• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලන්දේසීන්ව පාරට වට්ටපු නටන කෙල්ලන්ගෙ කටුවන මෙහෙයුම

February 27, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ලන්දේසීන්ව පාරට වට්ටපු නටන කෙල්ලන්ගෙ කටුවන මෙහෙයුම
Share on WhatsAppShare on Facebook

මෙරට බලය විවිධ කාලවකවානු අනුව විවිධ බලවතුන්ගේ ග්‍රහණයටත්, පාලනයටත් නතුව පැවැතුණු බව කවුරුත් දන්නා කාරණයකි. ඒ ඒ කාලවලදී බලවත් ජාතීන්ට යටත්ව විවිධ ගැහැට විඳින්නටද හෙළයන්ට සිදුවිණි. කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයත් එවැනි යටත්විජිත මානසිකත්වයක් ජනතාව තුළ ඇති කළ කාලයකි. එවකට එක් පසෙක කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ බලය ක්‍රියාත්මක වුවද අනෙක් ප්‍රදේශයන්හී බලතල ක්‍රියාත්මක වූයේ ලන්දේසි පාලනයට අවැසි පරිදිය.

මේ කාලයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේත්, ලන්දේසීන්ගේත් පාලන ප්‍රදේශ එකිනෙක වෙන් වූයේ කොලොන්න ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමිනි. මඩුවන්වෙල වලව්ව පිහිටියේද කොලොන්න ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමිනි.

කෙසේ නමුත් එවකට ලන්දේසීන්ට යම් ප්‍රබලතාවයක් හා ආරක්‍ෂාවක් සැපයූ ඔවුන්ගේ ප්‍රධානම බලකොටුවක් වූයේ කටුවන බලකොටුවයි. මෙය රජුගේ පාලනයට මහත් හිසරදයක් මෙන්ම රජුගේ පාලන ප්‍රදේශයට විශාල තර්ජනයක් වූ බලකොටුවකි. එහෙයින් මෙහි බලය බිඳ දමා එය අත්පත් කර ගැනීමට රජුගේ පාර්ශ්වයට විශාල වුවමනාවක් විය. එම කටයුත්ත සාමප්‍රදායික පහර දීමකින් අවසන් කර ජයගත නොහැකි බව රජුගේ පාර්ශ්වය ඉතා හොඳින් තේරුම් ගෙන තිබිණි. එහෙයින් ඊට සුදුසු පිළියම් සැකසිණි.

එනම් සියලු සංස්කෘතිකාංග පිරි පෙරහැරකින් ගොස් කටුවන බලකොටුව අල්ලා ගැනීමට සැලසුම සකස් කෙරිණි. පෙරහැර සැලසුම් කෙරුණේ එම විශේෂ උපක්‍රමයට අනුගත ආකාරයෙනි.

මෙම පහර දීමේ සැලැස්ම පිටුපස විශේෂිත පුද්ගලයන් දෙදෙනකු සිටි අතර, ඒ මඩුවන්වල රටේ මහතාත්, තිබ්බටුවාවේ නිලමේත්ය.

මොවුන් දෙදෙනා ඉතාමත සාර්ථකව පෙරහැර සහ ප්‍රහාරය සැලසුම් කළහ. මෙම කටයුත්ත කරන්නට පෙර එය ලන්දේසීන්ට දැනුම් දිය යුතුව තිබිණි. එසේ නොවන්නට පෙරහැරේ අරමුණ ඉටුකර ගැනීම අපහසු බව සියල්ලෝම දැන සිටියහ. එහෙයින් සංස්කෘතිකාංග සහිත පෙරහැරක් පැවැත්වෙන බවත්, ලන්දේසි සෙබළුන්ගේ සිත් සතුටු කිරීම පෙරහැරේ අරමුණ බවත් උපක්‍රමශීලී අයුරින් ලන්දේසීන්ට දැන්විය යුතුව තිබිණි. එය පණිවුඩයකින් කරනවාට වඩා ආරංචි කර යැවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව විශ්වාස කළ මඩුවන්වෙල රටේ මහතා සහ තිබ්බොටුගම නිලමේ ඔත්තුකරුවන් හරහා එම කටයුත්ත සාර්ථක කරගත්තේය.

ඒ අනුව ලන්දේසීන්ට ආරංචිය ගියේ ලස්සන කෙල්ලන් ගයන හරි අපූරු පෙරහැරක් කටුවන ගමේ පැවැත්වෙන බවටයි. තොරතුරු රසකර කියන්නට හපන් කවිකම් දන්නා කිහිප දෙනෙක්ම ඊට යොදවා තිබිණි. එහි ප්‍රතිඵලද ඉතා සාර්ථක වී තිබිණි.

කවිවලින් රසවත් කර රුහුණු ගැටිස්සියන්ගේ ලාලිත්‍යයන් ගැන ඇසූ ලන්දේසීහු පෙරහැර දිනයට එම කෙල්ලන් අල්ලාගෙන බලකොටුවට දමාගෙන විනෝද වීමට සිතමින් සිටියහ.

