වසර 45,500 යනු ඉතා දීර්ඝ කාලයකි. එතරම් කාලයකට පෙර ඇඳි චිත්‍රයක් හමුවීම යනු තවත් විශ්වාස කළ නොහැකි කාරණයකි. එහෙත් එම කාරණාව සත්‍ය කරමින් පසුගිය දිනෙක ඉන්දුනීසියාවෙන් හරි අපූරු සිතුවමක් හමුවී තිබේ. ඉන්දුනීසියාවේ සූලවෙසි දූපතේ පිහිටි ගුහාවකින් හමුවී ඇති මෙම සිතුවමට නඟාඇත්තේ වල් ඌරවකුගේ රුවකි. එම ඌරාගේ රුවට පිටුපසින් මිනිස් අතක සටහන් දෙකක්ද දක්නට ලැබීමද විශේෂත්වයකි. බොහෝ දෙනකුගේ මතය වන්නේ මෙය ජීවත් වන වල්ඌරකුගේ ප්‍රමාණයට සමාන්තර ප්‍රමාණයන්ගෙන්ම නිර්මාණය කර ඇති බවකි.











