• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

යාල කැලේ මැදින් මහා නගරයක් මතුවෙයි

February 6, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
යාල කැලේ මැදින් මහා නගරයක් මතුවෙයි
Share on WhatsAppShare on Facebook

ලෝකයේ වගේම ලංකාවෙත් අතිශය ජනප්‍රිය ස්ථාන තිබෙනවා. ඒ හැම තැනක්ම ඒ ඒ තැනට අදාළව යම් කාරණාවක් සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. උදාහරණය ලෙස ගත්තොත් පින්නවල අලි, පේරාදෙණියේ මල්, මහනුවර දළදා මාලිගිය ඔහොම හැම තැනටම ජනප්‍රියත්වයක් ගෙනදුන් විශේෂිත හේතුවකුත් නිතැතින්ම කියැවෙනවා. එහෙම බලද්දි යාල නැඟෙනහිර ප්‍රදේශය හෙවත් කුමන වනෝද්‍යානය කිව්වාම නිරන්තරයෙන් මතකයට එන්නෙ කුරුලු පාරාදීසයක්. හැබැයි ඒ අතිශය ජනප්‍රිය කාරණාවට වැසුණු මහා වටිනාකම් සමූහයක් මේ යාල මහ කැලේ මැද සැඟවිලා තියෙනවා කියන එක දන්නේ බොහොම සීමිත පිරිසක් විතරයි.

එහෙම නැත්නම් අපිට මේ කාරණාව මෙහෙම කියන්නත් පුළුවන්. රෝහණ රාජධානිය පැවැති අනුරාධපුර යුගයේ තිබූ විශාලතම ගොවි ජනපදය පිහිටා තිබිලා තියෙන්නෙ අද අපි මේ කතා කරන කුමන වනෝද්‍යානය මැද්දෙ කියල. ඒ බව ඉතා පැහැදිලිව හඳුනාගත හැකි සාක්ෂි, සාධක ඕනෑ තරම් කුමන කැලෑව තුළ කඳුගැට ආශ්‍රිතව විසිරී පවතිනවා. රෝහණ රාජ්‍ය පැවැති කාලයේ අතිවිශාල ජනතාවක් මෙහි වාසය කර තිබෙනවා. ඒ වගේම ඉතා සශ්‍රික කෙත්වතු යායක් මෙම ප්‍රදේශය පුරාම විසිරී පැවතිලා තිබෙනවා.

රාජධානිය බිඳවැටීමත් සමඟ ගම්මාන සහ පන්සල් වනගත වී මහා වනාන්තරයක් බවට පත් වූ බවට සාක්ෂි තිබෙනවා. මේ විශේෂිත ස්ථාන අතරින් බඹරගස්තලාව මහ බුදු පිළිමයට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. කුමන වනෝද්‍යාන ප්‍රවේශය පිහිටි ඔකඳ සිට කි.මී. 5ක් පමණ දුරින් පිහිටි මෙය අයත් වන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට. කුඩුම්බිගල තපෝවනයේ සිට මේ වෙත දුර කි.මී. 7ක්. ඉතා අලංකාර පරිසරයක පිහිටි පෞරාණික ස්ථානයක් ලෙස මෙය සැලකිය හැකියි. මෙහි පුරාණ නම ‘නග පවත ශෙනශන’ හෙවත් නාගපබ්බත සේනාසනය බව සෙල්ලිපියකින් පැහැදිලි වෙනවා. පසුකාලීනව එය බඹරගස්තලාව විහාරය ලෙස වෙනස් වී තිබෙනවා.

ඒ බව සෙල්ලිපියක තොරතුරු ඇසුරෙන් හෙළිවී තිබෙනවා. එම සෙල්ලිපිය,
‘බදක මිතෙන මපිත නගපවත ශෙනශන’
‘හදන්ත මිත්‍ර විසින් නිර්මාණය කරන ලද නාග පබ්බත සේනාසනය’ යන්න එහි අරුතයි.

කුඩුම්බිගල මෙන්ම මේ විහාරයේද ශේෂව ඇති නටබුන් අතර පර්වත මුදුනේ හා පහත් බිමේ ස්ථූප දහයකට අධිකව පැතිර තිබෙනවා. ස්ථූප ගොඩනගන්නට උපයෝගි කරගත් ගඩොල් දහස් ගණනින් ඒ අවට භූමියේ විසිර ඇති අතර, මෙම ගඩොල් ඒවායේ තාක්ෂණය අනුව පරීක්ෂා කර බැලීමේදී අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් බව අනුමාන කළ හැකියි. ගිනිකොනදිග මුහුදේ යාත්‍රා කළ අයටද මෙම ස්ථූප රිදී බුබුළක් සේ එකල දිස්වන්නට ඇතැයි විද්වතුන් මත පළකර තිබෙනවා.

නටබුන් අතර ශේෂ වූ ආරාමික ගොඩනැගිලි, බුදු පිළිම, සිරිපතුල් ගල්, බුදු මැඳුරු, ආසනඝරයක් හා ගරාවැටුණු පියගැට පෙළවල් දැකගත හැකියි. සමචතුරස්‍රාකාර ගොඩනැගිල්ලක් මෙහි එක් ස්ථානයක දක්නට ඇති අතර එහි පේළියකට හය බැගින් සිටුවූ ගල් කණු පේළි හයක් ද තිබෙනවා. අනෙක් ගොඩනැගිලි ස්වරූපය හඳුනාගත නොහැකි සේ විනාශ වී ගිහින්. බඹරගස්තලාවේ දක්නට ලැබෙන සියලු ලෙන් කටාරම් කොටා තිබෙනවා. මෙම ලෙන් අතර දර්ශනීයම ලෙන වන්නේ ‘නගපවත ශෙනශන’ යනුවෙන් සෙල් ලිපියක සඳහන් ලෙනයි. අඩි 200ක් පමණ දිග මෙම ලෙන ඉදිරියෙහි විශාල ප්‍රපාතයක් පිහිටා තිබෙනවා. බඹරගස්තලාව විහාර භූමියෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලෙන් ලිපි විස්සක් සොයාගෙන තිබෙනවා.

සැතපෙන පිළිමය පිහිටි ලෙන මෙහි වැදගත්ම ස්ථානයයි. මෙම ලෙන කුඩා ගල්කුළු කිහිපයකට මැදිව විශාල පර්වතයක උතුරු හා දකුණු පැති ආශ්‍රිතව දක්නට ලැබෙනවා. ගල වටාම කටාරම් කෙටූ ලෙනෙහි එක් කොටසක් සංඝාවාසයක් ලෙස භාවිත කළ බවට සලකුණු පවතිනවා. පසුව එහි ප්‍රතිමාව තනා බුදු මැඳුරක් බවට පත්කර තිබෙනවා. අනුරාධපුර යුගයට අයත් මෙම සැතපෙන ප්‍රතිමාව දිගින් අඩි 36ක්. එය ගඩොල් හා මැටි බදාම මිශ්‍රණයක් උපයෝගි කොට ගෙන තනා හුණු කපරාරු කර තිබී ඇති බව පැහැදිලි වෙනවා. මේ නටබුන් අතර තවත් සුවිශේෂී තැනක් තමයි බෝවත්තේගල ආරණ්‍යය. පානම සිට කුමන වනෝද්‍යානයට ඇතුළු වී කුමන වැවට යන මාර්ගයේ ගොස් කුමන වැව් ඉවුරට ළඟා වී නැවත වනය මැදින් ඊසාන දෙසට ගමන් කිරීමෙන් බෝවත්තේගලට පැමිණීමට පුළුවන්. කුඹුක්කන් ඔයේ ප්‍රසිද්ධ මහගල් අමුණ පිහිටා ඇත්තේ මෙයට නුදුරින්. ඔකඳ පිහිටි කුමන වන උiාන දොරටුවේ සිට මේ වෙත කි.මී. 35ක් පමණ දුරයි.

වන තැනිතලාවෙන් ඉහළට නගින පර්වත සහිත කන්දක් වූ බෝවත්තේගල ලෙන් ගණනාවක් තිබෙන අතර, ඒවා කටාරම් කොටා බිත්ති බැඳ සකස් කොට ක්‍රිස්තු පූර්ව යුගයේම මහා සංඝයා වෙනුවෙන් පූජා කොට තිබෙනවා. එම ලෙන් අනුරාධපුර යුගයෙන් පසුකාලීනවද ප්‍රයෝජනයට ගෙන ඇති බව ශේෂවී ඇති බිත්ති කොටස්වලින් පේනවා. කන්දේ බොහෝ තැන්වල අනුරාධපුර යුගයට අයත් ගඩොල් ශේෂ දක්නට ලැබෙනවා. පර්වත මුදුන් කීපයකම දාගැබ් ගොඩැලි සහිතයි. එම ස්ථානයේ පිහිටි විනාශ වී ඇති එක් ලිපියක ‘නක ඇමැති’ කෙනෙක් ගැන කියවෙනවා. තවත් ලිපියක වී පූජාවක් ගැනත් දැක්වෙනවා. ලිපි දෙකක ‘ජෙටතිස මහරජ’ ගැන සටහන් කර තිබෙනවා. මේ රජු ‘මහසෙන් මහරජ අපය’ගේ පුතකු හැටියට සඳහන් වී තිබීම වැදගත්. මහාවංශයේ සඳහන් වන ජෙට්ඨතිස්ස මහරජු රුහුණේ විවිධ ආගමික කටයුතු කර ඇති බවට වෙනත් ස්ථානවලින් ලැබුණු සෙල්ලිපිවලින්ද කරුණු අනාවරණය කරගෙන ඇති අතර, බෝවත්තේගල එක් ලිපියකින් කියැවෙන පරිදි ජෙට්ඨතිස්ස රජුගේ රාජ්‍යත්වයට පත්වී 8 වන වසරේදී යම් පූජාවක් කර තිබෙනවා. කුමක් පූජා කළේදැයි සඳහන් ලිපි කොටස විනාශ වී ඇති අතර තවත් සෙල්ලිපියක දසබෑ රජ පරපුරක් ගැන සඳහන් වී ඇත්තේ මෙලෙසින්.

‘ගමණි පුත දශ බතිකන ජෙටෙ
ශව ජෙටහ පුතෙ දමරජහ පුතෙ
මහතිශ අයෙ තරිතෙ ඉම ලෙණෙ
මහශුදශනෙ ශගශ දිනෙ’
‘දසබෑයන්ගේ වැඩිමලා ගාමණීගේ පුත්‍රයා වන අතර ඔවුන් සියල්ලන්ගෙන්ම වැඩිමලා වූ ධම්මරාජගේ පුත්‍ර මහා තිස්සගේ මහාසුදස්සන නම් ලෙන සංඝයාට දෙන ලදී’ යනු මෙහි අරුතයි.



මොනරාගල දිස්ත්‍රික්කයට අයත් කුමන වැව මැද නටබුන් වූ තවත් ස්ථානයක් තමයි බුදුපැටුන්ගල. මේ නමින් මෑත අතීතයේදී ලැබුණු හැඳින්වීමක්. ඒ මෙම ස්ථානය සොයාගත්තේ 1985 දී වීම නිසයි. කොටියාගල සිට කි.මී. 15ක් දුරින් වනය මැද බුදුපැටුන්ගල පිහිටා තිබෙනවා. වැසි කාලයට මෙහි යෑම අසීරුයි. ඊට හේතුව විල ඔය උතුරා අවට නිම්නය වතුරෙන් යටවන නිසා. කෙසේ නමුත් කොටියාගල සිට මහ වන මැදින් පාගමනින් මෙහි යා යුතු වෙනවා.

