• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

දරුවා පරිවාසයට යවනවාද? මව්පියන් යටතේ තියාගන්නවාද?

March 16, 2021
in News, Politics
Reading Time: 4 mins read
A A
දරුවා පරිවාසයට යවනවාද? මව්පියන් යටතේ තියාගන්නවාද?
Share on WhatsAppShare on Facebook

මට හැමදාම තිබුනෙ පෞද්ගලික කැරළි. මම සාමූහික ජනගතවීම්වලට වඩා පෞද්ගලික මැදිහත්වීම් විශ්වාස කරන ගෑනියෙක්. රටක්, ගමක් හෝ වෙන මොනයම්ම දෙයක් හරි හදන්න පටන් ගන්න වෙන්නෙ ගෙදරින්. රට හදන්න කියලා මහ හයියෙන් බෙරිහඬ දෙන ගොඩක් මිනිස්සු අඩු තරමෙ ගෙදර නිදාගත්තු ඇඳ පිළිවෙළට හදලා ඇඳෙන් බහින්නෙ නැති මිනිස්සු හරි ගෑනු කියලා මට හිතෙනවා. නැත්නම් මේ තරම් ස්වභාවික සම්පත් බහුල රටක් මෙච්චරම බංකොලොත් වෙන්නෙ කොහොමද? දේශපාලන තීන්දු තීරණ කයි කතන්දර ඔස්සේ පස්සෙ වෙලාවක පන්නමු.

තමන්ගෙන් ගෙදරට වෙන්නෙ තියෙන යුතුකම කරන්න නීතියෙන් බැඳිලා ඉන්නවා කියලා හැඟීමක් තියෙන ගෑනුන්ට, මිනිස්සුන්ට මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා යුතුකමට වග වෙන්න පටන් ගමු කියලා. ඒකෙ තේරුම බොහොම සරල දෙයක්.

තමන්ගෙ කුණු පාරෙ දාන්නෙ නැති එකෙන් පටන් ගත්තොත් මේක අවබෝධ කරගන්න හරි ලේසියි. අපිට අනුන් කියනකල් ඉන්නෙ නැතිව අපිම පටන් ගත්තොත් අපෙන් අපිටම වෙන එක අඩුපාඩුවක් හදාගන්න. ඉන් අනතුරුව හැදෙන්නේ තමන් විතරක් නෙවෙයි රටම තමයි.

ඒකට නීතියක් ඕනෙ නෑ. මං විශ්වාස කරන්නේ ඒකට විනයක් තිබුණම හොඳටම ඇති කියලයි. ඉකුත් දවසක මට අහන්න ලැබුනා, ලංකාවෙ අවුරුදු 18ට අඩු දරු දැරියො පහළොස් දාහකට ආසන්න ප්‍රමාණයක් පරිවාස බාරයේ ඉන්නවා කියලා. දරුවෙක් ඉන්න ඕනෙම අම්මා කෙනෙකුට සිහි නැතිවෙන ආරංචියක් ඒක.

මාර්තු 8 මව්රට පත්තරේට ලියපු, මිනී මරන්නෙ නැතිව පත්තර රස්සාව කරමුද ලිපියට ලැබුණු ප්‍රතිචාර වෙනුවෙන් පාඨක ඔබට අපමණ ස්තූතියි.

මේ ලිපිය සංඛ්‍යා දත්ත විශ්ලේෂණයක් නෙවෙයි. පරිවාස බාරයට මගෙ දරුවා පත්වීම වැළැක්වීමට මට කරන්න පුළුවන් මොනවාද වාගෙ පුද්ගල මැදිහත්වීමක් වෙනුවෙනුයි ලියන්න හිතුවෙ.

මොකද පරිවාස බාරයේ ඉන්න කිසිම දරුවෙක් ඕපපාතික දරුවො නෙවෙයි. කොහෙහරි ඒ දරුවො ජාතක කරපු, හදපු, හදාගන්න බැරිවුණු, දෙමාපියන් හැටියට යුතුකම ඉටු කරන්න බැරි වුණු මනුස්සයො දෙන්නෙක් ඉන්නවා. ඒ දෙමව්පියන්ට කරන්න බැරිවුණු යුතුකම මේ රටේ කාටහරි කරන්න පුළුවන් වුණොත් ස්ටීව් ජොබ්ස්ලා දස දහස් ගණනක් බිහිවෙයි. ඇපල් පරිඝනක විප්ලවය කරපු ස්ටීව් ජොබ්ස් කියන්නෙත් තමන්ගෙ අම්මට අනවශ්‍ය දරුවෙක්. හැබැයි “ජොබ්ස්” පවුල ඒ දරුවා අහක දැම්මෙ නැති නිසා ලෝකෙ කොච්චර වෙනස් වුනාද? කිසිම කෙනෙක්, කිසිම හැඟීමක් සුළුකොට තකන්න කිසිම නීතියකට බෑ. ජීවිතය හැම තිස්සේම නීතියට හෝ වෙනයම් මොනම දේකටත් වඩා දැවැන්තයි.

