• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මොනවද මේ කාලචක්‍ර දශා

January 23, 2021
in Astrology
Reading Time: 3 mins read
A A
මොනවද මේ කාලචක්‍ර දශා
Share on WhatsAppShare on Facebook

ජ්‍යොතිෂයේදී කාලචක්‍ර දශාවද සුවිශේෂී දශා ක්‍රමයක් ලෙස පලාපල කථනයේදී කාල සිද්ධි නිර්ණය උදෙසා භාවිතා වුණි. මෙම කාලචක්‍ර දශා ක්‍රමය හෙවත් දේහද් දශා ක්‍රමය සෙසු දශා ක්‍රමවලට වඩා සුවිශේෂී වන්නේ ඒ ඒ රාශියට මෙන්ම ඒ ඒ ග්‍රහයාටද විශේෂත්වයක් ලබාදී තිබීමෙනි. එහිදී දශාවන්, දශාව මාරු වනුයේ රාශියෙන් රාශියටය. කාලචක්‍ර දශා ක්‍රමයේදී ජන්ම නැකැතේ පාදය හෙවත් චන්ද්‍රයා සිටින නැකතේ පාදය පදනම් කරගනිමින් ඊට අයත් දශා චක්‍රය අධ්‍යයනය කළ හැක. මෙහිදී නැකැත් චක්‍රයේ නැකැත් 27 සාව්‍ය නැකැත් හා අපසව්‍ය නැකැත් ලෙස වර්ග කරනු ලැබේ. එහිදී සව්‍ය නැකැත් 15ක්ද, අපසව්‍ය නැකැත් 12ක්ද හඳුනාගත හැක. මෙලෙස සව්‍ය හා අපසව්‍ය ලෙසට නැකැත් 27 වර්ග කළ පදනම නම් සිතගත නොහැක. එසේම ඒ පිළිබඳ කිසිදු සටහනක් ජ්‍යොතිෂය පොතපතෙහි නොමැත. කෙසේ වෙතත් මෙලෙස සව්‍ය හා අපසව්‍ය ලෙස නැකත් වර්ග කිරීමේදී කාණ්ඩ 6කට බෙදනු ලැබේ. එහිදී නැකැත් චක්‍රයේ නැකැත් උදාවන අනුපිළිවෙළටම පළමුවන නැකැතේ සිට 6 වන නැකැත දක්වා සටහන් කර නැවත 7 වන නැකතේ සිටද ඉහත ලෙසම 1 සිට 6 දක්වා කාණ්ඩවලට අනුරූපව සටහන් කරනු ලැබේ. මේ ආකාරයට නැකැත් 27 පෙළගැස්වීමෙන් සව්‍ය හා අපසව්‍ය නැකැත් කාණ්ඩ ලබාගත හැක. මෙහිදී 1, 2, 3 යන කාණ්ඩ අංක යටතට වැටෙනා නැකත් සව්‍ය නැකැත් ලෙසද, 4, 5, 6 යන අංක යටතට වැටෙනා නැකැත් අපසව්‍ය නැකැත් ලෙසද වේ. මේ ආකාරයට නැකැත් 27 බෙදා දැක්වීමේදී 1, 2, 3 යන කාණ්ඩ අංක යටතේ සව්‍ය නැකැත් කොටසට නැකැත් 15ක්ද, 4, 5, 6 යන කාණ්ඩ අංක යටතේ අපසව්‍ය නැකැත් කොටසට නැකැත් 12ක්ද අයත් වේ.

මෙම කාලචක්‍ර දශා ක්‍රමය ග්‍රහයන්ගේ දශා ක්‍රමයක් නොව රාශි දශා ක්‍රමයකි. කාලචක්‍ර දශා ගණනය සඳහා දශා චක්‍ර අත්‍යවශ්‍ය වේ. එම දශා චක්‍රද දෙයාකාරය. එනම් සව්‍ය චක්‍රය හා අපසව්‍ය චක්‍රය ලෙසය. මෙහිදී ජන්ම නැකැත අයත් වනුයේ සව්‍ය නැකැතට නම් අදාළ කාලචක්‍ර දශාව දක්ෂිණාවෘත ලෙසද, ජන්ම නැකැත අයත් වනුයේ අපසව්‍ය නැකතකට නම් අදාළ කාලචක්‍ර දශාව වාමාවෘත ලෙසද වේ. නැකැත් 27 සව්‍ය හා අපසව්‍ය නැකැත් ලෙස බෙදී යන ආකාරය පහත දැක්වේ.



