• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කටකාරියක් වුණත් මං අහිංසකයි

February 27, 2021
in Heart
Reading Time: 2 mins read
A A
කටකාරියක් වුණත් මං අහිංසකයි
Share on WhatsAppShare on Facebook

⬤ අපි හරියට ඉන්නවා නම් ප්‍රශ්න මුකුත් නෑ…

වෙනස් තේමාවක් හරහා නිර්මාණය වුණු අග්නි පියාපත් ටෙලිනාට්‍ය මේ දවස්වල බොහෝ දෙනාගේ කතාබහට ලක් වෙලා තියෙනවා. ඒ වගේම එහි සරෝජිනී ගැනත් හැමෝම කතා කරනවා. සරෝජිනීට හිමිවෙලා තියෙන ආකර්ෂණය හින්දම අපි ඇයව හොයා ගෙන යන්න හිතුවා. සරෝජිනී විදියට අග්නි පියාපත් එක්ක සම්බන්ධ වෙන චන්දිමා කරුණාදාස අපි එක්ක කතාබහට එකතු වුණේ මෙහෙමයි.
🔴 අපි එහෙනම් අග්නි පියාපත්වලින්ම කතාබහ පටන් ගමු?
මේ දවස්වලත් අග්නි පියාපත් රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා තමයි ඉන්නේ. රටේ පවතින තත්ත්වය එක්ක බොහොම සෞඛ්‍යාරක්ෂිතව අපි ඒ කටයුතු කර ගෙන යනවා.
🔴 කොහොමද සරෝජිනීට ලැබෙන ප්‍රතිචාර?
ප්‍රතිචාර නම් ඉතාම හොඳයි. ඒ වගේම චරිතයේ ස්වභාවය හින්දා බැනුම් අහන්න වෙන අවස්ථාත් තියෙනවා. මං හිතන්නේ මගේ රංගන පරාසයට සරෝජිනී වගේ කටකාර චරිත ගැළපෙනවා ඇති. ඒක මේ තරම් කැපී පේන්නෙත් ඒ හින්දා වෙන්න ඇති. ඒ වගේම ඒ චරිතය ඒ තරම් සාර්ථක වෙන්න ටෙලිනාට්‍ය කණ්ඩායමෙන් ලැබෙන සහයෝගයත් මෙහිදී මතක් කරන්න ඕනෑ.
🔴 අග්නි පියාපත්වලට අමතරව චන්දිමා මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්න වෙනත් නිර්මාණ ගැන කතා කළොත්?
මම රංගනයෙන් දායක වුණු මහ පොළොව ටෙලිනාට්‍ය මේ දවස්වල තිරගත වෙනවා. එහි රූගත කිරීම් ඉවරයි. ඊට අමතරව තවත් ටෙලිනාට්‍ය දෙකක් සඳහා දැනට ආරාධනා ලැබිලා තියෙනවා.
🔴 අපි දන්න විදියට ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක් නෙවෙයි. කොහොමද රැකියාව කරන ගමන් රංගනයටත් කාලය වෙන් කර ගන්නේ?
ඔව්. මම රජයේ රැකියාවක් කරන ගමන් තමයි රංගනයේ නිරත වෙන්නේ. ඒ හින්දා ලැබෙන හැමදේම බාර ගන්න මට බැහැ. ඒ හින්දා එක සැරේට නිර්මාණ දෙකකට වැඩිය මම සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙම වුණාම කාලය කළමනාකරණය කර ගන්න ලේසියි. දැන් මම විවාහකයි. ඒ හින්දා රැකියාව විතරක් නෙවෙයි පෞද්ගලික ජීවිතය ගැනත් හිතන්න ඕනෑ. ඒ හැම දෙයක්ම මැනේජ් කර ගෙන තමයි රඟපාන්නේ. ඒ සඳහා කාර්යාලයෙන් ලැබෙන සහයෝගයත් අගය කරන්න ඕනෑ.
🔴 හරි අපි එහෙනම් පොඩ්ඩක් අතීතයට යමු. චන්දිමා කොහොමද කලාවට සම්බන්ධ වුණේ?
කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරන කාලෙදි තමයි මම කලාවට සම්බන්ධ වුණේ. මම එහිදී ශ්‍රාස්ත්‍රපති සහ ශ්‍රාස්ත්‍රවේදී උපාධි දෙකම හැදෑරුවා. එහි අවසන් වසරේදි අපිට සෑහෙන්න වේදිකා නාට්‍ය ප්‍රමාණයක් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.
🔴 ඒ මොනවද කියල නම් වශයෙන් මතක් කළොත්?
නියඟලා ප්‍රේමය, මකරා වගේ ගොඩක් වේදිකානාට්‍ය ඒ අතරේ තිබුණා. ප්‍රියංකර රත්නායක සර් යටතේ තමයි අපි ඒවට සම්බන්ධ වුණේ. ඊට පස්සේ මම කාලයක් වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙලා හිටියා. ඊටත් කාලයකට පස්සේ තමයි ටෙලිනාට්‍ය එක්ක සම්බන්ධ වුණේ.
🔴 ඒ ගැන තව ටිකක් විස්තර මතක් කරමු නේද?
පූජන දන්දෙනිය හරහා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. පූජන මගේ පාසල් යාළුවෙක්. “භව හරණ” තමයි මගේ මුල්ම ටෙලිනාට්‍ය. ඊට පස්සේ නේත්‍රා, සුළඟ මහ මෙරක්, නෙතු අද්දර වගේ ටෙලිනාට්‍ය රැසකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම අවසන් හුස්ම තෙක් ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්නත් මට අවස්ථාව ලැබුණා.
🔴 සිනමාව කියන්නේ ඕනෑම රංගන ශිල්පිනියකගේ සිහිනයක්. ඔබට තවම ඒ අවස්ථාව ලැබුණේ නැද්ද?
තවම නැහැ. මට තවම එහෙම ආරාධනයක් ලැබිලා නැහැ. හොඳ නිර්මාණයක, දෙයක් කරන්න පුළුවන් හොඳ චරිතයක් මට ලැබුණොත් මම ඒක බාර ගන්න සූදානම්.
🔴 විවිධාකාරයේ කටකතා හැදෙන එක මේ වෙද්දි සුලබයි. විශේෂයෙන් ඔබ වගේ රජයේ රැකියාවක් කරන කෙනකුට එහෙම දෙයක් වුණොත් ඒක වැඩිපුර බලපානවා. ඒවයින් පරිස්සම් වෙලා කලාව එක්ක දිගටම ඉන්න පුළුවන්ද?
රැකියාවක් කළත් නැතත්, කටකතාවක් කියන්නේ කාන්තාවකට හොඳ දෙයක් නෙවෙයි. හැබැයි එක එක අයට ඕනෑ දෙයක් කියන්න පුළුවන්. ඒත් ඒ කියන දේට පදනමක් නෑ කියලා තමන් දන්නවා නම් ඒ හොඳටම ඇති. අපට මිනිස්සු හදන්න බැහැනේ. මං හිතන්නේ අපි හරියට ඉන්නවා නම් ඒ කිසි දෙයක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කලාවට විතරක් නෙවෙයි හැමදේටම ඒක අදාළයි.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ආණ්ඩුවේ පළමු පරාජයද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ජීවිතය දිනවල වෘක්ෂයක සැඟවුණු බලය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.