• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මිනිසුන්ට එලොව පොල් පෙන්වන පොල්

January 10, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
මිනිසුන්ට එලොව පොල් පෙන්වන පොල්
Share on WhatsAppShare on Facebook

පොල් ගස තාල වර්ගයට අයත් ඝර්ම කලාපීය ශාකයකි. ‘කොකොස් නුසිෆෙරා’ (Cocos Nucifera) යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන පොල් ‘ඇරේසියේ’ (Areceae) කුලයට අයත් වෙයි. ඒක බීජ ශාකයක් වන පොල් මිශ්‍ර වගාවක් ලෙසත් සෙවණ ශාකයක් ලෙසත් කෘෂි වගාවේදී යොදා ගනී. ඊට අමතරව පොල් ගස බහුකාර්යය ගුණයෙන් යුතු ශාකයකි. මෙම කාර්ය පරාසය ආහාර නිෂ්පාදනයේ සිට සුවඳ විලවුන් නිෂ්පාදනය දක්වා විහිදේ. ක්‍රි.පූ. 1 වැනි ශතවර්ෂයටත් එහා වකවානුවකට හිමිකම් කියන පොල් ශාකය ‘තේන්ගෙයි’ යන දමිළ නමෙන්ද, ‘තේංගා’ යන මලයාලම් නමෙන්ද හඳුන්වයි. පොල් ශාකය ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව, බ්‍රසීලය, පිලිපීනය, මැලේසියාව, බුරුමය යන රටවලද සාරෙට වැවෙන ශාකයකි. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ හා වියළි තෙත් කලාපීය ප්‍රදේශවල පොල් ශාකය බහුලව දැකිය හැකිය. ඒ අතර පුත්තලම, කුරුණෑගල, කොළඹ යන දිස්ත්‍රික්ක ප්‍රධාන වෙයි.

ටිපිකා, නානා, ධරෙන්ටියානා ලෙස පොල් ප්‍රභේද 3කි. ටිපිකා යටතේ පොල් විශේෂ 7ක් දැකිය හැකිය. හවසි, රන් තැඹිලි, ගොන් තැඹිලි, පොර පොල, බෝදර, තමන්දලා හා දීකිරි පොල් එම විශේෂ 7 වෙයි. නානා ප්‍රභේදය යටතේ පොල් විශේෂ 3කි. තොල තුන්දිරා, කහ තුන්දිරා හා රතු තුන්දිරා වෙයි. අවසන් ප්‍රභේදය වන ධරෙන්ටියානා යටතේ පොල් විශේෂ 2ක් පවතී. ඒ රන් තැඹිලි හා නවසි තැඹිලි ලෙසය. මීට අමතරව ගෙඩියේ පිටත වර්ණය අනුවද පොල් කොටස් දෙකකට බෙදනු ලබයි. ඒ නිල් පොල් හා රතු පොල් ලෙසය. ටිපිනා ප්‍රභේදයේ පොල් ගස අඩි 60ක්, 70ක් අතර උසකින් යුක්ත වෙයි. බඳේ වට ප්‍රමාණය අඩි 2 1/2කි. පොල් අත්ත දිගය. සිටුවා අවුරුදු 7ක්, 8ක් අතර ඵලදැරීම සිදුවෙයි. පර පරාගනය මගින් පරාගනය සිදුවන මෙම ප්‍රභේදය රෝගවලට ඔරොත්තු දෙයි. අවුරුදු 50ක්, 60ක් අතර කාලයක් මෙම ප්‍රභේදය ඵලදාව දීම සිදුකරයි. නානා පොල් ප්‍රභේදය උස අඩි 25ක්, 30ක් අතරය. මිටි ස්වභාවයක් පෙන්වයි. පොල් අත්තද කෙටිය. ගසේ බඳ වට ප්‍රමාණය අඩි 1 1/2කි. සිටුවා අවුරුදු 3ක්, 4ක් ඇතුළත ඵල දැරීම සිදුවෙයි. ස්වපරාගනය තුළින් පරාගනය සිදුකරයි. වල්ලක ගෙඩි වැඩි ප්‍රමාණයක් ඵලදරන අතර ශාකයේ ජීව කාලය අවුරුදු 35ක්, 40ක් පමණය. මෙම ප්‍රභේදය රෝග හා පලිබෝධකයන්ට පහසුවෙන් ගොදුරු වෙයි. ධරෙන්ටියානා ප්‍රභේදයේ පොල් ගසක් උස අඩි 40ක්, 45ක් වෙයි. කඳ වට ප්‍රමාණය අඩි 2 1/2ක් පමණ වෙයි. අතු කෙටිය. සිටුවා අවුරුදු 7ක්, 8ක් අතර කාලයකදි ඵලදැරීම සිදුවෙයි. මෙම ප්‍රභේදයේද වල්ලක ගෙඩි වැඩිය. ස්වපරාගනය මගින් පරාගනය සිදුවෙයි. මෙම ප්‍රභේදයද ඉක්මනින් රෝග හා පලිබෝධකයන්ට ගොදුරු වෙයි.

