මහජන බැංකුවේ සීදූව ශාඛාව නව පරිශ්‍රයක විවෘත කිරීම පසුගියදා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
සීදූව, කොළඹ පාරේ, අංක 425 දරන ස්ථානයේ විවෘත කෙරුණු මෙම සේවා මධ්‍යස්ථානය අති නවින තාක්ෂණයෙන් සහ සුවිශේෂිී සේවාවන්ගෙන් සමන්විතය. එමෙන්ම මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකය (Self Banking Unit) තුළින් මුදල් ආපසු ගැනීමේ, මුදල් තැන්පත් කිරීමේ හා බිල්පත් ගෙවීමේ පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැක.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම්, ඩිජිටල්, ක්‍රියාවලි කළමනාකරණ සහ තත්ත්ව ආරක්ෂණ) කේ.බී. රාජපක්ෂ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත්, අලෙවි ප්‍රධානි නාලක විජේවර්ධන, ගම්පහ ප්‍රාදේශීය කළමනාකාර නලින් පතිරගේ, සහකාර ප්‍රාදේශීය කළමනාකාර ආර්. ඥානතිලක, සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනී සුභාෂිණි ආටිගල, සීදූව ශාඛා කළමනාකාරිනී ඒ. තුෂාරා නිශාන්ති යන මහත්ම මහත්මීන් ඇතුඵ බැංකු කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සහභාගි වූහ.











