• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හැකියාවයි ආසාවයි නිසා චාන්ස් එකක් ලැබුණා

January 16, 2021
in Heart
Reading Time: 2 mins read
A A
හැකියාවයි ආසාවයි නිසා චාන්ස් එකක් ලැබුණා
Share on WhatsAppShare on Facebook

⬤ දිල්ශාන් වගේම මමත් පරිසරයට ආදරෙයි…

ගායන ක්‍ෂේත්‍රයට එකතු වුණු නවක තරුවක් තමයි රන්දික විජේනායක කියන්නේ. ඔහුව ගොඩ දෙනෙක් දැනහඳුන ගත්තේ ‘දෙරණ ඩී්‍රම්ස්ටාර්’ හරහා. ඔහුට ගායනයට සුමිහිරි හඬක් තිබුණා සේම නළුකමටද කඩවසම් පෙනුමක් තිබීමද විශේෂත්වයක්. මේ දිනවල විකාශය වන ‘මිහි’ ටෙලිනාට්‍යයේ ‘දිල්ශාන් රාජපක්‍ෂගේ’ චරිතය රඟපාන්නේ ඔහුය. ඉතින් ඔහුගේ ඉදිරි ගමන් මඟ කොයි වගේද කියා දැනගැනීමට අප රන්දිකට කතා කළා.

🔴 රන්දික දැන් වෙනදාට වඩා ජනප්‍රියයි?
ගොඩදෙනෙක් මාව දැනහඳුන ගත්තේ ‘දෙරණ ඩී්‍රම්ස්ටාර්’ හරහා. හැබැයි දැන් ඉතින් ඊටත් වඩා ප්‍රේක්‍ෂක පිරිසක් මම වටා බැඳිලා ඉන්නවා, මම දැන් නළුවෙක් නිසා.
🔴 ඔබ අපට දැන් හමුවන්නේ ‘දිල්ශාන්’ ලෙසට. එය ගැන යමක් කතා කළොත්?
‘දිල්ශාන් රාජපක්‍ෂ’ චරිතය තමයි මම ‘මිහි’ ටෙලිනාට්‍යයේ රඟපාන්නේ. ‘දිල්ශාන්’ චරිතය සඳහා මට ආරාධනා කරද්දිත් මම ගැන හොයලා බලලා තමයි මාව සම්බන්ධ කරගත්තේ. මොකද දිල්ශාන් පරිසරයට ආදරය කරන චරිතයක්. හරියටම කිවුවොත් මගේ ජීවිතයට සමාන චරිතයක්. මමත් ගොඩාක් පරිසරය සමඟ ජීවත් වෙන කෙනෙක්. මම උත්සාහ කරන්නේ ‘දිල්ශාන්’ චරිතයට උපරිම සාධාරණයක් කරන්න. මේ චරිතය වෙනුවෙන් මාව තෝරාගත්ත ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ තුෂාර තෙන්නකෝන්ට වගේම ‘දෙරණ’ රූපවාහිනී නාළිකාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට ස්තුතිය පුද කරනවා.
🔴 සංගීත ගමන නතර කරලා නළුවෙක් වෙන්න හිතුවේ?
පොඩි කාලේ ඉඳලම මම සංගීතයට ලොකු ළැදියාවක් තිබුණා. ඉතින් ඒ තිබුණු ආශාව වගේම, හැකියාවත් එක්ක 2019 ‘දෙරණ ඩී්‍රම්ස්ටාර්’ තරගයට මමත් තරග කළා. ඒ තිබුණු තරගකාරිත්වයත් සමඟ අවසන් හතර දෙනා අතරට මාව තේරුණා. ඒ කාලවලදීත් මට විවිධ නිර්මාණකරුවන් නිර්මාණවලට ආරාධනා කළා. තවත් සමහරු මට යෝජනා ගෙනාවා රඟපාන්න කියලා. ඉතින් මට ඒ තිබුණු ඉල්ලීමත් එක්ක වෙනසකටත් එක්ක රඟපාන්න හිතුවා. නළුවෙක් වෙන්න ආශාවක් තිබුණා නම් මම මීට කලින් රඟපානවා. ‘දෙරණ’ත් එක්ක ආපු ගමනක් නිසා රඟපෑමට සම්බන්ධ වෙලා මගේ තවත් පැත්තක් අඳුරගන්න පුළුවන් වෙයි.
🔴 ගොඩදෙනෙක් චෝදනා නඟනවා නවක ගායක, ගායිකාවන් රඟපාන්න ඇවිත් නාගන්නවා කියලා?
මෙහෙමයි, අපේ යම් දක්‍ෂතාවක් දැකපු නිසා තමයි අපිව නිර්මාණවලට සම්බන්ධ කරගත්තේ. අපිත් දැනගන්න ඕනෑ මියුසික් පැත්තෙනුත් යමක් කරන්න. කිසිම කෙනෙක්ට චෝදනා නඟන්න බැහැ අපි රඟපාන එකට. ප්‍රේක්‍ෂකයන් අපි රඟපානවා නරඹන්නෙ නැතුව ඉන්නේ නැහැනේ. අපි කරන දේ හරියට කළොත් කිසිම ප්‍රශ්නයක් නැතිවෙයි.
🔴 ‘ඩී්‍රම්ස්ටාර්’ කිරුළ හිමිවෙයි කියලද ඔබ බලාපොරොත්තු වුණේ?
හැමෝගෙම එකම අරමුණ කිරුළ ලබාගැනීම තමයි. කෙටි පණිවුඩ, මනාප අඩුවක් නැහැ. කිරුළ නොලැබුණා කියලා හිතේ කලකිරීමක් නැහැ. සතුටින් එළියට ආවා. මගේ ගම් පළාත කළුතර. අපි සමඟ තරග කරපු අපේම සහෝදරයෙක් තමයි ඒ කිරුළ කළුතරටම ගෙනාවේ. ‘ඩී්‍රම්ස්ටාර්’ තරගය මට අභියෝගයක්. ඒ හරහා ප්‍රවීණ ශිල්පීන්ගෙන් ගොඩාක් දේවල් ඉගෙනගැනීමට ලැබුණා. ඒ ලබපු අත්දැකීම් එක්ක රංගනය කියන දේත් අපට හැදෑරීමට අවස්ථාව ලැබුණා.
🔴 වර්තමානයේ අසන්නට ලැබෙන ගීත රැල්ල ගැන මොකද හිතෙන්නේ?
එය ගැන මට ලොකු තර්කයක් කියන්න බැහැ. මම මේ ක්‍ෂේත්‍ර දෙකටම අලුත්. හැබැයි අලුත් පිරිස තුළ විවිධ දක්‍ෂතා තිබෙන අය සිටින බව මම දකිනවා. ඔවුන්ගේ විවිධ ගීත රටාවලට ප්‍රිය කරන ප්‍රේක්‍ෂක පිරිසක් ඉන්නවා. කොළඹට වගේම, ග්‍රාමීය ප්‍රදේශවලට සීමා වුණු ගීත තිබෙනවා. කාලයත් එක්ක වෙනසක් වෙමින් හොඳ නිර්මාණ එළියට එනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මහජන බැංකුවේ සීදූව ශාඛාව නව පරිශ්‍රයකට

Next Post

තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ දේහය නොදිරා තිබීමේ රහස

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.