• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රන්ජන් සහ ඇලෝෂියස් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

January 16, 2021
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 6 mins read
A A
රන්ජන් සහ ඇලෝෂියස් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බැඳුම්කර වංචාව විමර්ශන කරන්න ගත්ත තීරණය හරි. ජනතාව එතුමාට සහාය දිය යුතුයි. හේතුව හොරකම් අල්ලලා හොරුන්ට දඬුවම් දෙන එක අපේ මැතිවරණ පොරොන්දුවක්. මාව පක්‍ෂයෙන් අයින් කළත් මාව මගේ ආසනයෙන් ඉවත් කළත් මම ඇත්ත කියන්න ඕනෑ. බොරු කිව්වොත් කටේ පිළිකා හැදෙනවා. අපේ පක්‍ෂයේම අයත් මේ වංචාවට හවුල්. අද අපේ ආණ්ඩුවේ ඉන්න දේශපාලනඥයන් අවුරුදු 20ක් විපක්‍ෂයේ ඉඳලා බලයට ආවේ. ඒ අය සාගතේ හිටියේ. දැන් ඇවිත් රටේ සම්පත් කාගෙන කාගෙන යනවා…”

මේ කතාව කිව්වේ වෙන කවුරුවත් නොව රන්ජන් රාමනායකය. ඔහු ඒ කතාව කිව්වේ මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් ලෙසය. හරියටම 2018 ජනවාරි 17 ඔහු මේ කතාව කිව්වේ පළාත් පාලන ඡන්දය මැදදීය.
බැඳුම්කර වංචාව ගැන පළමුව කතා කළ යූ.ඇන්.පී. මන්ත්‍රිවරයා රන්ජන්ය. ඔහු බය නැතිව බැංකු මංකොල්ලයක් සිදුවී ඇති බව කීවේය. ඔහු එහෙම කීවේ ලැජ්ජාවෙන්ය. ඔහු දේශපාලනයට ආවේම හොරකම නැතිකරන්න ප්‍රතිඥා දෙමින්ය.

ඔහුට දේශපාලනයට එන ලෙස මුලින්ම ආරාධනා ලැබුණේ චන්ද්‍රිකාගෙන්ය. ඔහු එය ප්‍රතික්‍ෂේප කළත් නළුවෙක් ලෙස වසර 17ක යූ.ඇන්.පී. ආණ්ඩුවේ හොරකම්වලට එරෙහිව කතා කළේය. චන්ද්‍රිකා ඔහුට ඥාති වුණත් චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ හොරකම් ගැන ඔහු ප්‍රසිද්ධියේ කතා කළේය. වරක් හෙළයේ මහා නළු ගාමිණි ෆොන්සේකා රන්ජන්ට ප්‍රසිද්ධ වේදිකාවේ චරිත සහතිකයක් දුන්නේ මෙසේය.

‘මෙතැන ඉන්න කවුරුත් බයයි ඇත්ත කතා කරන්න. මමත් ඇත්ත කතා කරන්න ගිහින් මගේම යාළුවෝ උඹේ ජීවිතේ අනතුරේ කියලා ලියුම් එවල තියෙනවා. මම බොහොම ආඩම්බර වෙනවා එක මිනිහෙක් හරි ජීවිතේ බල්ලට දමලා කෙළින් කතා කරපු එක ගැන. ඒ කොල්ලා වෙන කවුරුවත් නෙවෙයි රන්ජන්…’

මේ ගාමිණී රන්ජන්ට දුන්න චරිත සහතිකයය. ගාමිණී රන්ජන්ට ඒ චරිත සහතිකය දුන්නේ රන්ජන් චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ දූෂණවලට එරෙහිව කතා කරපු නිසාය. රන්ජන්ට දේශපාලනයට එන්න මහින්දත් ආරාධනා කළේය. වරක් මහින්ද ජනාධිපති වී අරලියගහ මන්දිරයට නළු නිළියන් කැඳවූ වේලාවේ රන්ජන් කෙළින්ම මහින්දගෙන් ආණ්ඩුවේ හොරකම් ගැන ප්‍රශ්න කළේය. එහිදී හොරකම් නැති කරන්න රන්ජන්ට දේශපාලනයට එන්න යැයි මහින්ද ආරාධනා කළේය. රන්ජන් ඒ ආරාධනාව ප්‍රතික්‍ෂේප කළේය.