පොල් ගස වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසාට ලැබුණු කප්රුකකි. මන්ද පොල් ගසේ කිසිවක් අපතේ යැයි ඉවත නොදමා සියලුම කොටස් පරිභෝජනයට ගතහැකි බැවිනි. පොල් ගසේ කොළ, මල්, ගෙඩි, කුරුම්බැට්ටි, හනසු, මටළු, පොල් අතු, කඳ, මුල් යන සියල්ල විවිධ අයුරින් මිනිසාට ප්‍රයෝජන දෙයි. පොල් කොළ සෙවිලි සඳහා, නිර්මාණ සඳහා මෙන්ම ඉරට්ටෙන් ඉලපත්, ඉදල් සෑදීම හා සරුංගල් වැනි භාණ්ඩ සෑදීම සිදුකරනු ලබයි. පොල් මලෙන් තෙලිජ්ජ සෑදීම එයින් පොල් රා, අරක්කු, විනාකිරි සෑදීම සිදුකරයි. කුරුම්බැට්ටි හෙළ වෙදකමේ ඖෂධ සඳහා භාවිත කිරීම මෙන්ම විසිතුරු භාණ්ඩ සෑදීමටද යොදා ගනී. හනසු, මටළු ආදියෙන් නොයෙකුත් විසිතුරු භාණ්ඩ සෑදීම මෙන්ම ළිප ගිනි මෙළවීමට යොදා ගන්නා අමුද්‍රව්‍යයක් ලෙසද භාවිත කරයි. පොල් අතු සෙවිලි කිරීම, පැළවලට සෙවණ සැපැයීම, වටාපත්, පැදුරු ආදිය විවීම සඳහා උපයෝගී කරගනී. පොල් කඳ ඉරා පරාල, උළුවහු, රීප්ප ආදිය ගැනීම සිදුකරනු ලබයි. අවසන් වශයෙන් මුලද නොයෙකුත් දේශීය ඖෂධ සෑදීමටත්, විසිතුරු භාණ්ඩ සෑදීමටත් යොදා ගනී. මෙයිට අමතරව වැඩිම ප්‍රයෝජනයක් ලබාදෙන පොල් ගසේ අංගය වනුයේ පොල් ගෙඩියයි. මෙම පොල් ගෙඩිය ලෙල්ලේ සිට කට්ටේ ඇති දුබුළු දක්වාම මිනිසාට ප්‍රයෝජනය සපයයි. පොල් ගෙඩියේ නිෂ්පාදන ලෙස කුරුම්බා, රස ගුණ දෙකම පිරි පොල් සම්බල්, පොල් තෙල්, පොල්වතුර, පොල් කිරි, පැලටද, පොල් රා හා පුන්නක්කු දැක්විය හැකිය.


