චීනයේ ස්වාධීන පාලනයට යටත් බව සැලකෙන තිබ්බතයේ ක්‍රියාත්මක නිදහස් ව්‍යාපාරයට සහය දෙමින් හිටපු බටහිර ක්‍රිකට් පතාක යෝධයකු වන විව් රිචාර්ඩ්ස් පසුගියදා “ට්විටර්” පණිවිඩයක් නිකුත් කරමින් කලාපයේ යහපත් ස්වාධීනත්වයක් (නිදහසක්) ප්‍රාර්ථනා කෙළේය.
හිමාලය කලාපයට අයත් ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති තිබ්බතය තම ආධිපත්‍යයට යටත් බව චීන මතයයි. මේ නිසා තිබ්බතයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා රටින් බැහැරව වාසය කරයි. එතුමා (දලයි ලාමා) වනාහි තම ජීවමාන දෙවියන් ලෙසට එතුමාගේ අනුගාමිකයෝ සලකති. තම අයිතිය තහවුරු කර ගැනීම සඳහා චීනය විසින් එක් දහස් නමසිය පනහේ දී (1950) තිබ්බතයට සිය දහස් ගණනින් සන්නද්ධ හමුදා භට කණ්ඩායම් යවනු ලැබුවේය.
එතකුදු වුවද තිබ්බතය ඇතැම් ප්‍රදේශ සිය ස්වාධීනත්වයෙන් ම රඳවා තබා ගත්තේය. එහෙත් ඒ අවස්ථාවේදී ඇතැම් ප්‍රදේශ චීන ආණ්ඩුවට ඈඳුණු බව බී.බී.සී. මාධ්‍ය නිවේදනය කෙළේය. රටින් පිටමංව වෙසෙන තිබ්බත අගමැති ලොබ් සැං සන්ජේ තම රටේ චීනය කරන අපචාර ගැන ලෝකයට කීවේය. චීනය තිබ්බතයේ විනාශ කළ ආයතන ගොඩනැගිලි ආදි සියල්ල යළි ඉදි කර දුන්නේ ඉන්දියාව බව අගමැතිවරයා කෘතඥතා පූර්වකව යළි යළි අවධාරණය කෙළේය. චීන දුර්දාන්ත කටයතු සම්බන්ධව ලෝකය දැනුවත් කරන්නාද ඉන්දියාවයි. ඉන්දියාව තිබ්බතය වෙනුවෙන් කෙරෙන මෙහෙය මෙතකැයි කියා කියන්න බෑ. චීනය අපේ බෞද්ධ වෙහෙර විහාර පන්සල් ආරාම විනාශ කළා. ඉන්දියාව ඒ සියල්ල යළි ඉදි කර දුන්නා. යැයි හෙතෙම පැවසීය.