කෙමෙන් කෙමෙන් දිනය උදාවිය. ලන්දේසීන් බලකොටුවේ ප්‍රාකාර බැම්ම අසලට රැස්ව පිලිස්සූ දඩමස් කමින් මධුවිත තොලගාමින් කෙල්ලන් රඟන අයුරු බලන්නට සැදී පැහැදී සිටියේය. ඔවුන්ගේ අසංවර කතාබස් සහ අශීලාචාර සිනාහඬ ප්‍රදේශය පුරා පැතිරෙමින් තිබිණි.

මොහොතකින් පෙරහැර කටුවන බලකොටු සීමාවට ඇතුළු වූයේ තරමක් වේගවත් රිද්මයකට අනුගතවෙමිනි. නටන කෙල්ලන්ගේ තාල රිද්ම හරි අපූරුවට විලක්කු සහ පන්දම් එළිවලින් ඒකාලෝක විය. රන් පැහැ ගිනි එළි වැටුණු කෙල්ලන්ගේ අඩ නිරුවත් සිරුරු දෙස බීමත් ලන්දේසි සෙබළුහු ඇසිපිය නොසොල්වා බලාගෙන සිටියහ.

පෙරහැර ඉදිරියට යමින් තිබිණි. පංචතූර්ය වාදන අතරින් කස හඬ ඇසුණේය. මේ පෙරහැරේ විශේෂත්ව කිහිපයක්ම තිබුණේය. බෙර, දවුල්, තම්මැට්ටම් වාදනයේ සිට කස කණ්ඩායම්, නර්ථන කණ්ඩායම් සහ අනෙකුත් සියලුම අංශයන්හි කාන්තාවන් සිටිනු දක්නට ලැබිණි. ඔවුන්ගේ අඩ නිරුවත් ඇඳුම් ආයිත්තම් ලන්දේසීන්ගේ සිත් අමුතුම ලෝකයට ගෙන යමින් තිබිණි. එලෙස ගැහැනු වෙස්ගත් පිරිමින් පෙරහැරේ සිටිනා බව ලන්දේසි දැන සිටියේද නැත. එය රජුගේ පාර්ශ්වයට සතුටට කරුණකි.

පෙරහැර කටුවන බලකොටුව අසලට පැමිණ රවුමක ආකාරයට බලකොටුව වටා රංගනයක යෙදෙන්නට පටන්ගත්තේ සැලසුමේ ආකාරයටය. නටන කෙල්ලන්ගේ අඩ නිරුවත දැක සතුටින් පිනාගිය ලන්දේසීන් මත්පැනින් සප්පායම් වී බමන මතින් පෙරහැර අසලට ආවේය. දැන් සිය සැලසුමේ හොඳම හරිය බව රටේ මහතාටත්, නිලමේටත් වැටහිණි. ඔවුන් දෙදෙනා කතිකාවේ හැටියට සිය සංඥා නිකුත් කළහ. ඒ අනුව ලන්දේසීන්ගේ සිතුවිලි සඵල කරමින් ඔවුන්ට තුරුළු වූ නටන කොල්ලන් සිය නර්ථනයෙන්ම යොදාගත් කිතුල් පොලු, කඩු, කිණිසි මෙන්ම විවිධ අංගම් උපකරණ අතැතිව ලන්දේසි සෙබළුන් සමඟ බලකොටුව තුළට ඇතුළු විය. ලන්දේසි සෙබළු සිතා සිටියේ කෙල්ලන්ද තමන් මෙන්ම මත්ව ඇති වගකි.

රටේ රාළත්, නිලමේත් ඊළඟ සංඥාව නිකුත් කළේය. එසැණින් ක්‍රියාත්මක වූ සිංහල සේනාවන් බලකොටුවට රිංගා ගත්තේ අසුරු සැණකිනි. අංගම් ශිල්පයේ පරතෙරට දැන් ඔවුහු ගුවනේ පාවෙමින් ලන්දේසීන් කඩු ගාද්දි රංගනයෙන් පැමිණි කාන්තා සෙබළියෝ සිය අතරැඳි විවිධ ආයුධ උපයෝගී කර ගනිමින් තමන් අසල සිටි සියලු ලන්දේසි සෙබළුන් මරා දැමූහ.
කලා රසයෙන් පිරි ඉසව්ව සුළු මොහොතකින් යුද පිටියක් විය. ඝෝෂාකාරී හඬ අතරින් ලන්දේසීන් මැරී වැටුණේය. මොහොතකට පෙර සියුමැලි යැයි හැඟුණු ලලනා අතැඟිලි අතරට ඇතැම් ලන්දේසි සෙබළුන්ගේ ජීවිත සැඟවී ගියේය.

සිදුවූ දෙයක්වත් සිතා ගන්නට නොහැකි වූ ලන්දේසීන් අන්ත අසරණව පරාජය ලබමින් සිටියේය. බෙර, තම්මැට්ටම් හඬ අතරේම ලන්දේසීන්ගේ පරාජය සටහන් වෙමින් තිබුණේය. කටුවන බලකොටුවේ බලය බිඳ හෙළීමේ අපූරු මෙහෙයුම අවසන් කෙරුණේ එලෙසිනි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වෙයි

Next Post

යාත්‍රාව දියත් කරලා කුංචනාදයට සැරසෙන සිනමාවේ කඳුළු බිංදුව

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.