පොල් ගස වැඳුම්, පිදුම් කළයුතු දේව වෘක්‍ෂයක් ලෙස පැරැන්නන් සැලැකුවේ එම ශාකය මඟින් මිනිසාට ලැබෙන මහඟු ප්‍රයෝජන නිසාය. අදටත් අපලයකට, රෝගයකට සුවය පිණිස පොල් පැළ පන්සල්වලට පූජා කිරීම සිදුකරයි. පොල් පැළය ප්‍රාණයට ප්‍රාණයක් ලෙස එදා පැරැන්නන් මෙන්ම නූතනයේ වෙසෙන ජනයාද පිළිගනී. මීට අමතරව දරුවන් නොමැති අය අදටත් ජයශ්‍රීමා බෝධීන් වහන්සේට බාර වී දරුඵල ලැබුණු පසු පැළ පොල් ගෙඩියක් පූජා කර බාරය ඔප්පු කිරීම සුලභ දසුනකි. තවද පොල් ගෙඩිය නොයෙකුත් සංස්කෘතික අංග, චාරිත්‍ර සඳහාද භාවිත කිරීම දැකිය හැකිය. විවාහ මංගල්‍ය උත්සවයකදී යුවළ පෝරුවෙන් බැස, පොල් ගෙඩියක් බිඳීම සිදුකරයි. එයි දරුඵල තිබේද යන්න බලන අතර බිඳුණු පසු බෑදෙකෙන් විශාල බෑය ගෑනු බෑය වුවහොත් එම යුවළට ගැහැනු දරුවන් වැඩි බවත්, පිරිමි බෑය විශාලව තිබුණහොත් පිරිමි දරුවන් වැඩි බවත්, බෑ දෙකේ විශාලත්වය සමාන වුවහොත් ගෑනු දරුවන්, පිරිමි දරුවන් සමානව ලැබෙන බවත්, ජනයා අතර ප්‍රචලිතය. මීට අමතරව මල්වර නැකැතේදී ද දැරිය නාවා ගෙට ආපසු මුලින්ම සිදු කරනුයේද පොල් ගෙඩියක් බිඳීමයි. මෙය දැරිය අතින්ම සිදු කරනු ලබයි.

පොල් ගසේ හා පොල්වල වරුන මෙසේ වුවද පොල් නිෂ්පාදනවලින් ලැබෙන ඖෂධීය ගුණ මෙපමණ යැයි කිව නොහැකිය. එතරම්ම ගුණ පුද්ගල ශරීරයට පොල් මගින් ලබා දෙයි. පොල් ගෙඩියේ ඖෂධීය ගුණ විවිධ මාතෘකා යටතේ දැක්විය හැකිය. ඒ පොල් කිරිවල ගුණ, පොල් වතුරේ ගුණ, කුරුම්බාවල ගුණ, පොල්තෙල්වල ගුණ හා පොල් සම්බෝවල ගුණ වශයෙනි.

මුලින්ම පොල් කිරිවල ඖෂධීය ගුණ ගතහොත්, ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් C, E, B, B3, B5, B6, යන පෝෂ්‍ය සංඝටක අඩංගුය. ඊට අමතරව තන්තු හා යකඩ මෙන්ම කැල්සියම්, සෝඩියම්, මැග්නීසියම්, පොස්පරස් හා ඛනිජ ලවනද පොල්කිරිවල බහුලව පවතී. පොල් කිරිවල මේද ප්‍රතිශතය ඉතා අඩුය. ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට ඉතා සුබය. රුධිරවාහිනී පද්ධතිය පිරිසුදු කරයි. මෙය සිදුවනුයේ පොල්කිරිවල ඇති ලෝරික් අම්ලය නිසාය. තවද පොල්කිරිවල වස – විෂ නශන ගුණයද ඇත. එනිසාම වස – විෂ ශරීරගත වූ විට ප්‍රථමාධාරයක් ලෙස පොල්කිරි පානයට දීම එදා මෙන්ම අද ද සිදුවන දෙයකි.

ජ්‍යොතිෂවේදී, දේශබන්දු
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද පානදුර

SendShareShare
Previous Post

ඩිම්පල් නැන්දා ඔබට සුබපතමි

Next Post

ශක්තිමත් නායකයකු ලෙස ලංකා බැංකුව තවත් ඉදිරිය

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.