• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ගැබිනි සමයේ ගෙයක් හැදුවොත් මොකද වෙන්නේ

February 13, 2021
in Astrology
Reading Time: 1 min read
A A
ගැබිනි සමයේ ගෙයක් හැදුවොත් මොකද වෙන්නේ
Share on WhatsAppShare on Facebook

නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් විවිධ ජන විශ්වාසයන් වගේම විවිධාකාර මතවාදයනුත් සමාජයේ මුල්බැසගෙන තිබෙනවා. මේවා හරයකින් තොර යැයි කියා ඉවත දැමීම එතරම් සුදුසු ක්‍රියාවක් නොවන අතර එවැනි විශ්වාසයන් තුළ ගැබ්වූ විශේෂිත හේතු සාධකද ඇති බව බොහෝමයක් ජ්‍යොතිෂවේදීහුද අවිවාදයෙන් පිළිගනිති.

මෙවැනි මතවාද අතර ඉදිරියෙන්ම කියැවෙන මතයක් තමයි ගැබිනි සමයේ නිවාස ඉදිකිරීම හොඳද, නරකද කියන කාරණය. මෙහිදී සැලකිල්ලට ගතයුතු කාරණා විශාල ප්‍රමාණයක් තිබෙනවා. උදාහරණයක් විදිහට ගතහොත් කුරුල්ලන් කූඩුවක් තනන්නේද ඉතාමත් සූක්ෂ්මව ආරක්ෂිතව සහ ඊටම ගැළපෙන පරිසරයකයි. එහිදී ඕනෑම කුරුල්ලකු තමාගේත් තම පැටවුන්ගේත් ආරක්ෂාව සියයට සියයකින් සපිරෙන තැනක කූඩුව සැකසීමට උනන්දු වෙනවා. ඊළඟට එම කුරුල්ලන් කූඩුවක් තනන්නේ කොයි කාලයේද යන්නත් සිතා බැලිය යුතු කාරණයක්.
විශේෂයෙන්ම ඕනෑම කුරුල්ලකු හෝ කුරුලු ජෝඩුවක කූඩුව සකසනු ලබන්නේ කිරිල්ලිය බිත්තර දමන්නට සූදානම්ව සිටින අවදියෙහිය. ඔවුන්ද සිය අනාගතය පිළිබඳව බරපතළව සිතනු ඇත්තේ එම කාලයේය. එහෙයින් එම අවධියේ කූඩු තැනුවා කියා කුරුල්ලන්ට කූඩුවෙන් දෝෂයක් සිදුවූවා යැයි කියා සිතීමට අවස්ථාවක් නැත. එසේ නම් මිනිසාටද එය එසේම පොදු විය යුතුය. එහෙයින් ගැබිනි සමයේ නිවාස ඉදිකිරීම, අලුත්වැඩියාව ආදිය සුදුසු නැතැයි කීම එතරම්ම සාර්ථක මතවාදයක් නොවන බව පැහැදිලිවේ. මන්ද නිවාස ඉදිකිරීම හා ගැබිනි සමය අතර අසුබවාදී සම්බන්ධයන් තිබිය නොහැකි බැවිනි.

කෙසේ නමුත් අද වන විට බහුතරයක් දෙනාගේ මතය වී ඇත්තේ ගැබිනි සමයේ නිවාස කටයුතු කිරීම අතිශය අසුබ බවත්, එය උපදින්නට සිටින දරුවාට නුසුදුසු බවත්ය. එහෙත් එවැන්නක් වාස්තු විද්‍යානුකූලව ඔප්පු කළ හැකිද යන්න සැක සහිතය. එසේම වාස්තු විද්‍යාවට ස්ත්‍රියකගේ ගැබිනි බව කෙසේ සම්බන්ධ වී ඇද්ද යන්නත් දෙවරක් සිතා බැලීම වටී.

එමෙන්ම වර්තමානයට මේ තත්ත්වය මඟහැරීම ගැටලුසහගත නොවුණද අතීතයේ සිටි වැඩිහිටියන් ගැන සිතා බැලුවහොත් ගැබිනි සමයන් මඟහැර නිවසක් හදන්නට සිතීම කිසිදා ගෙයක් නොසාදා ඉන්නට කදිම උපක්‍රමයක් සේ පෙන්වා දිය හැක. මන්ද එවකට එක් පවුලක දරුවන් හයක් හතක් වරදින්නේ නැත.