චන්ද්‍රිකා වගේම මහින්දත් රන්ජන්ට දේශපාලනයට එන්න ආරාධනා කළ විට ඒ ආරාධනා ප්‍රතික්‍ෂේප කළ රන්ජන් එවකට විපක්‍ෂ නායක රනිල් රන්ජන්ට දේශපාලනයට එන්න යැයි ආරාධනා කළ විට ඒ ආරාධනාව පිළිගත්තේය. රනිල් හොරෙක් නොවේ යැයි ඔහු තුළ ලොකු විශ්වාසයක් තිබුණි. රනිල් ආරාධනාව කළ විට ඔහු සමීපතම දේශපාලන මිතුරන්ගෙන්, මාධ්‍යවේදීන්ගෙන් විමසා සිටියේ රනිල්ගේ පිරිසුදුකම ගැනය. තමාට යූ.ඇන්.පී.ය ගැන චරිත සහතික දීමට බැරි වුවත් රනිල්ගේ පිරිසුදුකම ගැන දැඩි විශ්වාසයක් ඇති නිසා රනිල්ගේ ආරාධනාව පිළිගන්නා බව ඔහු හැමෝටම කීවේය. 2008 සබරගමු පළාත් සභා ඡන්දයට ඔහු මහඇමැති අපේක්‍ෂකයකු ලෙස යූ.ඇන්.පී.යෙන් ඉදිරිපත් වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්ය. එතැන් සිට ඔහු පෙනී සිටින්නේ රනිල් වෙනුවෙන්ය. රනිල්ව විවේචනය කරන, රනිල්ට පහර දෙන්නන්ට ගහන්න රනිල්ගේ වටේ ඉන්නා අයත් බය වෙද්දී රන්ජන් ඔවුන්ට පහර ගහන්නේ බය, සැක නැතුවය. වරක් පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පාලිත තෙවරප්පෙරුම රනිල්ට පහර දෙන්න යද්දී රනිල්ව ආරක්‍ෂා කරගත්තේ රන්ජන්ය.

ඒත් 2015 බැඳුම්කර වංචාවට පසු ඔහුට ඔහු ගැනම කලකිරීමක් ඇති වන්නේ තමන් බොක්කෙන්ම පෙනී සිටි රනිල්ට එරෙහිව බැඳුම්කර වංචාව කරළියට එද්දීය. 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාලගේ වේදිකාවේ තරුව වන්නේ රන්ජන්ය. රාජපක්‍ෂලාත්, රාජපක්‍ෂලාගේ මැති ඇමැතිවරුත් කරපු හොරකම් අල්ලලා ඒවාට දඬුවම් දීලා ඒ හොරකම් කළ මුදල් දුප්පත් ජනතාවට බෙදා දෙනවා යැයි ඔහු කියන්නේ ජනතාවගේ විසිල් හඬ මැද්දේය. ඒත් 2015 දින්නාට පසු රාජපක්‍ෂලාගේ දූෂණ, වංචා රනිල් යට ගහල හංගනවා යැයි කතා පැතිරෙද්දී රන්ජන්ට රනිල්ගේ අවංකභාවය ගැන තව තවත් ප්‍රශ්න මතු විය.

ගෝඨාභය රාජපක්‍ෂ 2015 පරාජයෙන් පසු නිල නිවෙසින් සිය නුගේගොඩ පෞද්ගලික නිවෙසට යද්දී මාධ්‍යද සමඟ පසුපස පන්නා ගොස් රනිල්ට දුරකතන ඇමැතුමක් දී සවිස්තර වාර්තාවක් දුන්නේය. රනිල් ඔහුට බැනවැදුණි. මෙලෙසම ඔහු රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් ගැන සොයමින් පසුපස පන්නමින් ඔවුන්ට එරෙහි චෝදනා රනිල් අතට පත්කරද්දී රනිල් ඒවා ගණන් ගත්තේ නැත.

බැඳුම්කර වංචාව ගැන දැනගත් විගස ඔහු එය හෙළිදරව් කරමින් පළමුවරට කට ඇරියේ ජනතාව අතර තමා ගොඩනඟාගත් ප්‍රතිරූපයට හානි වේය යන බියෙන්ය. බැඳුම්කරය ගැන හොයන්න කෝප් කමිටුව තීරණය කොට එහි වාර්තාව එළියට දැම්ම විට ඒ වාර්තාවට සංශෝධන එකතු කරන්න යැයි රනිල් කෝප් කමිටුවේ යූ.ඇන්.පී. සාමාජිකයන්ට උපදෙස් දුන්නේය. ඔවුන් ඒ උපදෙස් පිළිගෙන ඒ සංශෝධනවලට අස්සන් තැබුවේ රනිල්වත්, ආණ්ඩුවත් ආරක්‍ෂාකර ගන්නටය. කෝප් කමිටුවේ සාමාජිකයෙක්ව සිටි රන්ජන් රනිල්ගේ උපදෙස් ප්‍රතික්‍ෂේප කොට ඒ සංශෝධනවලට අස්සන් තැබුවේ නැත. ඔහු 2018 අප්‍රේල් මාසයේ 18 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මෙසේ කීවේය.

