• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සමලිංගික චරිත කරන්න මම සමලිංගිකයෙක් නෙමෙයි

February 20, 2021
in Heart
Reading Time: 3 mins read
A A
සමලිංගික චරිත කරන්න මම සමලිංගිකයෙක් නෙමෙයි
Share on WhatsAppShare on Facebook

⬤ සැලසුම් ගැන කියනවට වැඩිය කරලා පෙන්වන එක හොඳයි…

⬤ මට ලැබුණු අවස්ථා මදි…

මේ දවස්වල විකාශනය වන බ්‍රෝ ටෙලිනාට්‍ය බොහෝ දෙනාගේ කතාබහට ලක් වෙලා තියෙනවා. ඒ වගේම එහි ටියුබා ගැනත් බොහෝ අය කතා කරනවා. නිනෝ අරලිය ජයකොඩි තමයි ටියුබා විදියට බ්‍රෝ හරහා අපිට සමීප වෙන්නේ. බ්‍රෝ එක්ක විතරක් නෙවෙයි නිනෝ වසර ගණනාවක ඉඳන්ම බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්ත රංගන ශිල්පියෙක්. බ්‍රෝ ගැන නිතරම කතා වෙන හින්දා අපි බ්‍රෝ අමතක කරලා නිනෝ එක්ක කතා කරන්න හිතුවා.
🔴 මේ දවස්වල බ්‍රෝ ගැන හැමෝම කතා කරනවා. ඒකෙන් පස්සේ නිනෝව දකින්න ලැබෙන්නේ මොන විදියටද?
බ්‍රෝ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් දැන් ඉවරයි. කසුන් මහේන්ද්‍ර හීනටිගලගේගේ අලුත් ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. එහි රූගත කිරීම් ලබන මාසයේදී ආරම්භ වෙන්න නියමිතයි.
🔴 චිත්‍රපට ගැන කතා කළොත්?
දැනට වැඩ ඉවර කෙරුව චිත්‍රපට නම් එකක්වත් නැහැ. ඒත් අලුත් චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. කොවිඩ් තත්ත්වය හින්දා එහි වැඩ කටයුතු දිනෙන් දිනම පස්සට ගියා. ලබන අප්‍රේල් මාසයේදී එහි රූගත කිරීම් පටන් ගන්න දැනට නියමිත වෙලා තියෙනවා.
🔴 හැබැයි කොවිඩ් හින්දා නෙවෙයි ඊට කලිනුත් නිනෝ වැඩිය පේන්න හිටියේ නැහැ කියලයි අපට හිතෙන්නේ?
ඔව්. ඒකේ ඇත්තක් තියෙනවා.
🔴 ඒකට හේතුව ඔබ කලා ලෝකයෙන් ඈත් වෙලා හිටිය එක කියලා කිව්වොත්?
මම කවදාවත් මේ ක්ෂේත්‍රයෙන් ඈත් වුණේ නැහැ. මම හැමදාම හිටියා. ඒත් මට වැඩ හම්බ වුණේ නැහැ. ඒ ඇයි කියලා නම් මම දන්නේ නැහැ.
🔴 ඒත් ඔබට ලැබුණු අවස්ථා ප්‍රතික්ෂේප කළා කියලා අපි අහලා තියෙනවා?
නැහැ. ඔය කියන්නේ මම ප්‍රතික්ෂේප කෙරුව සමලිංගික චරිතය ගැන. ඇත්තටම මම ඒක ප්‍රතික්ෂේප කළේ මම ඒකට ආසා නැති හින්දා. සමලිංගිකත්වය කියන්නේ හරිම අප්‍රසන්න දෙයක්. මම ඒක විවේචනය කරනවා නෙවෙයි. ඒත් මම ඒකට ආසා නැහැ. මට එවැනි චරිතයක් කරන්න බැහැ. ඒ හේතුව හින්දයි මම ඒ චරිතය ප්‍රතික්ෂේප කළේ. එහෙම නැතිව මම කවදාවත් කිසිම චරිතයක් එපා කියලා නැහැ. ඒ වගේම කලාවෙන් ඈත් වුණෙත් නැහැ.
🔴 හැබැයි ඔබට ලැබුණු හොඳ අවස්ථා කිහිපයකුත් වෙනත් හේතු මත නැති කර ගත්තා නේද?
2010, 2011 අවුරුද්දේ එහෙම දෙයක් වුණා. චිත්‍රපට දෙකක මට ලැබුණු හොඳ චරිත දෙකක් මම නැති කර ගත්තා. ආදර සම්බන්ධයක් නිසා ඇති වුණු දෙයක් තමයි ඒකට හේතු වුණේ. ඒ කාලේ ඉතිං පොඩි වයසනේ. ආදරයෙන් අන්ද වෙලා හිටියේ. හැබැයි දැන් නම් ඒ ගැන කනගාටුවක් හිතේ තියෙනවා.
