මහින්ද්‍රා අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ (MILPL) වැලිපැන්න කර්මාන්ත ශාලාවේ ප්්රධානියා වශයෙන් කටයුතු කළ සදාසිවම් දුරෙයිරාජ් මහතා නම් ඉන්දියානු මෝටර් රථ ඉංජිනේරුවරයා විසින් මෙහෙයවනු ලැබූ පුහුණු වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් වූ අතර, මින් ඉදිරියට MILPL කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු 100%ක් ශ්‍රී ලාංකික තාක්ෂණ ශිල්පීන්ගේ ශ්‍රම දායකත්වය යටතේ සිදු කිරීමට නියමිතය.
ඉංජිනේරු සදාසිවම් දුරෙයිරාජ් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, වසර දෙකක කාලයක් පුරා ක්‍රියාත්මක කෙරුණු තාක්ෂණ හුවරමාරු වැඩසටහන සහ අංශ ප්‍රධානී ලෙස එතුමන් විසින් හොබවනු ලැබූ සේවා කාලය 2021 ජනවාරි 31 දිනෙන් අවසන් කළ බවත්, මෙම පුහුණුව හරහා ශ්‍රී ලාංකික තාක්ෂණ ශිල්පීන් දැනුම හා නිපුණත්වය අතින් ඉතාමත් සතුටුදායක තලයකට පත් කරන්නට හැකි වීම ගැන තමන් සතුටට පත් වන අතරම ඉන්දියාවේ Mahindra & Mahindra සමාගමේ ක්‍රියාවලියට අනුකූලව ඉදිරි මෙහෙයුම් කටයුතු සිදු කරන්නට ඔවුන්ට හැකිවනු ඇතැයි තමන් තරයේ විශ්වාස කරන බවයි.