‘රනිල් වික්‍රමසිංහ මැතිතුමා අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපති ලෙස පත්කරන්න ගත්ත තීරණය වැරැදියි. ඔහුත් ඔහුගේ බෑණා අර්ජුන් ඇලෝෂියසුත් මේ වංචාව කළා. එක වරක් නොව කිහිප වරක්ම කරල තියෙනවා. ඒ බව කෝප් කමිටුවේදී හෙළි වුණා. මම හිතන්නේ නැහැ ඒක අත්වැරැදීමක් කියල. ඒක හිතාමතා කළ වංචාවක්. මම කියන්නේ නැහැ මේ වංචාවේ සල්ලි ඔක්කොම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ සාක්කුවට ගියා කියලා. ඒ වගේම මම කියන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ කියන්නේ ශුද්ධ වූ පාරිශුද්ධ චරිතයක් කියලා…’

රන්ජන් මේ කතාව කියද්දී අගමැති ධුරයේ සිටි රනිල්ට කේන්ති ගියේය. රන්ජන්ව කටාන ආසනයේ සංවිධායක ධුරයෙන් ඉවත් කළ බව රනිල් නිවේදනය කළේය. ඒත් රන්ජන්ගේ කට වහන්න බැරි විය. ඔහු රනිල් සහ මහින්ද මිත්‍රයන් බවත්, රනිල් මහින්දගේ හොරකම් හංගන බවත්, මහින්ද රනිල්ගේ හොරකම් හංගන බවත් කීවේය.

‘ගෝඨාභය මහත්තයා දින්නත් කවදාවත් රනිල්ගේ හොරකම් අල්ලන්නේ නැහැ. මේ ගොල්ලෝ හොඳ යාළුවෝ. මම නම් මේගොල්ලන්ගේ යාළුවෙක් නෙවේ. මම තිත්ත ඇත්ත කතා කරන්නේ. ඒ නිසා මාව මේ දෙගොල්ලන්ටම පේන්න බැහැ…’

මේ රන්ජන් 2019 දෙසැම්බර් 31 වැනිදා ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු කිව්ව කතාවය. රන්ජන් කීවේ රාජපක්‍ෂ ආණ්ඩුව බැඳුම්කර හොරු අල්ලන්නේ නැහැ කියාය. ඔහු 2018 මාර්තු 2දා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා කීවේ අර්ජුන් ඇලෝෂියස් සල්ලි දුන්න දේශපාලනඥයන්ගේ නම් ලැයිස්තුව තමන් ළඟ තියෙනවා කියාය. ආණ්ඩුවේත්, විපක්‍ෂයේත් මන්ත්‍රිවරු ඇලෝෂියස්ගෙන් සල්ලි අරන් තියෙනවා කියාය. ඔහු මේ කතාව කිව්වේ මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ සිටිමින්ය. ඒ වගේම රන්ජන් රාජපක්‍ෂලා සහ අර්ජුන් ඇලෝෂියස්ගේ මිත්‍රකම පෙන්වන ඡායාරූපයක්ද ප්‍රසිද්ධ කළේය.

2019 ජනාධිපතිවරණය පරාජයට පසු රන්ජන් දුමින්ද සිල්වාගේ නඩුව සම්බන්ධ කතා කරන හඬපට සහ නිළියන් සමඟ කතා කරන හඬපට ආණ්ඩුව විසින් ප්‍රචාරය කරද්දී තමන් සතුව අර්ජුන ඇලෝෂියස්ගේ හඬපට තිබෙනවා යැයි රන්ජන් කීවේය. ඒත් ආණ්ඩුව ඒවා ඉල්ලුවේ නැත.

2019 දෙසැම්බර් 04 දා යූ.ඇන්.පී.ය නිවේදනයක් කරමින් කීවේ රන්ජන්ට නාමයෝජනා නොදෙන බවය. ඒ වගේම යූ.ඇන්.පී.ය රන්ජන්ගේ පක්‍ෂ සාමාජිකත්වයද තහනම් කළේය. රන්ජන් එයට පිළිතුර දුන්නේ මෙසේය.

