ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ උප සභාපති තනතුර සඳහා නාම යෝජනා භාර දුන් බත්තරමුල්ලේ සීලරත්න හිමියන්ගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත.
ඒ ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව එහි ප්‍රධාන තනතුරු සදහා පත් වීමට නම් ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර තිබීම අනිවාර්ය වීම හේතුවෙනි.
උතුරු පළාතේ ක්‍රීඩා සමාජයක් හරහා සීලරත්න හිමියන් සිය ශ්‍රී ලංකා ආයතනයේ නිලවරණය සඳහා ඊයේ සිය නාම යෝජනා භාර දෙනු ලැබ තිබිණ.