පරිවාස හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ කාර්‍යභාරය පවා ප්‍රශ්න නොකරන ආස්ථානයක මම ඉන්නෙ. අපි අමාත්‍යාංශ හෝ ඇමතිවරු වෙන්න කලින් මනුස්සයො වෙලා බලමුද කියලා අහන්නයි මට ඕනෙ. ලාංකීය කාන්තාවගේ අභිවෘද්ධියට වනිතා කටයුතු අමාත්‍යාංශය ගත්තු තීන්දු තීරණ මොනවාද කියලා අහලා වැඩක් නැති බව මම දන්නවා. රාජකාරි කරන කාන්තාවක් දරු ප්‍රසූතියකට පස්සෙ නිවාඩු ගන්න විදිය, කිරි පැයක් ලබාදීම වාගෙ කටයුතු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ කාර්‍යභාරය යටතේ වුණත් කළහැකි දේවල්. පවුලේ ආර්ථිකය නගා සිටුවීම උදෙසා රැකියාවක් නොකර බැරි අම්මලා වෙනුවෙන් ගතයුතු ප්‍රධාන ක්‍රියාමාර්ගය වෙන්නෙ, අම්මෙකුට තමන්ගෙ දරුවො එක්ක, සැමියා එක්ක ඉන්න අතරෙම හම්බ කරන්න මගක් පාදා දීමයි.

තවත් සරලව කියනවා නම්,
පිටරටකට ගිහින් අනුන්ගෙ කුස්සියක දාසියක් වෙලා හම්බ කරන කාන්තාවකට තමන්ගෙ දරුවො එක්ක තමන්ගෙ ගෙදර ඉන්න ගමන් ටිකක් වැඩිපුර උයලා බත් පාර්සල් දහයක්, විස්සක් හදපුවම ඒක අළෙවි කරගන්න ස්ථිර මගක් හදන්න මැදිහත් වුනොත්, අනුන්ගේ රටක, ගෙදරක නැනී කෙනෙක් වෙනවට වඩා තමන්ගෙ රටේ, තමන්ගෙ ගෙදර ඩේ කෙයාර් එකක් කරන්න පහසුකම් ටික සපයලා නියාමනය කෙරුවොත් වාගෙ දේවල්වලින් මේ මැදිහත්වීම් පටන් ගන්න අමාත්‍යාංශයට බැරි ඇයි. මං මේ කතා කරමින් යන්නෙ, අපි රටක් වශයෙන් ලොකු දේවල් ගැන හිතද්දි, පවුලක් හැටියට මග හැරෙන පොඩි දේවල් හින්දා පවුල් ඒකකයක් විනාශවෙන හැටි අපිට මගඇරන විදිය හිතාගන්න බැරි තරම් සංකීර්ණ නිසයි.

අනික ලංකාවෙ නෙවෙයි ලෝකෙ කිසිම තැනක ස්ත්‍රී විමුක්තිය කියලා අමුතු දෙයක් නෑ. ඒක මොන නමින් හැඳින්නුවත් අන්තිමට ඒ ආර්ථික නිදහස තමයි. ගෙයක්, වාහනයක්, ආදායම් මාර්ගයක් තියෙන ගෑනියෙක් වුණත් පිරිමියෙක් වුණත් මනසින් උසස් විදියට හිතන්න පෙළඹෙනවා. අනුන්ගේ රෙද්ද පල්ලෙන් වැගිරෙන කුණු ලෙව කන්න බලාගෙන ඉන්නෙ නැතිව තමන්ගෙ හතරමායිමේ සතුටින් ජීවත් වෙන හැටි ඒ මිනිස්සු අත්දකිනවා. එහෙව් සමාජයක් හීනයක් වෙන්නෙ සමාජය හදන්න හිතන මිනිස්සුන්ට කියලයි මට හිතෙන්නෙ. තම තමන් සුඛිත මුදිත වීමේ ජාතික වැඩපිළිවෙළක් විතරයි ආණ්ඩුවෙ මැදිහත්වීමෙන් දෙන්න ඕනෙ. රටේ මිනිස්සු අතේ සල්ලි තියෙනවා නම් විතරයි ඒ රටේ සෞඛ්‍ය සම්පන්න වෙළෙඳපොළක් පවතින්නෙ. ආර්ථික නිදහස තමයි ගෑනු, පිරිමි කවුරුත් නීතියට එපිටින් වගකීමෙන් බැඳෙන සාධකය. සුද්දා බලෙන් පවරපු කසාදය කරේ ගහගෙන දවසකට දික්කසාද වැඩිම රට හැටියට හංවඩු ගැහෙන එක ඇරුනම දරුවො පත්වෙන පීඩාවට වගකියන කවුරුත් මේ සමාජයෙ ඉන්නවද? රටක ජීවත් වෙන මනුස්සයින්ට අවශ්‍ය වෙලාවක පිළිසරණ විය හැකි නීති සම්පාදනය කිරීම පාලකයන්ගෙ වගකීමක් හැටියටයි මං සලකන්නෙ. මේ රටේ ගණිකා වෘත්තිය නීතිගත නොවුනා කියලා “ලිංගික සේවා” සැපයීම් හෝ ලබාගැනීම් අහෝසි වෙලා නෑ නේද?

