• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මතක නැද්ද? ඇයි උන් විතරද? (විජයසිරි ගම්ලත්ගේ රටේ පැත්ත)

January 16, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
මතක නැද්ද? ඇයි උන් විතරද? (විජයසිරි ගම්ලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල හැමෝගෙම මාතෘකාව රන්ජන් රාමනායකය. හැම තැනම කතා වෙන්නේ රන්ජන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් අවුරුදු හතරක සිරදඬුවමය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඒකමතිකව රන්ජන් උසාවියට අපහාස කොට ඇති බවට තීන්දුව ප්‍රකාශ කළත්, විපක්ෂයේ ප්‍රචාරකවාදීන් චෝදනා කර සිටින්නේ හරියට ආණ්ඩුව රන්ජන්ව හිරේ විලංගුවේ දැම්මා යැයි කියාය.

“ආණ්ඩුව රන්ජන්ව අවුරුදු හතරක් හිරේ දාලා”

“එක රටක් එක නීතියක් මේකද?”

“ආණ්ඩුව රන්ජන්ව ඇතුළට දාලා පිල්ලෙයාන්ව එළියට දැම්මා”

විපක්ෂය අද සමාජ මාධ්‍ය ජාලාවල ආණ්ඩුවටත්, රාජපක්ෂ පවුලටත් චෝදනා කරන්නේ ඔය විදිහටය.
හැබැයි මේ චෝදනා කරන අයට අමතක වී ඇති දෙයක්ද තිබේ. ඒ චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේදීත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වූ එස්.බී. දිසානායකටත් මේ විදියට උසාවියට අපහාස කළ බව කියමින් අධිකරණය නඩු තීන්දුවක් දී තිබූ බවය.

එස්.බී. එදා ඒ කතාව කළේ චන්ද්‍රිකාගේ අමාත්‍යාංශය රනිල්ගේ ආණ්ඩුවේ අමාත්‍යාංශ තුනක් පවරා ගැනීමෙන් පසුවය. ඒ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ඊට පක්ෂව දුන් නඩු තීන්දුව ප්‍රසිද්ධියේම විවේචනය කිරීමට එස්.බී. කටයුතු කළේය. ඒ ගාල්ල ප්‍රදේශයේ තිබ්බ මහජන රැස්වීමකදීය. ගාල්ලේ ඒ කාලේ මන්ත්‍රිවරයකු වෙලා සිටි චන්දිම වීරක්කොඩි එස්.බී.ගේ මේ කතාවට අදාළ හඬපටය ලබාදීමෙන් පසු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ එස්.බී.ට එරෙහිව නඩු පැවරිණ. හැබැයි එදා ඒ නඩුව වැටුණේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ආශීර්වාදය මැදය.

ඒ වන විට එස්.බී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කොට 1999 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකාව යළිත් ජනාධිපති පුටුවේ ඉන්දවන්න විශාල කාර්යභාරයක් කළ ප්‍රධාන චරිතයය. එහෙම චන්ද්‍රිකාව බලයට ගේන්න කටයුතු කළත් චන්ද්‍රිකාගේ ආණ්ඩුව යටතේ වැටුණු මේ නඩුව අසා ඉවර වෙද්දී එස්.බී.ට අවුරුදු දෙකකට හිරේ යෑමට සිදුවිය.

එස්.බී.ට ජම්පරය ඇන්දවීමත් සමඟ එදා විපක්ෂය රට පුරා උද්ඝෝෂණ සංවිධානය කළේය. නුවර ඉඳලා කොළඹට එස්.බී.ට නිදහස ඉල්ලා පෙළපාළි ආවේය. රටේ මහනායක ස්වාමීන් වහන්සේලාගෙන් නමගිය කලාකරුවන්ගෙන් අස්සන් සහිතව එස්.බී.ට නිදහස ඉල්ලා පෙස්සම් ඉදිරිපත් කළේය.

