2020 වසරේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් ඩොලර් මිලියන වට මේස සමුළුව (MDRT) සඳහා සහභාගී වීමට සමාගමේ විශිෂ්ටයන් 113 ක් සුදුසුකම් ලබාගත් බව HNB ඇෂුවරන්ස් PLC (HNBA) මෑතක දී නිවේදනය කළේය. අභියෝග මධ්‍යයේ පෙර වසරේදී සුදුසුකම් ලැබූ සංඛ්‍යාව අභිභවා යමින් ලත් මෙම අති විශිෂ්ට ජයග්‍රහණය ඉතා වැදගත් ලෙස සැලකේ. මෙම ජයග්‍රාහකයින් අතර Court of the Table (COT) සුදුසුකම් ලත් විශිෂ්ටයින් 8ක්ද, Top of the Table (TOT) සුදුසුකම් ලත් විශිෂ්ටයින් 2ක්ද සිටියි.
මෙම විශිෂ්ට ප්‍රතිඵල අගය කරමින් HNBA සහ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI)හි ප්‍රධාන විධායක නිලධාරි, ප්‍රසන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. “මෙම විශිෂ්ට ප්‍රතිඵල සමගින් අපගේ ශූරයින් අප සමාගමට විශාල ගෞරවයක් ගෙන දී තිබෙනවා. මෙසේ MDRT සුදුසුකම් අත්පත් කර ගැනීම සමාගමක් ලෙස HNB ඇෂුවරන්ස් හට සහ පොදුවේ ශ්‍රී ලාංකිකයන් වන අපට ලොව පුරා සිටින දක්ෂතම රක්ෂණ වෘත්තිකයන් සමඟ කරට කර සිට ගත හැකි බව මැනවින් පෙන්නුම් කරයි. මෙම කණ්ඩායම් හට මෙන්ම MDRT සුදුසුකම් ලබමින් තමන් හට හිමි නොමැකෙන වෘත්තීය ගෞරවය සලසා ගත් අපගේ ජයග්‍රාහකයින් හට මාගේ කෘතඥ බව පළ කරමි.