මෙහි ගල් පර්වතයක කෙටූ ප්‍රතිමා තුනක් මුල්වරට සොයාගෙන තිබෙනවා. ඒ අනුව අභය මුද්‍රාවෙන් යුත් හිටි බුදු පිළිමය දෙපස අවලෝකිතේශ්වර ප්‍රතිමා දෙකක් දැකගත හැකියි.

පුරාණ රෝහණයේ මහායාන බලපෑම පෙන්නුම් කරන වැදගත් ස්ථානයක් වශයෙන් මෙය සැලකිය හැකියි. මෙයට සමාන වඩාත් විශාල ප්‍රතිමා කාණ්ඩයක් බුදුරුවගලින්ද අපට හමුවෙනවා. මහායානය රුහුණේ පැතිර ගිය 8-9 සියවස්වලට මේ ප්‍රතිමාද අයත් වන බව පේනවා. මයිල්ල ලෙන් විහාරය, මොනරාගලින් සියඹලාණ්ඩුව මාර්ගයේ කි.මී. 43ක් දුරින් පිහිටි කොටියාගල ගම්මානයට පිවිසෙන්න පුළුවන්. එතැන් සිට තවත් කි.මී. 15ක පමණ දුරක් ගෙවා ගම්මානය මැදින් වනය හරහා මයිල්ල ලෙන් විහාරයට ළඟාවිය හැකියි. මෙය මොනරාගල දිස්ත්‍රික්කයට අයත් යාල වන ප්‍රදේශයක පිහිටා තිබෙන අනුරාධපුර යුගයට අයත් පූජනීය ස්ථානයක්.

මෙහි කටාරම් කෙටූ ලෙන් දිගින් අඩි 73ක්ද, පළලින් අඩි 42ක්ද වෙනවා. එක් ගල්ලෙනක සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් තිබෙනවා. මෙම සැතපෙන පිළිමය අනුරාධපුර යුගයට අයිති අතර, ගඩොල් සහ මැටිවලින් බැඳ හුණු බදාමයෙන් කපරාරු කර තිබෙනවා. නිදන් හොරුන්ගේ අතවර නිසා ප්‍රතිමාවේ ඇතැම් කොටස් විනාශ වෙලා. පර්වතය මුදුනෙහි දාගැබක් පැවැති බවට සාධක හමුවෙනවා. දාගැබේ තිබී ගැලවුණු ජත්‍ර ගල් ලෙනෙහි පිළිමය අසල දක්නට ලැබෙනවා. මෙම විහාරයේ ඉතාම වැදගත් කොටස වන්නේ ලෙන් විහාරයේ වියනේ පවතින ඉපැරැණි බිතු සිතුවම්. බුදුරුවට ඉහළින් ලෙන් වියනෙහි රතු පසුබිමෙහි මල් රටාවන් සහ ඇත් රූප සිතුවම් කර තිබෙනවා. විවිධ මල් රටා, සීගිරි ළඳුන්ට සමාන කාන්තා රූප, මානව රූප සහ සත්ව රූපද මෙහි දැකගත හැකියි.

මේ කුමන වනෝද්‍යාන භූමියේ සැඟවුණු වටිනාකම්වලින් බොහෝම ස්වල්පයක් පමණයි. එහි ගොස් සියැසින් මේ දේවල් දැකබලා ගන්නකුට හෙළ ඉතිහාසයේ තවත් වටිනාකම් රාශ්‍රියක් හමුවනු ඇත.

එසේම මෙම ස්ථානය කේන්ද්‍ර කරගනිමින් එවකට මහා ගොවි නගරයක් තිබුණද යන්නත් සැකයක් පවතිනවා. ඒ බව ජනප්‍රවාදයේද විවිධ අවස්ථාවල සඳහන් වෙනවා.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

SLT-MOBITEL විශේෂ සන්නිවේදන විසඳුම් හරහා ‘සිහිනයට සවියක්’

Next Post

හිතුමතේ ජීවිතෙත් අරගෙන රට වටේ යන කවුද මේ මනම්පේරි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.