හැබැයි කොච්චර උද්ඝෝෂණ කළත්, පා ගමන් පෙළපාළි ගියත්, මහනායක ස්වාමීන් වහන්සේලා ආණ්ඩුවට ලියුම් ලිව්වත්, කලාකරුවන් පෙත්සම් ඉදිරිපත් කළත් චන්ද්‍රිකාගේ ආණ්ඩුව එස්.බී. නිදහස් කළේ නැත.

මේ ආකාරයට ජම්පරය ඇඳන් හිරේ හිටපු එස්.බී. නිදහස් වීම පසුපසත් අපූරු කතාවක් තිබේ. ඒ 2005 ජනාධිපතිවරණයය. ශ්‍රීලනිපයෙන් ජනාධිපතිවරණයට ආවේ මහින්දය. එක්සත් ජාතික පක්ෂයෙන් ආවේ රනිල්ය. ලක්ෂ එකහමාරකට වැඩි ඡන්ද සංඛ්‍යාවකින් රනිල් පරදා මහින්ද ජනාධිපති වීමෙන් පසු එස්.බී. ගැන කියන්න මහින්ද හමුවෙන්න ගියේ වෙන කවුරුවත් නොව ඩලස්ය. ඩලස් මහින්ද හමුවී ඉල්ලා සිටියේ එස්.බී.ට ජනාධිපති සමාවක් දෙන්න යැයි කියාය.

ඕනෑනම් මහින්දට ඩලස්ගේ මේ ඉල්ලීම සත පහකට ගණන් නොගෙන ඉන්න හැකියාවක් තිබිණ. මොකද එස්.බී. ශ්‍රීලනිප මහලේකම්වරයා වශයෙන් සිටියදී මහින්ද එක්ක නිතරම හැප්පුණේය. මහින්දට පහර ගැහුවේය. හැබැයි ඒ කිසිවක් නොතකා මහින්ද එස්.බී.ට ජනාධිපති සමාව දුන්නේය. එහෙම ජනාධිපති සමාවක් අරන් එස්.බී. 2009 පළාත් සභා ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂයෙන් මහ ඇමැතිකම ඉල්ලා පළාත් සභාවට තරග වැදුණේය.

හැබැයි එදා එස්.බී.ට විරුද්ධව චන්ද්‍රිකා ආණ්ඩුවේ ආශීර්වාදය ඇතිව නඩු වැටුණත් මෙදා රන්ජන්ට එරෙහිව නඩු වැටුණේ රාජපක්ෂලාගේ ආණ්ඩුවකින් නොව රන්ජන්ද ඇමැතිකම් කළ රන්ජන්ලාගේම යහපාලන ආණ්ඩුවෙනි.
මේ නිසා රන්ජන්ට අවුරුදු හතරක් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් සිර දඬුවමක් ලබාදීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලට චෝදනා එල්ල කිරීම සම්පූර්ණයෙන්ම වැරැදිය.

අනෙක මේ සියලු දෙනාම යහපාලන ආණ්ඩු සමයේදී මහින්දට විතරක් නොව මහින්දගේ පවුලේ ගෑවුනු ගෑවුනු සියලු දෙනාටමත්, මහින්දවත්, මහින්දගේ පවුල ආරක්ෂා කරන මන්ත්‍රිවරුන්ටත් පන්න පන්නා පහර ගැහුවේය. බොරු චෝදනාවලට හිරේ විලංගුවේ දැම්මේය.

මුලින්ම යහපාලන ආණ්ඩුව මහින්දගේ දෙවැනි පුත්‍රයා වූ යෝෂිතව කූඩුවට දැම්මේය. ඒ වන විට යෝෂිත රාජපක්ෂවරුන්ගේ දේශපාලනයට කිසිදු ආකාරයකින් හෝ සම්බන්ධව සිටි අයකු නොවීය. නමුත් යෝෂිතව අත්අඩංගුවට ගත් එදා යහපාලන ආණ්ඩුව යෝෂිත ඒ වන විට රාජකාරි කළ නාවික හමුදා සාමාජිකත්වයද තහනම් කිරීමට පියවර ගත්තේය.

