සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, LMD සඟරාව මඟින් ප්‍රකාශයට පත් කරන ලද පාරිභෝගික සේවා ශ්‍රේණිගත කිරීම්වලට අනුව, අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවාව ලබා දෙන බැංකුව ලෙස නම් කර තිබේ. මෙම ශ්‍රේණිගත කිරීම් පදනම් වී ඇත්තේ, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වඩාත් කැමති වෙළෙඳ සන්නාමයන්ගේ සේවා ගුණාත්මකභාවය සහ පාරිභෝගික තෘප්තිය පිළිබඳ පාරිභෝගික සමීක්ෂණයක් මත වේ.
මෙම පාරිභෝගික සේවා විශිෂ්ටතා ශ්‍රේණිගත කිරීම් මෑතකදී නිකුත් වූ LMD සඟරාවේ නවතම මුද්‍රණය හරහා ප්‍රකාශයට පත් කරන ලදී. අදාළ ප්‍රතිඑල 2020 වසරේ තුන්වන කාර්තුවේදී මාර්ගගත ක්‍රමයක් හරහා කරන ලද සමීක්ෂණයකින් ලබා ගත් අතර, මෙම සමීක්ෂණයට සහභාගී වූ අය ශ්‍රී ලංකාවේ ඔවුන් වඩාත්ම ප්‍රිය කරන වෙළෙඳ සන්නාමයට ඡන්දය ලබා දුන්හ. මෙහිදී වඩාත් කැපී පෙනෙන කරුණ වන්නේ පාරිභෝගිකයින් විසින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු 19 අතුරෙන්, විශිෂ්ටතම පාරිභෝගික සේවා සපයන බැංකුව ලෙස සෙලාන් බැංකුව අංක එක ස්ථානයේ ඔසවා තැබීමයි.