🔴 අපි පොඩ්ඩක් අතීතයට යමු. කොහොමද ඔබ කලාව එක්ක සම්බන්ධ වුණේ?
“මධූ නම් ඇය” තමයි මගේ පළමු ටෙලිනාට්‍ය වුණේ. එතැනින් පස්සේ මම මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගේ රංගන පාසලට සම්බන්ධ වුණා. එහිදී තමයි මට නෙහාරා පීරිස්ව හම්බ වුණේ. ඒ හරහා තමයි සන්ධ්‍යා පීරිස් මහත්මිය මට හමු වුණේ. ඒ සම්බන්ධය මත තමයි රුවන් මාළිගා ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය මට ලැබුණේ.
🔴 නිනෝව රටම හඳුනා ගත්තේ ඒකෙන් කිව්වොත්?
ඒක හරියටම හරි. අදටත් ඒ ගැන තමයි බොහෝ දෙනා කතා කරන්නේ. ඒ විතරක් නෙවෙයි. මම ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතය රඟපෑව එකම අවස්ථාවත් රුවන් මාළිගා තමයි.
🔴 චිත්‍රපටවලට සම්බන්ධ වුණු විදිය මතක් කළොත්?
මචං තමයි මගේ පළමු චිත්‍රපටය. ඊට පස්සේ චිත්‍රපට කිහිපයකම රඟපාන්න අවස්ථාව ලැබුණා.
🔴 මං හිතන්නේ නිනෝ ලයිව් ඒ අතරෙන් සුවිශේෂීයි?
ඇත්තටම. නිනෝ ලයිව් රූගත කෙරුවේ 2009දි වුණත් ඒක තිරගත වුණේ 2017දි. හැබැයි ඒ කාලය පුරාම බොහෝ අය ඒ ගැන කතා කළා.
🔴 ඇත්තටම නිනෝ කියන නම ඔබට ලැබුණේ චිත්‍රපටය හින්දද? නැත්නම් චිත්‍රපටයට ඔබ හින්දා නම ලැබුණද?
මේක මගේ උප්පැන්න සහතිකයේ එන නම. චිත්‍රපටයේ ප්‍රචාරණය වෙනුවෙන් තමයි නිනෝ ලයිව් කියන එක යොදා ගත්තේ.
🔴 ඔබ දැන් ක්ෂේත්‍රයට ඇවිත් බොහෝ කාලයක් ගත වෙලා ගිහින්. මේ ආව කාලය ගැන මොකද හිතෙන්නේ?
මම හරියට වැඩක් කළේ නැහැ කියලයි මට හිතෙන්නේ. ඒක මම නිතරම කියන දෙයක්. ඒක මගේ හිතට දැනෙන දෙයක්. මට හොඳ චරිතයක් ලැබුණේ නැහැ කියලා මට හිතෙනවා. හැබැයි ඒකට හේතුවත් මටත් හොයා ගන්න බැහැ. එක අතකින් ගතවුණු කාලය ගැන කනගාටුවකුත් තියෙනවා.
🔴 ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් වේවිද?
අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනෑ. අපේ ජීවිත කාලය ඉතාම කෙටියි. මේ කාලය තුළ හැමදාම මතක හිටින දෙයක් කළ යුතුමයි.
🔴 ඒ වෙනුවෙන් මොනවා හරි සැලසුමක් තියෙනවද?
සැලසුම් ගැන කතා කරනවාට වැඩිය දෙයක් කරලා පෙන්වන එක හොඳයි කියලයි මම හිතන්නේ. ඒ හින්දා අපි ඒක ඉදිරියේදී බලමු.
🔴 අවසන් වශයෙන් ඔබේ ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ?
මම ඒ හැමෝටම හරිම ආදරෙයි. මම වැඩිය පේන්න හිටියේ නැති වුණත් ඒ ආදරය කවදාවත් අඩු වුණේ නැහැ. කොහෝ ගියත් ඉතාම හොඳ ප්‍රතිචාර තියෙනවා. මම හැමදාමත් ඒ අයට ආදරෙයි කියන එක තමයි කියන්න තියෙන්නේ.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ඡන්ද දිනවන කේන්දරේ පිහිටීම

Next Post

ලෙස්ටර් ගිරයට ගෙනහිල්ල ආරූඪ කරවපු ඇඩ්ලින් හාමු

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.