• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කැපුණු නා ගසකින් ලේ ගලපු රහස මොකක්ද?

February 28, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කැපුණු නා ගසකින් ලේ ගලපු රහස මොකක්ද?
Share on WhatsAppShare on Facebook

මහනුවර යනු හෙළ ඉතිහාසයේ ප්‍රෞඪත්වය විදහාපාන බොහෝ සාක්ෂි සාධක හමුවන සුවිශේෂී පුරවරයකි. එකී වටිනාකම් අතර ප්‍රධානම තැනක් හිමිවන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවටය. එතැන් පටන් ඒ අවටින් හමුවන බොහෝමයක් තැන් හෙළයේ අභිමානය විදහා පාන්නේය. එහිදී ශ්‍රී දළදා මාලිගාවේ සතර දේවාලය විශේෂිත වන අතර දොඩම්වෙල ශ්‍රී නාථ දේවාලයට හිමිවන්නේද විශේෂිත ස්ථානයකි. එදා මෙදාතුර ඉතිහාසයේ ජනතාවගේ ගෞරවාදරය ඉහළින්ම දිනාගන්නට සමත් දොඩම්වෙල නාථ දේවාලයේ ආරම්භයද සුවිශේෂී වන්නේය.

ඈත අතීතයේ දොඩම්වෙල යනු රූස්ස ගහකොළ සහිත මහා වනාන්තරයකි. මේ වනාන්තරයට ඇතුළු වීමට එකල මිනිසුන් කටයුතු කර නැත්තේ එහි තිබූ ගුප්ත සහ අමුතු ස්වභාවය නිසාමය. මෙම වනාන්තරයේ නොපෙනෙන බලවේග ක්‍රියාත්මක වන බව එකල ජනයා විශ්වාස කළ බව ඇතැම් ජනප්‍රවාදයන්හි සඳහන් වෙයි.

දිනක් එක්තරා ගැමියකුට අත්‍යවශ්‍යම කටයුත්තකට මෙම මහා වනාන්තරයට යන්නට සිදුව තිබේ. ඒ අනුව කැත්තක් අතැතිව වනාන්තරයට පිවිසි ගැමියා අතු රිකිලි කපමින් මඟපාදමින් තමාට අවශ්‍ය ඖෂධය සොයාගෙන ගොස් තිබේ. පසුව ඉතා වෙහෙසකර ගමනකින් පසු සිය අවශ්‍යතාවය පසුරාගෙන ආපසු එමින් සිටි ගැමියා එක්තරා තැනකදී විමතියට පත්ව ඇත්තේ තමන් අතින් කැපුණු නා ගසක අත්තකින් ලේ ගලනවා දැකීමෙනි.

කිසිදා එවැනි දෙයක් දැක හෝ අසා නැති ඔහු අවට වටපිටාව පරීක්ෂා කර බලද්දී නා අත්ත කැපුණු තැනින් ගලාගිය ලේ බිම පුරා ඉහිරී ඇති අයුරු දැක තවත් මවිතයට පත්ව ඇත්තේය. යම් තැතිගැන්මක් දැනුණද ඔහු සිය නිවෙසට පැමිණ ඇති අතර දින කිහිපයක් ගත වන විට එම සිදුවීම නිතර නිතර සිහිපත් වීමත් එම සිදුවීමේ යම් බලගතු දෙයක් ඇතැයි යන්න හැඟීමත් නිසා යළිත් දිනක් කාටත් රහසේ එම ස්ථානයට ගොස් මල් පහන් තබා පුද පූජා පවත්වා ඇත්තේ නොපෙනෙන බලවේගයක් ඇතැයි යන විශ්වාසයෙනි. එතැන් පටන් එතැන නා හාමි කෝවිල ලෙස හඳුන්වා ඇත. එය වර්තමානයේද මහඅස්න නම් ස්ථානයේ දැකගත හැකිය. මුලින් එම ස්ථානයට නාහාමි කෝවිල යැයි පැවසුවද පසුකාලීනව එම ස්ථානයට අධිපතිත්වය දරන දෙවියන් ලෙස නාථ දෙවිඳුන්ට පුද පූජා පවත්වා තිබේ.

ජනප්‍රවාදයන්හි එන මේ කතාවට ඓතිහාසික වටිනාකමක් එක්කරනුයේ ක්‍රිස්තු වර්ෂ 1635න් පසුව රජ කළ දෙවැනි රාජසිංහ රජුගේ කාලයේදීය. එවකට රජු සිය කටයුත්තක් සඳහා දොඩම්වෙල ආසන්නයේ දෝලාවෙන් ගමන් කරමින් සිටියදී හේවායින් එකවරම දෝලාව බිම තබා එම ස්ථානයේ දෙවියකු වැඩ වසනා බව පවසා රජුට පයින් ගමන් කරන ලෙස ඉල්ලීම් කර තිබේ. එයින් කෝපයට පත් රජු මට වඩා බලවතෙක් නැතැයි කියා දෝලාව ඔසවන්නට අණකර ඇතත් දෝලාව ඔසවද්දී එහි එක් කඳක් දෙකට කැඩී ගොස් තිබේ. රාජ පුරුෂයන් පවසා ඇත්තේ එය දේව කෝපයක් ලෙසිනි. දෙවියෝ කැඩුවා නම් දෙවියන්ටම කියා සාදවා ගන්නැයි කියා රජු සපු ගසක් මුල අසුන්ගෙන ඇත්තේද කේන්තියෙනි.

මේ පුවත සැලවූ එම ස්ථානයට යාබදව කෝවිලේ කටයුතු කළ නාහිමි නම් කපු මහතා එම ස්ථානයට පැමිණ අසල දියකඩකින් ගත් ජලය පහනකට දමා එම ජලයෙන් පහන දැල්වේවා යැයි කන්නලව් කර තිබේ. ඒත් සමඟම පහන දැල්වුණු බවත් කැඩී ගිය කඳ නැවත සවිවී යථා තත්ත්වයට පත්වූ බවත් සඳහන් වෙයි.

රජු සිද්ධියෙන් ඉමහත් සතුටට පත්ව තම රන්, රිදී මුතු මැණික් පලඳනා සහ දෝලාවද එම ස්ථානයට පූජා කර පසුව ගොඩ මඩ ඉඩම් හැටපස් අමුණක්ද පූජා කර තිබේ.
එදා රජු හිඳගෙන සිටි සපු ගස අද මහා වෘක්ෂයක් ලෙස වැඩී ඇති අතර රාජසිංහ සපු ගස ලෙස හඳුන්වන්නේ එයයි. එසේම රජු පූජා කළ දෝලාවද දේවාල භූමියට යන කෙනකුට දැකගත හැකිය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ඉන්න තැන හොඳින් ඉන්න

Next Post

2020 වසරේ HNB ඇෂුවරන්ස් විශිෂ්ටයෝ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.