයට පිළිතුරු දීම සඳහා සැලසුම් සකස්කෙරෙන යාන්ත්‍රණයට උත්ප්‍රේරකයක් වශයෙන් ගත යුතු බව තවත් නිරීක්‍ෂකයකු පවසා ඇත.
චීන හමුදා සහ ආරක්‍ෂක අංශ ඒක පුද්ගල ධන සොරකම් සහ චරපුරුෂ සේවාවලින් ලද තාක්‍ෂණය වැනි දේට මින් පසු වැට බැඳෙන බවද ඔහු පැවසීය.
ඇමරිකානු තාක්‍ෂණය චීනයේ සන්නද්ධත්වය හෝ මානව අයිතිවාසිකම් අපයෝජනය කිරීම් හෝ බලගැන්වීමක් නොවන්නක් බව සහතික කෙරෙන වඩා හොඳ ආරක්‍ෂක යාන්ත්‍රණයකට නව පරිපාලනය පිවිසෙන බව රාජ්‍ය දෙපාර්තම්න්තුව කියයි.
චීනයේ අධිවේගී සංවර්ධනය සහ මෙහෙයුම් එක්සත් ජනපදයට මෙන්ම ඒ හා බැඳුණු මිත්‍රශීලී රටවලටද දීර්ඝකාලීන ආරක්‍ෂක තර්ජනයක් බව රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක වෝර්ට්සල් ප්‍රකාශ කෙළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමයේ චීනයට කෙරුණු ඇතැම් අපනයන මෙන්ම හමුදා පුහුණු සීමා පැනවීම් ඉවත් නො කෙරෙන බවද කියයි.
චීනය යුදමය වියදම් ඉහළ දමමින්ද ඒ හා සමානවම විදා්‍යාත්මක වියදම් වැඩිකරමින් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති පිළිබඳව වොෂින්ටනයේ පමණක් නොව ජපානයේ, දකුණු කොරියාවේ, ඕස්ටේ්‍රලියාවේ ඉන්දු පැසිෆික් කලාපයේ වෙනත් රටවල ප්‍රතිපත්ති සකසන්නන් :චදකසහප්නැරි* පවා දැඩි අවධානයක් යොමු කළ යුතු යැයි ටෆ්ට්ස් සරසවියේ නීතිය සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ ෆ්ලෙචර් අංශයේ මහාචාර්ය රොක්ෆෝඩ් වෙයිට්ස් ප්‍රකාශ කර ඇතැයි දකුණු චීනයේ මෝනිං පෝස්ට් පුවත් පත සඳහන් කරයි.
එක්සත් ජනපදය සහ ඊට සමගාමී මිත්‍රශීලී ඉන්දු පැසිෆික් කලාපීය රටවල් මෙම ආයොජන සම්බන්ධව ඉදිර පියවර ගත යුතු බව ද වැඩිදුරටත් සඳහන් වේ.
චීනය සන්නද්ධ සහ ආරක්‍ෂක අංශවලට කෙරෙන මූල්‍ය වියදම් ඉහළ නැංවීමට පිළිතුරු වශයෙන් ඇමරිකාවද එසේ කළ යුතු බව ඇමරිකාවේ සන්නද්ධ සේවා කමිටුවේ ඉහළ පෙළේ සාමාජිකයෙකුගේ ප්‍රකාශයක් දකුණු චීන මෝනිං පෝස්ට් පුවත් පත උපුටා දක්වා ඇත.
පෙන්ටගනය විසින් දෙදහස් එකොළහේ (2011) සිට සන්නද්ධ සහ ආරක්‍ෂක අංශවලට කෙරෙන මූල්‍ය වියදම් ඇමරිකානු ඩොලර් බිලියන හාර සියයක් (400) අඩු කරනු ලැබ ඇතැයි පවසන ඔක්ලහෝමාවේ සෙනෙට් සභික ජිම් ඉන්හෝෆ් චීන හමුදා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙසීයයකට (200) වැඩියෙන් වෙන්කර ඇතැයිද පවසා තිබේ.
“චීනයේ ඒ අන්දමේ තිරසාර ආයෝජන හේතුවෙන් එරට මූලික තාක්‍ෂණ කටයුතු අපට වඩා පෙරට යාමේ දී දැවැන්ත පිම්මකට හේතුවක් වී තියෙනවා, ඇමරිකාවට චීනය සමට කරට කර සිටීමේ අවශ්‍යතාවක් ඇත්නම්, කළ යුතුව ඇත්තේ අපට හිතැති රටවල් වගේම පාර්ශවකාර රටවල් සමග සමගි සංධාන ගතවීමම පමණක් නො වෙයි. අපේම කියන දේවලටත් නියම අන්දමින් ආයෝජනය කර නවෝත්පාදන සඳහා දිරිමත් කිරීමයි. එමගින් යැවෙන පණිවිඩය අපට එරෙහිව නැගෙන බලවේග යටපත් කිරීමට උපකාර වෙනවා”
චීනය පසු ගිය ජනවාරියේදී තම රටේ වෙරළාක්‍ෂාව බලගැන්වෙන නීති දැඩි කිරීමේ පනතක් සම්මත කළා. තම සාගර කලාපයට ඇතුළුවන යාත්‍රාවලට හෝ ඉදිකෙරෙන හෝ ස්ථානගත කෙරෙන හෝ අවශ්‍යයැයි හැඟෙන ඕනෑම දේකට පහරදී විනාශකිරීමේ අවසරය එම පනතින් චීනය අදාළ අංශවලට සපයාදී තියෙනවා. එසේම අණ දෙන අංශයේ අභිමතය පරිදි පූර්ව දනුම්දීමකින් තොරව එ සේ පහර එල්ල කළ හැකි යැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු සඳහන් කර ඇති බව දකුණු චීන මෝනිං පෝස්ට් පුවත් පත සඳහන් කරයි.
චීනය මේ අන්දමින්ම ගතවූ මාස කීපය තුළ උතුරු සහ දක්‍ෂිණ චීන සාගර කලාපයේ ක්‍රියාකාරකම් වර්ධනය කර ගෙන තියෙනවා.
මෙසේ කෙරී ඇත්තේ චීන සහ එක්සත් ජනපද ආතතිය එන්න එන්නම වර්ධනය වන බැවිනි.
පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ











