• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

1817 දී කැප්පෙටිපොළට හැදුණේ කොරෝනද? වසූරියද?

February 7, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
1817 දී කැප්පෙටිපොළට හැදුණේ කොරෝනද? වසූරියද?
Share on WhatsAppShare on Facebook

මේ වෙනවිටත් ‘කොඩිව්-19‘ හෙවත් ‘කොරෝනා’ වෛරසය යනු ලෝකයම වෙළාගෙන ඇති දරුණුතම වූ වෛරසයකි. කොරෝනා ඇරඹුණු චීනයේ සිට සමස්ත ලෝකයම දැන් ප්‍රතිශක්තිකරණ එන්නත් පසුපස දිවයමින් සිටියි. එම නිසාම අපේ අද කතාවද මේ මොහොතේ ලෝකයම කතාකරන ප්‍රතිශක්තිකරණ එන්නතේ උත්පත්තිය ගැනය.

එන්නතක් යනු එක්තරා රෝගයක් සඳහා ප්‍රතිශක්තිකරණ වැඩිදියුණු කරගැනීම පිණිස සකසනු ලබන යම් නිෂ්පාදනයකි. ඉංග්‍රීසි බසින් එය වැක්සීන් (Vaccine) යනුවෙන් හැඳින්වෙයි. ලෝකයේ දැනට ප්‍රසිද්ධ මෙන්ම ජනප්‍රිය එන්නත් වර්ග රැසක් ඇති අතර එම එන්නත් වර්ග යම් යම් රෝග ඇතිවීම වැළැක්වීම සහ එම රෝග මඟින් ඇතිවන හානිකර විපාකයන් ආදිය වළක්වා ගැනීම සඳහා භාවිතයට ගනියි. එසේම ඇතැම් රෝග සුවකර ගැනීම සඳහාද එන්නත් වර්ග භාවිත කෙරෙයි. ‘කොරෝනා’ වෛරසයට එරෙහිවද යම් යම් වූ ප්‍රතිශක්තිකරණ එන්නත් කිහිපයක්ම නිර්මාණය වී ඇත. ඒ අතරින් ‘ෆයිසර්’ එන්නත සහ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ නම් එන්නත් පිළිබඳ ලෝක අවධානයට දැනට යොමුවී තිබේ.

අලුත් සේ පෙනුණද නුහුරු, නුපුරුදු බවක් දැනුණද ‘ප්‍රතිශක්තිකරණ එන්නත්’ යන වචනය ශ්‍රී ලංකාවට කිසිසේත්ම අලුත් නැත.

එසේම ප්‍රතිශක්තිකරණ එන්නත් ගැන කතා කිරීමේදී ලෝකයේ ප්‍රථම ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවා ඇත්තේ එංගලන්තයේ බර්ක්ලිහි ශල්‍ය වෛද්‍ය එඩ්වඩ් ජෙනර් බව සඳහන්ය. ඔහු එදා එම එන්නත නිපදවා තිබෙන්නේ ඒ වෙනවිට ලෝකයේ පැතිරෙමින් තිබූ බිහිසුණුම වෛරසය වූ ‘වසූරිය’ වෙනුවෙන්ය.

එදා ශල්‍ය වෛද්‍ය එඩ්වඩ් ජෙනර් ඉහතින් අප කී ආකාරයට වසූරියට එරෙහිව සොයාගත් එන්නතෙන් පසුව ලුවි පාස්චර් විසින් ජලභීතිකාවට එන්නතක් සොයා ගන්නට විය. එය නම් අදටත් ලෝකයේ ප්‍රසිද්ධ එන්නතකි. අනතුරුව ඇමෙරිකානු ප්‍රසිද්ධ වෛරස් විද්‍යාඥයෙක් මෙන්ම පර්යේෂකයෙක්ද වූ ජොනස් සල්ක් 1955 වසරේදී පෝලියෝ රෝගයට එන්නතක් සොයාගත් අතර ඔහු ඊට පේටන්ට් බලපත්‍රය පවා ලබාගැනීම ප්‍රතික්ෂේප කළේය. වරක් එරට මාධ්‍ය ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළද එවර ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ‘ඔබ හිරුට පේටන්ට් බලපත්‍රයක් ලබා දෙන්නේද?’ යනුවෙනි. සැබෑවටම ඇමෙරිකානු ප්‍රසිද්ධම වෛරස් විද්‍යාඥයෙක් මෙන්ම පර්යේෂකයෙක් වූ ජොනස් සල්ක් එදා එම පේටන්ට් බලපත්‍රය ලබාගත්තේ නම් ඔහුට ලෝකයේ ධනවත් පුද්ගලයින් අතරට පවා යා හැකිව තිබුණි. නමුත් එදා ඔහුගේ මනුස්සකම මුදලට යටකරන්නට අකමැති විය. එහි ප්‍රතිඵලය වූයේ පන්ති පරතරය දරුණුවටම තිබූ එකල පන්ති පරතරයෙන් තොරව දුප්පත් පොහොසත් සියලුදෙනාටම පෝලියෝ එන්නත නොමිලේම ලැබීමයි.

මෙම එන්නත් කතන්දරයේ ශ්‍රී ලාංකීය පසුබිම බැලූ කල එය මහනුවර යුගය දක්වා දිවයන්නකි. ඒ අනුව එන්නතක් ලබාගත් මුල්ම ශ්‍රී ලාංකිකයා ලෙස සඳහන් වන්නේ මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවේය. ඔහු එවකට රටේ සිටි මහා ප්‍රභූවරයෙකි. එසේම එදා 1818 නිදහස් සටනට මූලිකත්වය දුන්නේද ඔහුය. නමුත් ඔහු 1818 නිදහස් සටනට මූලිකත්වය දුන්නද 1815 වසරෙන් පසු ඔහු ඉංග්‍රීසින්ගේ හිත් දිනාගත් පුද්ගලයෙක් විය. එම හිත් දිනාගත් තරම කොතරම්ද කිවහොත් මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවේ එකල පැවති ඉංග්‍රීසි ආණ්ඩුවේ පළමු ලංකා රෙජිමේන්තුවේ ශල්‍ය වෛද්‍ය වූ වෛද්‍ය හෙන්රි මාර්ෂල්ගේ සමීප මිතුරෙක් විය. ඒ බව වෛද්‍ය හෙන්රි මාර්ෂල් රචනා කළ ‘Ceylon’ නම් වූ කෘතියේ දැක්වෙයි. ඒ කෘතිය පසුකලෙක ‘සිංහලේ’ නමින් එච්. එම්. සෝමරත්න නම් ලේඛකයා අතින් පරිවර්තනය විය. එහි පැහැදිලිව ඔහු එසේ එන්නත් ලබාගත් කතාව සඳහන්ව ඇත. ඒ අනුව එහි එක්තරා පරිච්ඡේදයක සඳහන් වන්නේ ‘මුලදීම අත් එන්නත් කරගත් එකම වැදගත් ප්‍රධානියා කැප්පෙටිපොළය. ඔහුගේ ළමයි හැමදෙනාම අත් එන්නත් කරවා ගත්හ. මෙසේ ඔහු ඉංග්‍රීසින් කෙරෙහි අසාමාන්‍ය පැහැදීමක් පෙන්වීය….” යනුවෙනි.

මහනුවර යුගයේ එම යටගිය කතාවෙන් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ එන්නත් ගැන යළි අසන්නට ලැබෙන්නේ 1915 වසරේ පමණය. එදවස ලංකාවට පැමිණි වෛද්‍ය වින්ටර් හෙයිසර් විසින් රචනා කළ ‘An American Doctors Odyssey’ (Adventures in forty five Countries) නම් කෘතියේ ඒ පිළිබඳව පැහැදිලි ලෙස සඳහන්ය. එහි ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණි වතු කම්කරුවන් මහා මාරියෙන් ගලවා ගැනීම සඳහා ඔවුන්ට එන්නත් ලබාදීමට එවකට සෞඛ්‍ය අංශ තීරණය කර තිබූ බව සඳහන් වෙයි. මේ අතර එසේ එන්නත් කිරීමට බියෙන් ඇතැම් වතු කම්කරුවන් යළිත් ශ්‍රී ලංකාව අතහැර ඉන්දියාව වෙතට පලාගිය බවද සඳහන්ය. ඊට හේතුව වන්නේ එකල එන්නත් ලබාගැනීම අද තරම් තාක්ෂණික අතින් නොදියුණු තැනක තිබීම නිසා එන්නත් ලබාගැනීමේදී ආ දරුණු වේදනාවයි. ඊට බිය වූ වතු කම්කරුවෝ ඉහත පැවසූ පරිදි ඉන්දියාවට පලාගිය බව සඳහන්ය.

මේ අතර කාලයත් සමඟ මෙම ප්‍රතිශක්තිකරණ එන්නත් කතාව ලංකාවට අලුත් හෝ නවමු කතාවක් නොවූ අතර විටින් විට එවන් එන්නත් ලංකාව වෙත පැමිණෙන්නට විය. ඒ අනුව එදා 1949 වසරේදී ක්‍ෂය රෝගයට එරෙහිව බී.සී.ජී. එන්නතත්, 1961 වසරේදී ගලපටලයට, කක්කල් කැස්සට මෙන්ම පිටගැස්මට එරෙහි ත්‍රිත්ව එන්නතත්, 1962 වසරේදී මුඛ පෝලියෝ එන්නතත්, 1963 වසරේදී දරුවන් සඳහා බී.සී.ජී. එන්නතත් 1969 වසරේදී ගැබිනි මව්වරුන් වෙනුවෙන් පිටගැස්ම ධුලකාභය එන්නතත් හඳුන්වා දුන් අතර ඉන් අනතුරුව ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ 1984 වසරේදී සරම්ප එන්නතත් 1988 වසරේදී ජැපනීස් එන්සේෆලයිට් නම් එන්නතත් 1991 වසරේදී පිටගැස්ම ධුලකාභය නම් වූ එන්නතත් 1996 වසරේදී රුබෙල්ලා, එම්.ආර්. සහ වැඩිහිටි පිටගැස්ම ගලපටල එන්නත හෙවත් ඒ.ටී.ඩී. එන්නතත් හඳුන්වා දුන් අතර 2003 වසරේදී හෙපටයිටිස් බී නම් වෙන එන්නතත්, පෙන්ටාවැලන්ට් එන්නතත්, 2009 වසරේදී පංචසංයුජ එන්නතත්, 2011 එම්.එම්.ආර්. එන්නතත්, 2015 වසරේදී අජීවී පෝලියෝ එන්නතත් වැනි එන්නත් ගණනාවක් මේ දක්වා මෙරටට හඳුන්වා දී තිබේ. මේ අතර මෙම එන්නත් කතාවට අලුතින්ම එක්වන එන්නත වන්නේ ‘කොරෝනා’ වෛරසයට එරෙහි එන්නතයි.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවාව සෙලාන් බැංකුවෙන්

Next Post

රාමුව ඉවත් කළ රැකියා නිදහස

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.