ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන පාරිභෝගිකයන් අතර අතිශයින් ජනප්‍රිය වූ Redmi SonicBass Wireless earphones තම අලෙවි ජාලය හරහා නැවතත් මිලදී ගත හැකි බව Genxt ආයතනය නිවේදනය කරයි.
වෙළෙඳපොළට නිකුත් කර ඉතාම කෙටි කාලයකින් එයට හිමි වූ ඉල්ලුම නිසාම පසුගිය කාලයේදී එය මිලදී ගැනීමේ දැඩි උනන්දුවක් පාරිභෝගිකයන් අතර ඇති වී තිබිණි. Redmi SonicBass Wireless earphones පහසු මිලට ලබා ගත හැකි සියලුම නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ උපාංගයක් වීම එම ජනප්‍රියතාවයට හේතු වී ඇත.