තවද නැකතකට පාද 4 බැගින් නැකැත් 27ට නැකැත් පාද 108කි. එලෙසටම සව්‍ය නැකැත් 15ට අදාළව එක් නැකතකට පාද 4 බැගින් නැකැත් 15ට නැකැත් පාද 60කි. එසේම අපසව්‍ය නැකැත් 12ට අදාළව එක් නැකතකට පාද 4 බැගින් නැකැත් 12ට නැකැත් පාද 48කි. උත්ත සව්‍ය නැකැත් 15 සඳහා නැකැත් පාදයකට අදාළව අංශක දශාව ලෙස මේෂයේ සිට මීනය දක්වා නවාංශක පෙළගස්වා ඇත. එහෙත් අපසව්‍ය නැකැත් 12 සම්බන්ධව නැකැත් පාදයකට ගැළපෙන ආකාරයෙන් අංශක දශාවේ නවාංශක පෙළගස්වා නොමැත. සව්‍ය හා අපසව්‍ය නැකැත්වල පවතින වෙනස මෙම අංශක දශා වෙනසයි. තවද මෙම අංශක දශාවට අනුරූපව මුළු දශා වර්ෂ ප්‍රමාණයද දක්වා ඇත. මෙහිදී සව්‍ය වුවද අපසව්‍ය වුවද එකම අංශක දශා නවයට හිමි මුළු දශා වර්ෂ ප්‍රමාණය සමානය. මෙහිදී අංශකය යනුවෙන් දිගින් දිගටම සඳහන් වනුයේ නවාංශකයම වේ. එහිදී තේජෝ නවාංශකයකට කාලචක්‍ර දශාව අවුරුදු 100ක් ලෙසද, පඨවි නවාංශකයකට කාලචක්‍ර දශාව අවුරුදු 85ක් ලෙසද, වායෝ නවාංශකයකට කාලචක්‍ර දශාව අවුරුදු 83ක් ලෙසද, ආපෝ නවාංශකයකට කාලචක්‍ර දශාව අවුරුදු 86ක් ලෙසද වේ. නවාංශකයනට අනුරූපව අංශක දශාව ඉහත ආකාර වුවද රාශියනට අනුරූප රාශි දශාව පහත ආකාරවේ.



ජන්ම නැකතේ නැකැත් පාදයට හිමි ආරම්භ කාල චක්‍ර දශාවේ සිට රාශි දශා 9ක එකතුවෙන් එක් එක් අංශක දශාවට අනුරූපව එහි මුළු දශා වර්ෂ ප්‍රමාණය ලැබේ. මෙය පහසුවෙන් අවබෝධ කර ගැනීමට නම් කාලචක්‍ර දශාවට අදාළ සව්‍ය චක්‍රය හා අපසව්‍ය චක්‍රය අවශ්‍ය වේ. එම චක්‍ර දෙක මා මෙම ලිපියේ සඳහන් නොකළේ එය දක්ෂ ගුරු ඇසුරක් තුළින් ක්‍රමානුකූලව, විධිමත්ව උගතයුතු බැවිනි. තවද මේ සම්බන්ධව නිවැරැදිව හැදෑරූ කාල උපන් නැකතේ නැකැත් පාදය අනුව කාලචක්‍ර අංශක දශාවද චන්ද්‍රයා නැකැත් පාදයේ ගමන් කළ ප්‍රමාණයට සාපේක්ෂව දශා අපහරණයද සෙයාගත හැක. තවද මෙම රාශි දශා පිළිබඳව සලකා බලන කල එක දිගට රාශි දශා ගමන් කිරීම සේම ඇතැම් විට රාශි දශා පැනීමක්ද රාශි දශා ආපස්සට ගමන් කිරීමක්ද සිදුවන බව දැකිය හැක. එසේ රාශි දශා පැමිණීමේදී එකම අංශක දශාවක් තුළ එකම රාශි දශා නවය දෙවතාවක් යෙදෙන අවස්ථාද ඇත. එනම් එකම අංශක දශාව තුළ එකම රාශි දශාව දෙවරක් ලබයි. ඉහත සඳහන් ලෙසට රාශි දශාවන්ගේ හැසිරීම පදනම් කරගනිමින් ඊට අදාළ පලාපල පවසනු වස් රාශි දශාව ගති 7කට වර්ග කර ඇත. ඒ මෙසේය.
* ජල ගතිය
* තුරඟ ගතිය
* සංහාවලෝකන ගතිය
* කුක්කුට ගතිය
* මයුර ගතිය
* මණ්ඩුක ගතිය
* සර්ප ගතිය
කාලචක්‍ර දශාවේ සව්‍ය හා අපසව්‍ය චක්‍රවල රාශි දශාවනට අනුරූපව උක්ත ගති 7 නිර්මාණය වනුයේ මෙසේය.