‘මට නාමයෝජනා නොදෙන්න මොකක්ද මම කරල තියෙන වරද? මම බැඳුම්කර වංචාවට සම්බන්ධ නැහැ. මම අර්ජුන් ඇලෝෂියස්ට කතා කරල සල්ලි ඉල්ලලා නැහැ.

මේ එදිනම රන්ජන් මාධ්‍යයට දුන්න උත්තරයය. ඔහු මේ කතාව කියල වැඩි කලක් ගියේ නැත. ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුව අත්අඩංගුවට ගත්තේ ඇමතුම් පටිගත කරපු චෝදනාවටය. මේ කාලයේම නීතිපතිවරයා අර්ජුන් ඇලෝෂියස්ට බැඳුම්කර වංචාවට නඩු පවරා ඔහුව අත්අඩංගුවට ගන්න නියෝග කළේය. ඒත් අර්ජුන් ඇලෝෂියස් අත්අඩංගුවට පත්නොවීය. රන්ජන් අප්‍රේල් මාසයේ ඇප පිට නිදහස් විය. සජිත්ගේ පක්‍ෂයෙන් නාමයෝජනා ලැබ ඔහු ඡන්දය ඉල්ලුවේය. ගම්පහ දෙවැනියාට වැඩිම මනාප ගත්තේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පසුගිය සතියේ වසර හතරකට රන්ජන් හිරේට නියම විය. ඒ විනිසුරුවන් සහ නීතිඥයන් දූෂිත යැයි ඔහු කළ චෝදනාවක් සම්බන්ධයෙන්ය. ඔහු මේ ප්‍රකාශය කළේ මෛත්‍රි – රනිල් ආණ්ඩු කාලයේය. තමා අධිකරණයට අපහාස කළා යැයි තමාට නඩු පවරන බව දැනගත් විගස රන්ජන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කීවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාද තව බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන්ද විනිසුරුවන් දූෂිත යැයි පවසා ඇති බවය.

රන්ජන්ට එරෙහි අපහාස නඩුව අහන්න ගත්තේ 2018 සැප්තැම්බරයේය. අද ඔහු වසර හතරකට හිරේය. ඔහුගේ මන්ත්‍රි ධුරයද අහිමි වීමට ඉඩ තිබේ. බැඳුම්කර වංචාව සිදුවූයේ 2015 මාර්තු මාසයේය. මෛත්‍රිපාල වංචාව ගැන හොයන්න කොමිසමක් පත්කළේය. මෛත්‍රිපාල උසාවියේ නඩුවක්ද ගොනු කළේය. මෛත්‍රි සහ රනිල්ගේ ආණ්ඩුව බැඳුම්කර වංචාවට දඬුවම් දෙන්නේ නැහැ කියලා එවකට ඒකාබද්ධ විපක්‍ෂය රට වටේම කිය කියා ගියේය. තමන් බලයට ආ විගස බැඳුම්කර වංචාකරුවන් අල්ලා සිරකොට ඔවුන්ට දඬුවම් දී ඒ මුදල් පවරා ගන්නා බවට ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු විය.

අර්ජුන ඇලෝෂියස් අද නිදැල්ලේය. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ නවීන පන්නයේ සුඛෝපභෝගී වාහන මිලට ගන්න හොයයි. තම නියෝජ්‍ය ඇමැතිකමත්, ආසනයත්, පක්‍ෂ සාමාජිකත්වයත් බල්ලට දමා බැඳුම්කර වංචාව ගැන රටට හෙළිකළ රන්ජන් මන්ත්‍රිකමත් අනතුරේ දමාගෙන වසර හතරකට හිරේය.

රන්ජන් වගේම රන්ජන්ගේ මාමා කෙනකු වන විජයත් හිරේට ගියේය. හිරෙන් නිදහස් වුණාට පසු විජය අපූරු සින්දුවක් කීවේය. ඒ සින්දුවේ පහත කොටස විජයට වගේම රන්ජන්ටත් හොඳින් ගැලපෙයි.

යුක්තිය උදෙසා කෑ මොර දීමයි
දඟ ගෙයි ලෑමට අප සැම කල පව
මුකවාඩම් බැඳ එකකු නසන කල
දනිව් සුවහසක් තව උපදින බව…

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පොලිසිය කරන්නේ ජනතාව ආරක්ෂා කිරීමද-ප්‍රභූවරුන් ආරක්ෂා කිරීමද?

Next Post

නිරුවතට ජීවය දෙන්න මට අමාරුයි

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.