• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබේ කසාදය හරියයිද? වරදියිද?

January 9, 2021
in Astrology
Reading Time: 1 min read
A A
ඔබේ කසාදය හරියයිද? වරදියිද?
Share on WhatsAppShare on Facebook

දෙදෙනෙක් විවාහ වීමට කලින් ඒ දෙදෙනාගේ ජන්ම පත්‍ර පරීක්ෂා කර බලා මේ දෙදෙනාට විවාහ ජීවිතයක් පවත්වාගෙන යෑමට හැකිදැයි සොයා බලන සිරිතක් ආදි කාලයේ සිටම අප රට තුළ පැවිතිණි. පොරොන්දම් බැලීම ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලියේදී පොරොන්දම් 20ක් ගැන අවධානය යොමුකරනු ලැබේ.

මෙම පොරොන්දම් විස්සෙන් පළමුවැන්නේදී ස්ත්‍රිය උපන් නැකතේ සිට පිරිමියා උපන් නැකත කීවෙනි නැකතකදැයි සොයා බලා එයින් 2, 4, 6, 8, 9, 11, 13, 15, 17, 18, 20, 22, 24, 26, 27 යන නැකතට වැටේ නම් සුබ ලෙස සලකනු ලබයි.

දෙවැනි පොරොන්දමේදී ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ගණ එකම වීම බුධ ලෙසද මනුෂ්‍ය දේව ගණ දෙකට අයත් නම් මධ්‍යම ලෙසද, දේව රාක්ෂ ගණ දෙකට අයත් වීම හෝ මනුෂ්‍ය රාක්ෂ ගණ දෙකට අයත් වීම අසුබ ලෙසද හඳුන්වාදී ඇත.

මහේන්ද්‍ර පොරොන්දමේදී ස්ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත 4, 10, 13, 22 යන අංකයට වැටේ නම් සුබ වේ. ස්ත්‍රී දීර්ඝ පොරොන්දමේදී ස්ත්‍රිය උපන් නැකතේ සිට පිරිමියා උපන් නැකත, 13න් එහා සුබ නම් සුබවේ. යෝනි පොරොන්දමේදී එකිනෙකාට සතුරු වන යෝනි, අසුබ ලෙස සලකණු ලබයි. රාශි පොරොන්දමෙන් රාශි අතර සතුරු මිතුරුකම්ද රාශි අධිපති පොරොන්දමෙන් රාශි අධිපතින් අතර සතුරු, මිතුරුකම්ද, මහා පොරොන්දමේදී රාශි අතර වශී වීම ගැනද සොයා බලනු ලබයි.

රජ්ජු පොරොන්දමෙන් විවාහයේදී දෙදෙනා අතර බැඳීම ගැනද, වේද පොරොන්දමෙන් නැකැත් අතර ඇති විරුද්ධතාවයන්ද, වෘක්ෂ පොරොන්දමෙන් දරුඵල ගැනද ආයුෂ පොරොන්දමෙන් කවරෙක් වැඩිකල් ජීවත් වන්නේද යන වගද පක්ෂි පොරොන්දමෙන් පංච පක්ෂි ශාස්ත්‍රයට අනුව දෙදෙනෙක් ගැළපීමද, භූත පොරොන්දමේදී පංච මහා භූතයන්ට අනුව දෙදෙනාගේ ගැළපීමද, ගෝත්‍ර පොරොන්දමේදී දෙදෙනා ගෝත්‍ර දෙකක වීම සුබ ලෙසද, වර්ණ පොරොන්දමේදී පුරාණ ඉන්දියාවේ පැවැති සමාජ මට්ටම් අනුව ගැළපීමද, ලිංග පොරොන්දමේදී දෙදෙනා අතර ලිංගිකව ගැළපීමද, නාඩි පොරොන්දමේදී, වාතය, පිත, සෙම යන දෝෂ ගැනද දින පොරොන්දමේදී සතියේ දින පදනම් කරගෙන දෙදෙනාගේ උපන් දින ගැළපීමත්, ග්‍රහ පොරොන්දමේදී, කේන්දර දෙකේ සිටින පාප ග්‍රහයන්ගේ පිහිටීම ගැන සැලකීමක්ද කරනු ලැබේ.