  1. මේෂයේ සිට ධනුවටද, වෘශ්චිකයේ සිට මීනයටද රාශි දශා වෙනස් වීම තුරඟ ගතියයි.
  2. මීනයේ සිට වෘශ්චිකයටද, ධනුවේ සිට මේෂයටද ලෙස රාශියකින් 5 හෝ 9 ලෙස රාශි දශා වෙනස් වීම සිංහාවලෝකන ගතියයි.
  3. මිථුනයේ සිට සිංහයටද, සිංහයේ සිට මිථුනයටද ලෙසත් එක් රාශියකින් පසුපසට තවත් රාශියක් ආකාරයට රාශි දශා වෙනස් වීම කුක්කුට ගතියයි.
  4. සිංහයේ සිට කටකයට රාශි දශාව වෙනස් වීම මයුර ගතියයි.
  5. කන්‍යාවේ සිට කටකයට රාශි දශා වෙනස් වීම හෙවත් රාශියක් හැර රාශියක් පැනීම මණ්ඩුක ගතියයි.
  6. කටකයේ සිට සිංහයට රාශි දශාව වෙනස් වීම සර්ප ගතියයි.
  7. වාමාවෘතව හා දක්ෂිණාවෘතව යන ක්‍රම දෙකටම පිළිවෙළින් නොනැසී එක දිගට යන්නාවූ දශා වෙනස් වීම ජල ගතියයි. උක්ත ගති 7 අතුරින් මණ්ඩුක, කුක්කුට හා සිංහාවලෝකන ගති අසුබය.

    තවද සව්‍ය නැකැත් චක්‍රයේ මණ්ඩුක ගතිය පවතින කාල දෙමාපිය ඥාති හිතමිත්‍රාදීන්ට විපත් ඇතිවේ. සතුරන්ගෙන් වස විසවලින් මෙන්ම ආයුධවලින්ද විපත් ගෙනදේ. රාජ භය මෙන්ම අසනීප තත්ත්වද ඇතිවේ. එසේම කුක්කුට ගතිය පවතින කල ධන හානි, වස්තු, දේපොළ හානි, පියාට මෙන්ම වැඩිහිටි ඥාතීන්ට මාරක අපල හා අලස බව ගෙනදේ. එසේම සිංහාවලෝකන ගතිය පවතින කල සතුන්ගෙන් පීඩා, ඥාති මිත්‍රාදීන්ට මාරක, ජලයේ ගිලීම් හදිසි අනතුරු රෝගාබාධ, වස විස හානි මෙන්ම පදිංචි ස්ථානයේ විනාශයද ගෙනදේ.

    අපසව්‍ය නැකැත් චක්‍රයේ මණ්ඩුක ගතිය පවතින කල බිරියට මෙන්ම දුවා දරුවන්ට විපත්, අසනීප ගති ගෙනදේ. එසේම කුක්කුට ගතිය පවතින කල හදිසි අනතුරු, පියාට විපත්, රාජ්‍ය දඬුවම්, දුෂ්කර ප්‍රදේශවලට ස්ථාන මාරු ආදිය ගෙනදිය හැක.
    කාලචක්‍ර දශාව පදනම් කර පලාපල ගොනු කිරීමේදී මෙම දශා ක්‍රමය රාශි දශා ක්‍රමයක් බැවින් ඒ ඒ දශාවට හිමි රාශියෙහි බල දුබලතාවය හොඳින් තක්සේරු කරගත යුතුය. ඒ සඳහා අදාළ රාශි අධිපතියාගේ තත්ත්වයද එම රාශි අධිපතියා සම්බන්ධ සුබ අසුබ යෝග ආදියද එම රාශි අධිපතියාට වැටෙනා සුබ අසුබ ග්‍රහ දෘෂ්ටි ආදියද ආදීකොට ඇති මෙකී නොකී සියල්ල සැලකිය යුතුමය. එලෙස සොයාබැලීමේදී අදාළ රාශියේ බල දුබලතාවය මනාව අවබෝධවේ. තවද විංශෝත්තරී දශා ක්‍රමයේදී සේම ජන්මියකු උපත ලබන විට පවතින කාලචක්‍ර දශා ශේෂය සොයා එම ජන්මියා උපන් දිනයට එකතු කිරීමෙන් එතැන් සිට අවශ්‍ය දිනය දක්වා පැවතුණ කාලචක්‍ර දශාවන්ද දැනට පවතින කාලචක්‍ර දශාවද සොයාගත හැක.
    ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද
SendShareShare
Previous Post

2024දි රට පෙරළන දෙන්නා (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

දැන් එයා ලොකු ළමයෙක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.