එවැනි සංකීර්ණ සමාජ සංකල්ප නීතියේ ආධිපත්‍යයෙන් බැඳ තැබීමෙන් වෙන්නෙ හොරෙන් නටපු වෙස් එළිපිට ගලවන්න වෙන මොහොතක තුන්වෙනි පාර්ශවයක් අන්ත අසරණ වීමයි. බොහෝවිට ඒ අකාරුණික තත්ත්වයට මූණ දෙන්නෙ දරුවො. මාස කීපයකට කලින් ජපන් ජාතික ළබාල තරුණියක් ලාංකීය පෙම්වතා නිසා ගැබ් ගැනීමට අදාළව නීතියේ හැසිරීම සාධාරණ නොවුණු බවයි මගේ හැඟීම.

ඒ ළාබාල තරුණියගෙ වැඩිමහල් පෙම්වතා ඇයටත් දරුවටත් රැකවරණය දෙන්න සූදානම්ව සිටියදී නීතියට අනුව ඒ තරුණිය පරිවාසගත කිරීමෙන් සාක්ශාත් වෙන යහපත කුමක්ද? එවැනි සුවිශේෂ කරුණු සැලකීමට ගෙන සාධාරණ විය හැකි නීතියක අවශ්‍යතාවත් දියුණුවෙන සමාජයකට අත්‍යවශ්‍ය කාරණයක්. විවිධ හේතු නිසා පරිවාසගත වූ දරුවන්, පරිවාස බාරයේදී නැවත, නැවත සහ නැවතත් අපයෝජනයට ලක්වීම අතිශය සුලබයි. කබලෙන් ළිපට වැටුණු මානසික තත්ත්වය තේරුම් ගන්න බැරි සමාජයක් තුළ ඔවුන් නැවතත් ස්ථානගත වෙන්නෙ අතිශය කනගාටුදායක ඉරණමකයි.
ඊට උදාහරණ ඕනෑ තරම් අත්දකින්න ඇති සමාජයක් ඉන් මුදවා ගැනීමට ඉදිරි කටයුතු අමාත්‍යාංශ මට්ටමින් තබා පුද්ගල මැදිහත්වීම් තුළින් හෝ කරන්න අපි සූදානම්ද? රජයක් හැටියට ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් වීදි දරුවන් බිහිවීමේ මූලාශ්‍රයට පිළියම් යෙදීමේ මූලිකම කටයුත්තයි. කුඩු, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ හෝ වෙනයම් මොනම ආකාරයක පීඩනයක් හෝ වැළැක්වීමට මූලාශ්‍රයට පිළියම් යෙදිය යුතුය. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළා කියා එකී අපරාධය සිදුකිරීමට හේතුවූ මූලය මුලිනුපුටා දැමීමට හැකි වෙන්නේ නෑ.

මිනී මරා බේරීමට නොහැකි බවට වූ බිය සමාජගත කිරීමෙන් සමාජය යහපත් කිරීම හිතන තරම් පහසු යැයි නොවැටහේ. සාක්ශාත් කරගත යුත්තේ, පොදු මිනිස් හැඟීම්වලට ගරු කරමින් අනෙකාගේ ජීවත් වීමේ අයිතිවාසිකම්වලට අදාළව තමන්ගෙ ජීවිතය පෙළගසා ගැනීමට සුදුසු පවුල් වටපිටාවක් හා සමාජ වටපිටාවක් ස්ථාපිත කිරීමට මැදිහත්වීමයි. පරිවාස බාරයේ සිටින දරුවන්ගේ පවුල් පසුබිම අධ්‍යනය කිරීමෙන් වගකිවයුතු පරිපාලන ව්‍යුහය කළමනාකරණය කරගැනීම සංවේදී හදවතක් ඇති ඕනෑම මනුශ්‍යයෙකුට කළ හැකි බව මම තරයේ විශ්වාස කරමි.

පියල් නිශාන්ත ඇමතිතුමනි, අපි විවෘතව සංවාදයකට මුල පුරමු. ඉන් මෙහා ඔබට අවංක සේවයක් කිරීමේ රාජකාරිය විරෝධතාකරුවන්ගේ අණසකට යටව නවතිනවාට වැඩිමනත් දෙයක් නොවේ. එහෙත්, තමන් වගකිවයුතු නොවෙන හැඟීමක් වෙනුවෙන් මෙළොව එළියදුටු කාගෙ හෝ වුණත් දරුවන්ගේ ඛේදවාචකය ඉන් අවසන් නොවෙන බව අවධාරණය කරමි.

කවින්ධ්‍යා ජයසේකර

SendShareShare
Previous Post

මවාපෑම්වලට චීනයෙන් උත්තර ඕනෑ

Next Post

ගමන සුබවාදී නෑ: මාස 2කින් හමුවෙමු: ආණ්ඩුවේ විජයදාස මහා අඩව්වක් ගැන ඉගි කරයි (VIDEO)

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.