මීට අමතරව දෙදෙනාගේ ජන්ම පත්‍රවල සඳහන් වන විශේෂ ගැළපීම් කීපයක් ගැන පැරැණි ජ්‍යොතිෂ මූලාශ්‍රවල දක්නට ලැබුණද දැනට අප රටේ පොරොන්දම් ගළපන අය අතුරින් අතලොස්සක් පමණක් එම කරුණු ගැන සොයා බලන බව පෙනේ. එම කරුණු ගැන දීර්ඝ කාලයක් කරන ලද පරීක්ෂණවලින් පෙනීගිය කරුණක් නම් ඉතාමත් කලාතුරකින් හමුවන ඉතා සාර්ථක විවාහ ජීවිත ගතකරන්නන් හට මෙම ගැළපීම යෙදී ඇති බවයි. අද මෙම මව්රට ‘සක්වල’ ලිපියේ ප්‍රධාන අරමුණ වන්නේ එම විශේෂ අවස්ථා කීපයක් ඔබ අතට පත්කිරීමයි.
එක කේන්දරයක කුජ සිටින රාශියේ අනිත් කේන්දරයේ සිකුරු සිටී නම් දෙදෙනා දැඩි ආදර බැම්මෙන් බැඳී ඉතාමත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන බව සඳහන් වේ. එක කේන්දරයක සූර්යයා අනෙක් කේන්දරයේ සඳු සිටින රාශියේ සිටින විට ඒ දෙදෙනාගේ විවාහය ඉතාමත් වාසනාවන්ත බව සඳහන් වේ. තවදුරටත් පැහැදලි කරනවා නම් අපි හිතමු පිරිමි කේන්දරයේ රවි ඉන්නේ මේෂ රාශියේ කියලා. එතකොට මෙම පිරිමි කේන්දරයට ගළපන ස්ත්‍රි කේන්දරයේ සඳු මේෂ රාශියේ සිටි විට මෙම ගැළපීම යෙදේ. මෙවැනි දෙදෙනකුගේ විවාහය ආදරයෙන් බැඳුණු ඉතා රසවත් එකක් බව දැකගත හැකිවේ.

ලග්නය ඇසුරු කරගෙනද සාර්ථක විවාහ ජීවිත ගැන සොයා බලන නිවැරැදි ක්‍රමයක් තිබේ. තමන්ගේ ලග්නයේ සිට මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන අනුපිළිවෙළට ගැනගෙන යන විට තමන්ගේ ලග්නයේ තුන්වැනි, පස්වැනි, නවවැනි හෝ එකොළොස්වැනි ලග්න හිමි අයකු සමඟ විවාහ වූ අය ඉතාමත් සාර්ථක විවාහ ජීවිත ගත කරන බව සඳහන් වේ.

එක කේන්දරයක සූර්යයා අනෙක් කේන්දරයේ සඳු සිටි ස්ථානයේ සිට ගැනගෙන යන විට 3, 5, 9, 11 යන අංකයට වැටුණු විටද වෙනස් නොවන ස්ථිර සම්බන්ධයක් ඇති විවාහයයි.

කේන්දර ගැළපීම සාර්ථක ජීවිතයකට ඉතාමත් වැදගත් බව දීර්ඝ කලක් කේන්දර පරීක්ෂා කරන කෙනකුට පැහැදලිව පෙනෙන කරුණක්. ඒ වගේම විවාහක දෙදෙනා සම සීල, සම ත්‍යාග, සම ප්‍රභූ යන කරුණුවලින් යුක්ත වීම සාර්ථක යුග දිවියකට මගපෙන්වන බවයි බුදු දහමේ ඉගැන්වීම.

ජ්‍යොතිෂවේදී අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

මම කැමැති නෑ පැල්බැඳගෙන මෙගා කරන්න

Next Post

ටිටී කිව්ව ගමන් ඕන කෙනෙක් දන්නවා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.