• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නිරුවතට ජීවය දෙන්න මට අමාරුයි

January 16, 2021
in Heart
Reading Time: 2 mins read
A A
නිරුවතට ජීවය දෙන්න මට අමාරුයි
Share on WhatsAppShare on Facebook

⬤ හිතට සතුටක් නැතිව රඟාපල වැඩක් නෑ…

⬤ බැරි දේවල් කරන්නේ නැහැ…

විවිධ චරිත නිරූපණය කරමින් කාලෙන්, කාලෙට ටෙලිනාට්‍ය කරළියට එකතු වන තවත් තාරකාවියක් තමයි රිතු ආකර්ෂා කියන්නේ. ඇය මේ දවස්වල විවිධ චරිත නිරූපණය කරමින් ඔබ වෙතට සමීප වෙනවා. ඉතින් ඒ සමීප වීමත් සමඟ ‘මව්රට’ පිටු අතර ඇයව හැඩ කිරීමට නතර කරගත්තේ මේ විදියට.
රිතූට මේ දවස්වල ආරක්‍ෂාව
🔴 රැකවරණය වැඩිවෙලා වගෙයි?
ඔව් නේ… ‘දාම්’ ටෙලිනාට්‍යයේ ‘දිව්‍යංජලී’ ලෙසට තමයි මම රඟපාන්නේ. ‘දිව්‍යංජලි’ කියන්නේ නිළියක්. ඒ නිසාම ආරක්‍ෂාව රැකවරණය ලබා දෙනවා. ‘දාම්’ ටෙලිනාට්‍ය මෑත කාලයේ නිර්මාණ වුණු ටෙලිනාට්‍ය අතර සුවිශේෂී කලාත්මක නිර්මාණයක්. හරියටම කිවුවොත් චිත්‍රපටයක් විදියට තමයි ‘දාම්’ රූගත කිරීම් කරන්නේ. මමත් ගොඩාක් ආශාවෙන් සම්බන්ධ වුණු ටෙලිනාට්‍යයක්.
🔴 එයට අමතරව ඔබ ඓතිහාසික නිර්මාණවලට සම්බන්ධ වීමේ ලොකු ආශාවක් තිබෙන බව දකිනවා?
අපේ උරුම ගැන කතාවන ඓතිහාසික කතාවන්වලට සම්බන්ධ වෙන්න මගේ හිතේ ලොකු ආශාවක් තිබුණා. එවැනි චරිත නිරූපණය කිරීම පහසු කටයුත්තක් නෙවේ එය මට අභියෝගයක්. හිරු දේව, උරුමයක අරගලය, මහාවිරු පාණ්ඩු ටෙලිනාට්‍යවල මම සුවිශේෂී චරිත නිරූපණය කළා. මේ දවස්වල විකාශය වන ‘මහාවිරු පාණ්ඩු’ ටෙලිනාට්‍යයේ ‘කුම්බක ගුනා’ ගැන ගොඩදෙනෙක් කතාබහ වෙනවා.
🔴 මෙගා ටෙලිනාට්‍ය නිළියක් නිසාද ඔබට සිනමාවේ ඉඩකඩ අඩු?
මම කොහොත්ම කැමැති නැහැ මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ අයව එහෙම වර්ගීකරණය කරනවාට. අපට ටෙලිනාට්‍යවල විතරක් නෙවේ චිත්‍රපටවලත් සුවිශේෂී චරිත නිරූපණය කරන්න පුළුවන් දක්‍ෂතාවක් තිබෙනවා. එයට අවස්ථාවක් නැතිකම තමයි ප්‍රශ්නය.
🔴 ඉතින් ඔබ තවමත් ප්‍රමාද ඇයි සිනමාවට?
චිත්‍රපටවලට මට ආරාධනා ආවා. හැබැයි ඒ චරිතවලට මගේ හිතේ කැමැත්තක් තිබුණේ නැහැ. හිතට සතුටක් නැතුව රඟපාලා වැඩක් නැහැ. හොඳ අධ්‍යක්‍ෂවරයෙක් යටතේ හොඳ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවා.
🔴 ඔබ චිත්‍රපට ප්‍රතික්‍ෂේප කළේ අඩනිරුවත් නිසාද?
ප්‍රේක්‍ෂකයන් කැමැති දෙය අප දිය යුතුයි. ඔවුන් නිසා තමයි අපිත් රැඳිලා ඉන්නේ. ඔවුන් අපිව ප්‍රතික්‍ෂේප කළොත් අධ්‍යක්‍ෂවරුන් අපව නිර්මාණවලට ගන්නේ නැහැ. ඒ නිසා තමයි ටෙලිනාට්‍යවලින් මට ආරාධනා වැඩි. අඩ නිරුවත් චරිතවලට මම ගැළපෙයි කියලා මම හිතන්නේ නැහැ. එයත් එක්තරා කලාවක් තමයි. මට එවැනි චරිතයකට ජීවය දෙන්න අමාරුයි කියලා මම හිතන්නේ. බැරි දේවල් කරලා වැඩක් නැහැ.
🔴 නිර්මාණයන් පිටුපස පෞද්ගලික සම්බන්ධකම් තිබිය යුතුද?
එහෙම තිබිය යුතුයි කියලා මම කියන්නේ නැහැ. අනෙක මගේ එහෙම කිසිම පෞද්ගලික සම්බන්ධකම් නැහැ. මම ඉල්ලන්නේ මට ර`පාන්න තියෙන නිර්මාණයේ පිටපත. නිර්මාණය කරන්නේ කවුද කියලා විශේෂයෙන් හොයලා බලනවා. කණ්ඩායමක් විදියට එකමුතුව වැඩ කරන්න පුළුවන්නම් විතරයි මම වැඩක් බාර ගන්නේ.
🔴 අතිනත ගැනීම තවමත් ප්‍රමාද ඇයි?
මට ගැළපෙන සුදුසු කෙනෙක් තවම ලැබිලා නැහැ. කසාද බඳිනවා කියලා නිකම් කරන්නම් වාලේ කරලා වැඩක් නැහැ. අවුරුදු පනහක් හරි ගිහින් සුදුසු කෙනා මට ලැබුණොත් එදාට මමත් කසාද බඳීවි. හැම කෙනෙක්ම කැමැති සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්න තමයි. රූපෙට, පාටවලට ආදරය කරලා වැඩක් නැහැ එතැන මනුෂ්‍යකම් නැතිනම්.
🔴 විවිධ සමාජ මාධ්‍ය හරහා නිළියන්ට අපහාස කරනවා. එය ගැන ඔබට යමක් කිවහැකිද?
හරිම කනගාටුයි ඒ ගැන. විවිධ අයට අපහාස කරමින් ඔවුන් මුදල් උපයාගෙන ජීවත් වෙන්න දඟලනවා. එවැනි බොරු දේවල් අහන්න, දකින්න ලැබීමත් ලැජ්ජයි. ඔවුන් බලන්නේ කාගේ හරි චරිතයක් ඝාතනය කරන්න. මාධ්‍ය සමඟ අපිත් ගනුදෙනු කරන්න කැමැතියි. එහෙම ගනුදෙනු කලාම ඒවාට කියන දේවල් වෙන විදියකට උළුප්පලා ඔය ‘යූ-ටියුබ්’ චැනල් ගොසිප් මවනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රන්ජන් සහ ඇලෝෂියස් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ජීවිතයක සියල්ල තීන්දු කරන අෂ්ටෝත්තරී දශා

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.