බැසිල්ද ඒ වන විට ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඇමෙරිකාවට ගොස් සිටියේය. එසේ සිට නැවත ලංකාවට එන බව දැනගත් වහා යහපාලන ආණ්ඩුව කළේ කටුනායක රැක සිට බැසිල්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමය. එක වරක් නොව දෙවරක්ම මෙසේ බැසිල්ව අල්ලා කූඩු කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළේය.
ඉන්පසුව මහින්දගේ වැඩිමල් පුත්‍රයා වූ නාමල්ව විවිධ චෝදනා යටතේ තුන්පාරක් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළෛ්ය.

එවකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභයට චෝදනා ගණනාවක් එල්ලකොට කෙසේ හෝ ඔහුව අත්අඩංගුවට ගෙන සිරගත කරන්නට යහපාලන ආණ්ඩුව එදා පුදුම සටනක් දුන්නේය. ගෝඨාට එරෙහිව නඩු පිට නඩු දැම්මේය. යහපාලන ආණ්ඩුවේ මේ අත්අඩංගුවට ගෙන සිරගත කිරීමේ සෙල්ලමෙන් ගෝඨා යන්තම් ඇඟ බේරාගෙන සිටියේ උසාවියට කරුණු පැහැදිලි කොට අපේක්ෂිත ඇප ලබාගැනීම හරහාය.

මීට අමතරව රාජපක්ෂ පවුලට සමීපව කටයුතු කළ විමල් වීරවංශට, උදය ගම්මන්පිලට, ජොන්ස්ටන් ප්‍රනාන්දුට, ජනක බණ්ඩාර තෙන්නකෝන්ට, ගාමිණී ලොකුගේට, මහින්දානන්ද අලුත්ගමගේට අධිකරණය හමුවේ දිගට හරහට යහපාලන ආණ්ඩුව කාලේ නඩු වැටෙන්නට විය. මේ මන්ත්‍රිවරු ඒ කාලේ හිරේ ගියේ එක පෝළිමට තරගයට මෙන්ය. යහපාලන ආණ්ඩුවේ සැලැසුම වූයේ මේ ආකාරයට මහින්දත් එක්ක ඉන්න මන්ත්‍රිවරුන් සිරබාරයට අරගෙන ඔවුන් බයකොට දේශපාලනයෙන් අයින් කරන්නටය. මහින්දත් එක්ක එකට සිටි අනෙක් මන්ත්‍රිවරුන් බයකොට මුළුගන්වන්නටය.

හැබැයි මෙහෙම එකා පිට එකා හිරේ විලංගුවේ දැම්මත් මහින්දත් එක්ක සිටි මේ කිසිම මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට බයේ අඩිය පස්සට ගත්තේ නැත. දින ගණන්, සති ගණන්, මාස ගණන් හිරබත් කකා මේ මන්ත්‍රිවරු යහපාලන ආණ්ඩුව පන්නා දමා අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළහ.

ඒ නිසා එන්ජන් හිරේ යෑම මේ රටේ දේශපාලනයට අලුත් දෙයක් නොවේ. පළමු සිදුවීමද නොවේ. මේ වගේ ජවනිකා ගණනාවක් පහුගිය ආණ්ඩු කාලේ මේ රටේ ජනතාවට දැකබලා ගන්නට හැකිවිය. මහින්දත් එක්ක හිටපු මන්ත්‍රිවරු ගණනාවක්ද පෞද්ගලිකව මේ අත්දැකීමට මුහුණදුන්නේය. මේවා මේ රටේ මිනිස්සුන්ට අමතක වෙන්න මැරිලා ඉපදිලා නැත.

එහෙව් එකේ විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය රන්ජන්ට අවුරුදු හතරක සිර දඬුවමක් ලබාදෙමින් දුන් තීන්දුවෙන් දේශපාලන වාසි ගන්න යනවා නම් ඒකෙන් ඔවුන් හිතන තරම් වාසියක් අත්කර ගන්න ලැබෙන්නේ නැත.

විජයසිරි ගම්ලත්

SendShareShare
Previous Post

‘වන්ෂොට් 2’ වැඩ කොටඋඩ

Next Post

මහජන බැංකුවේ සීදූව ශාඛාව නව පරිශ්‍රයකට

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.