මුතුරාජවෙල තෙත් බිම් පරිසර පද්ධතිය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කරමින් ජනප්‍රිය ගුරුවරයකු වන තිස්ස ජනනායක මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.
වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා තිස්ස ජනනායක මහතා සිය දේශන හරහා විශාල දායකත්වයක් සැපයීය.
විශේෂයෙන් ආන්දෝලනාත්මක එම්.සී.සී. ගීවිසුම සම්බන්ධයෙන් ජනනායක මහතා කළ දේශනය එකල සමාජ මාධ්‍ය ජාලාවල මහත් ජනප්‍රියත්වයට පත්විය.
නමුත් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ජනනායක මහතා ප්‍රසිද්ධියේ දේශපාලන කතා කියන්නට ගියේ නැත.
නමුත් දැනට සිදුවන දැවැන්ත පරිසර විනාශය හමුවේ සිය හඩ අවදි කොට ඇති ජනනායක මහතා කලකට පසුව සිය ෆේස්බුක් පිටුවේ මෙම සටහන තබා තිබේ.












