කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා අවශ්‍ය නවීනතම සන්නිවේදන සබඳතා සැපයීමේ SLT-MOBITEL ‘සිහිනයට සවියක්’ වැඩසටහන ජනවාරි 25, 2021 දින එළිදැක්වීමට නියමිත බව එම ආයතනය පසුගියදා නිවේදනය කළේය. මෙම වැඩසටහන යටතේ කුඩා පරිමාණ ව්‍යාපාරවලට අවශ්‍ය සන්නිවේදන හා තාක්ෂණික විසඳුම් හා සේවා පැකේජ රැසක් සාධාරණ මිල ගණන් යටතේ ඉදිරිපත් කිරීමට නියමිතය.
කුඩා පරිමාණ ව්‍යාපාර ක්‍ෂේත්‍රය තුළ ඇති සන්නිවේදන අවශ්‍යතා නිවැරැදිව වටහා ගනිමින් එම අවශ්‍යතා සම්පුර්ණ කිරීමේ අරමුණින් මෙම වැඩසටහන හඳුන්වාදෙනු ලබයි. ඒ අනුව, සන්නිවේදනය, ව්‍යාපාර ජාලකරණය, ක්ලවුඩ් (cloud) තාක්ෂණය, විනෝදාස්වාද හා අන්තර්ජාලය හා බැඳුණු මෙවලම්, සන්නිවේදන උපාංග හා ව්‍යාපාර සන්නිවේදන යටිතල පහසුකම් ආදිය SLT-MOBITEL පිරිනමන ස්ථාවර / ජංගම දුරකථන, 4G LTE, SLT බ්රෝඩ්බෑන්ඩ්, SLT Fibre හා Peo TV වැනි සේවා හරහා ප්‍රවර්ධනය කෙරේ.
‘මිලියන ගණනක් ජනතාවගේ එදිනෙදා මුදල් ගනුදෙනු සඳහා සහාය ලබාදෙන කුඩා පරිමාණ ව්‍යාපාර, ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාවලිය තුළ දැවැන්ත පදනමකට උරුමකම් කියනවා. එම නිසා ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT-MOBITEL වෙතින් පිරිනැමෙන සන්නිවේදන විසඳුම්වල පූර්ණ ප්‍රතිලාභ ඔවුන්ට හිමිවීම අතිශය වැදගත්. ඒ වගේම SLT-MOBITEL ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන එක් වීමත් සමඟ අපගේ පාරිභෝගිකයින්ට පුළුල් නිෂ්පාදන හා සේවා පෙළක් ඉදිරිපත් කිරීමේ හැකියාව අප සතුයි.’ යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන අංශයේ සාමාන්‍යාධිකාරි සංජීව ජයමහ මහතා ප්‍රකාශ කළේය.