AIA ඉන්ෂුවරන්ස් මෙරට රක්ෂණ ක්‍ෂේත්‍රය වෙත ප්‍රථම වරට තවත් නවමු අත්දැකීමක් එක් කරමින් සෞඛ්‍ය සහ සුවතා විසඳුමක් හඳුන්වා දෙයි. මෙහිදී oDoc app එක ඔස්සේ සුවතා විශේෂඥයින්ගේ සේවාවන් නොමිලේ ලබා ගැනීමට සේවාලාභීන්හට හැකියාව ලැබේ. වාර්ෂිකව රු. 100,000කට වඩා වැඩි වාරිකයක් සහිත සියලුම සේවාලාභීන්හට මෙම සේවාව අත්විඳිය හැකි අතර මෙම පුරෝගාමී සේවාව මගින් ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි ඕනෑම සුවතා විශේෂඥයෙකුගේ සේවය වසරකට කිහිප වාරයක් ලබා ගැනීමට සේවාලාභියාට හැකි වේ. කායික සෞඛ්‍ය වෘත්තිකයින්, මානසික සෞඛ්‍ය වෘත්තිකයින්, භෞතචිකිත්සකයින් හෝ පෝෂණවේදීන් වැනි සේවාලාභියාගේ ඕනෑම අවශ්‍යතාවට අනුව සුවතා විශේෂඥයා තෝරාගැනීමට මෙමඟින් හැකිවන අතර මෙම දීමනාව මඟින් දුරකථන වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් වසරකට නොමිලේ වෛද්‍ය සැසිවාර 6ක් නිවෙසේ සිටම සේවාලාභියාට ලබාගැනීමේ පහසුව සලසා ඇත. AIA සමාගම මෙම වෛද්‍ය සැසියන් එක්-වසරක සැලසුමක් යටතේ ලබාදී තිබුණද, සේවාලාභියාහට පහසු ආකාරයට, අවශ්‍ය වේලාවකට ලබාගැනීමේ නිදහසද ලබා දී ඇත.