කෙසේ නමුත් ජ්‍යොතිෂයටත් වාස්තු විද්‍යාවටත් අනුව නිවෙසක් ඉදිකිරීමට පෙර සිදුකළ යුතු සියලු කාරණා අඩුවකින් තොරව සපිරීම වැදගත් වේ. එනිසා ගෘහණියගේ ගැබිනි බව ගැන සිතනවාට වඩා තමා හදන්නට සූදානම් වන නිවෙසේ නිසි ප්‍රමිතිය සහ වාස්තු සිද්ධාන්තවලට අනුකූල වන තත්ත්වය ඉතා උසස් අයුරින් පවත්වා ගන්නට කළයුතු කිරීම වැදගත් වේ.

එමෙන්ම ඔබ ගැබිනි සමයක නිවෙසේ කටයුතු අඹනවා නම් පහත සඳහන් කාරණා කිරීමෙන් තත්ත්වය සමබර කරගන්නට හැකියාව ඇත. ඒ අනුව නිවාස ඉදිකරන බිමෙහි ඊශාන දිශාව ඉතා වැදගත් මෙන්ම බටහිර දිශාව ඔබගේ සියලු කාරණා සඳහා තදින්ම බලපාන දිසාවයි. එහෙයින් ඊසාන දිශාවේ කොහොඹ පැළයක් සිටුවා ඉන්පසු බටහිර දිශාවට බරව අඹ පැළයක් හෝ බෙලි පැළයක් සිටුවා විශ්වයෙන් ලැබෙන ශක්ති කිරණ සමතුලිත කරගත හැක. යම් අයහපතක් සුළුවෙන් හෝ වේ නම් එමගින් අයහපත් තත්ත්වය සමනය වී යහපත උදාවනු ඇත.
මීළඟට තවත් කාරණා කිහිපයක් වැදගත් වේ. නිවෙසේ ගෘහ පිණ්ඩය පරම මෛත්‍රි හෝ මෛත්‍රි නැකැත්වල පිහිටුවා ගැනීම, රවි බලවත් නැකතක නිවෙසේ මුල්ගල් තැබීම, ඊසාන, නිරිත සහ බටහිර හිස් නොකිරීම, බ්‍රහ්ම පාදය නොපෑගෙන සේ ගෘහය සැකසීම ඒ අතර සුවිශේෂී කාරණාවන්ය.

කෙසේ නමුත් ඔබ ආවට ගියාට නිවෙස ඉදිකිරීම කළහොත් වාස්තු දෝෂ හේතුවෙන් සිදුවන හානිය එලෙසින්ම සිදුවේ. බොහෝදෙනෙක් කරන්නේ එවැනි දෝෂ සහිතව නිවෙස සකසාගෙන පසුව එහි අසුබතාවලින් හිත නිදහස් කර ගැනීමට විවිධාකාරයේ නිදහසට කරුණු සෙවීමය. එසේ කරුණු සෙවීමේදී ගැබිනි බවද ඊට ඈඳා ගැනීමට බහුතරයක් දෙනා ක්‍රියා කරනු දැකිය හැක.

එනිසා අවශ්‍ය වන්නේ සුදුසු දේ සුදුසු ආකාරයෙන් සහ නිවැරැදි ආකාරයෙන් කිරීම මිස දෝෂ සහිතව යමක් කර නිදහසට කරුණු සෙවීම නොවේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සහ අංගලක්ෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

‘දෙවියො දුන් දඬුවම’ ගැන රන්ජන් ඇතුළේ ඉඳන් පොතක් ලියයි

Next Post

ඕන දේකට ඔට්ටු අප්පච්චිට නොදැවෙනි පුතණ්ඩියා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

වියළුව ආසනයේ කන්දකැටිය ප්‍රා. ලේ කොට්ඨාශයට අදාළ එකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය ඊයේ පැවැත්වුණා.Sri Lanka Latest News ඒකාබද්ධ ගොවි සංවිධානයට ගොව්...

Read more

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.