• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

එක තැන පල්වෙන්න මම කැමැති නැහැ

March 6, 2021
in Heart
Reading Time: 2 mins read
A A
එක තැන පල්වෙන්න මම කැමැති නැහැ
Share on WhatsAppShare on Facebook

⬤ වැරැදි නම් මම සද්ද නැතුව ඉන්නෙ නැහැ…

⬤ විදේශගත වෙලා හිටියත් මට ආරාධනා ආවා…

ලෝචනා ඉමාෂි ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය කාලෙකින් ටෙලිනාට්‍යවල දැකගන්නට ලැබුණේ නැහැ. ඉතින් කාලෙකට පස්සේ ඔන්න ඇයත් රඟපෑමට ඇවිත්. දිගු නිහැඬියාවකට පසු පුංචි තිරයේ හැඩදාන රුවැත්තිය සමඟ අපි කතා කළා.
🔴 කාලෙකට පස්සේ ඔබව නැවැත ‘සංසාර සිහිනේ’ හරහා දැකගන්නට පුළුවන්?
‘සංසාර සිහිනේ’ ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වෙලා ගොඩාක් කල් වෙනවා. දැන් තමයි විකාශය වෙන්නේ. මම ‘සංසාර සිහිනේ’ රඟපාලා විදේශගත වෙලා හිටියේ. ටෙලිනාට්‍ය දැන් විකාශය වෙන කොට මම ලංකාවේ. කාලෙකට පස්සේ තමයි මම ඉන්න ටෙලිනාට්‍යයක් විකාශය වෙන්නේ.
🔴 ඔබ නිරූපණය කරන ‘අනු’ චරිතය ඔබේ ජීවිතයට සමානයි කියලා කියන කතාව ඇත්තද?
‘අනු’ චරිතය තුළින් මට අමුතුවෙන් එකතු කරගෙන රඟපාන්න දෙයක් තිබුණේ නැහැ. ඔබ කියන කතාවේ ඇත්තක් තිබෙනවා. මොකද මම ආශ්‍රය කරන අයගෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක. මොකද මම ඔය විදියට සරලව සැහැල්ලුවෙන් තමයි ජීවත් වෙන්නේ. වෙලාවකට පොඩි ළමයෙක් වගේ තමයි මම හැසිරෙන්නේ. ඉතින් මම මෙයට කලින් මෙවැනි චරිතයක් රඟපාලා නැති නිසා මට එය වෙනසකුත් දැනුණා. ඉතින් මම ගොඩාක් ආශාවෙන් තමයි ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ.
🔴 කලාව එපා වෙලාද විදේශගත වෙලා හිටියේ?
මගේ පෞද්ගලික හේතූන් කිහිපයක් මත තමයි මම නෙදර්ලන්තයට වෙලා හිටියේ. සමහර අවස්ථාවල කලකිරීම් තිබුණා. නමුත් කලාව කියන දේ මට එපා වීමක් වුණේ නැහැ. කලාවට සම්බන්ධවෙලා වැඩ කරන්නේ හරිම සංවේදී පිරිසක්. ඉතින් එහෙම කෙනෙක්ට කලාවෙන් ඈත්වෙලා ජීවත් වෙන්න අමාරුයි. මම පිටරට හිටියත් මට නිතරම කලාව මතක් වෙනවා. මම ඒ කාලේ ගතකරපු ඒ සුන්දර ජීවිතය ගැන.
🔴 මෙහෙම නිර්මාණවලින් දුරස්වෙලා හිටීමෙන් ඔබේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට කරන්නේ අසාධාරණයක් නෙවෙයිද?
එය මම පිළිගන්නවා. මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන් නිතරම මගෙන් අහනවා ආයේ රඟපාන්න එන්නැද්ද කියලා. ඉතින් ඔවුන්ගේ ඒ ආශාව මම ඉටු කළා. මම රඟපෑමෙන් ඈත්වෙලා හිටියත් මගේ ජනප්‍රියතාවයේ කිසිම අඩුවක් තිබුණේ නැහැ. එදා වගේම ඒ ජනප්‍රියතාවය අදටත් මම රැකගෙන ඉන්නවා.
🔴 ඔබට තිබුණු ජනප්‍රිතාවයත් එක්ක නිර්මාණවලින් අඩුවක් තිබුණේ නැහැනේද?
මම විදේශගත වෙලා හිටියත් මට ආරාධනා ආවා. ඒ අතර සමහරක් නිර්මාණ මම ප්‍රතික්‍ෂේප කළා.
🔴 එහෙම නිර්මාණ ප්‍රතික්‍ෂේප කරන එක අපරාධයක් කියලා හිතුණේ නැද්ද?
මොකද මම කැමැති නැහැ එහෙම ආවට ගියාට රඟපාන්න. මට වගේම මගේ ප්‍රේක්‍ෂකයන්ටත් වෙනසක් දැනෙන්න ඕනෑ. මම කැමැති විවිධ චරිත රඟපාන්න. නිකම් එක තැන පල්වෙලා ඉන්න මම කැමැති නැහැ. එහෙම තෝරාබේරා ගෙන මම වැඩ කරපු නිසා තමයි අදටත් මගේ ජනප්‍රියතාවය එලෙසටම තියෙන්නේ.
🔴 දිගටම දැන් ලංකාවේ රැඳෙන්නද අදහස?
ලෝකයේම තිබෙන මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක දැන්ම විදේශගත වීමට අදහසක් නැහැ. මගේ පුතා, ඒ වගේම මගේ සැමියා ඉන්නේ විදේශගතවෙලා. ඔවුනුත් ලංකාවට ගෙන්නගෙන ටික කාලයක් ඉන්න අදහසක් තිබෙනවා. මේ ඉන්න කාල සීමාව තුළ හොඳ නිර්මාණවලට විතරක් සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවා.
🔴 ඔබේ තිබෙන සුරූපී බවත් එක්ක චරිතයකට ඕනෑම විදියකට මුහුණ දීමට සූදානම්ද?
මම මොන චරිතයක් රඟපෑවත් මගේ චරිතයට හානිවන විදියට සම්බන්ධවෙලා වැඩ කරලත් නැහැ. වැඩ කරන්න කැමැතිත් නැහැ.
🔴 ඔබ කෙළින් කතා කරන ගැහැනියක්. එයින් ඔබටද අවාසි වුණු අවස්ථාද ඇති?
එහෙම වුණු අවස්ථාවන් තියෙනවා. එහෙමයි කියලා වැරැදි තැන්වල මම නිහඬව ඉන්න කැමැති නැහැ. සමහර අවස්ථාවල මගේ හිතවතුන් පවා කියනවා ඔය දේවල්වලට කතා කරන්න ගිහින් තමන්ටම වළ කපාගන්නවා කියලා. එහෙමයි කියලා නිහඬව හිටියොත් එයින් අත්වන ඉරණම කොයි වගේ වෙයිද කියලා කවුද දන්නේ. වැරැද්ද දුටු තැන එය හරිගැස්සීම එදා ඉඳලා මගේ තිබුණු පුරුද්දක්.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ආයෙත් ඒවිද පොදු සමනලයා (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

අපි තාම අලුත්; ලැබෙන දේවල් හරි අඩුයි

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.