• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කළුයි කියලා ෆේල් නොවුණු කළු කෙල්ල

January 2, 2021
in Heart
Reading Time: 4 mins read
A A
කළුයි කියලා ෆේල් නොවුණු කළු කෙල්ල
Share on WhatsAppShare on Facebook

කැලණි පාලම මගේ හැරවුම් ලක්ෂ්‍ය වුණා…

කළු හින්දා නිළියක් වෙන්න හිතුණෙ නැහැ…

‘ජයකොඩි’ යනු බොහෝ විට කලාව තුළ මුල්බැස ගත් නාමයකි…’ කෙටි හැඳින්වීමක් කරන්නේ නම්…, ‘රම්‍ය සුරම්‍ය’ ටෙලිනාට්‍යය හරහා බිමල් ජයකොඩිත්, යශෝරාවය ටෙලි කතාවෙහි කටකාර රංජනී ලෙස රත්නා ලාලනී ජයකොඩිත් ප්‍රේක්‍ෂක සිත් අතර නොමැකෙන මතක සටහන් තැබූ රංගන ශිල්පීන් වූහ. ඒ අතර තවත් එක් සුවිශේෂී රංගනවේදිනියක විය. ඈ ගීතා කාන්ති ජයකොඩිය… ‘යශෝරාව’යෙහි ‘බලදේවගේ බිරිය’ ලෙස රූපවාහිනී තිරයෙහි රස මැවූ ගීතා කාන්ති ජයකොඩි ‘පූජා’ චිත්‍රපටයෙහි ධනවත් සල්ලාල පෙම්වතා හමුවේ අසරණ වන අහිංසක පෙම්වතියක ලෙස කළ රංගනය අතිවිශිෂ්ට විය. මඳ විරාමයකට පසුව සුමිත් රත්නායකගේ ‘මහපොළොව’ තුළින් නැවැතත් ටෙලි තිරය කලඹාලන්නට පැමිණි ඒ විශිෂ්ට රංගවේදිනිය.., ‘මව්රටෙහි – හදවත’ සමඟ මොහොතකට දොඩමළු වූ සුහද හෝරාව ආරම්භ වූයේ මෙලෙසිනි.
ඉතින්, ගීතා කොහොමද මේ දවස්වල ජීවිතේ?
කියන්න සතුටුයි, කොරෝනා උවදුර හමුවේ නැවැතත් කලාකරුවන් කාර්යබහුල වෙලා. ඒ අතර සිටින එක් අයෙක් වීමට ලැබීම ගැන මට ආඩම්බරයි.
‘මහපොළොව’ ටෙලි කතාව තුළ ඔබ කළ රංගනය අතිවිශිෂ්ට බවයි ආරංචිය?
ඊට කලින් අතීතයට පොඞ්ඩක් දුවලා එමුද? මට හරි ආසයි ගුවන්විදුලියේ ‘හඳ මාමා’ වැඩසටහනට පැමිණි පුංචි කළු කෙල්ල ගැන කතා කරන්න.
හොඳයි ඔබට අවසර දෙනවා… කොතැනින්ද පටන් ගන්නේ?
අපි යමු හැත්තෑව දශකයට. ඒ කාලේ ටී.වී. නෑනේ… ප්‍රේක්‍ෂකයන් ආදරය කළේ විවිධ කලාකරුවන්ගේ හඬ ස්වරයට. මම ‘හඳ මාමා’ සහ ‘ළමා මණ්ඩපය’ යන වැඩසටහන්වලට ආවේ සින්දු කියන්නයි. එතකොට නිළියක වන හැඟීමක් හිතකවත් තිබුණෙ නැහැ. එයට එක් හේතුවක් වුණේ මම තද කළුපාට කෙල්ලක වීමයි. ඒ දවස්වල අද වාගේ මතකයි… ගුවන්විදුලියේ විශේෂාංගවලට එන නිරංජලා සරෝජනී වාගේ අය දිහා බලලා මම හරියට දුක් වෙනවා… ‘අනේ ඇයි ඒ තරමට මම සුදු පාට නොවුණේ කියලා…’ ඔය හැඟීම මත නිළියක වීමේ උනන්දුවක් මගේ හිතට ආවේ නැහැ… නිළියක වෙන්න පුළුවන් සුදුපාට හමක් තියෙන අයට විතරය කියන සිතුවිල්ල මගේ හිතේ තදට තිබුණා.
කළු වුණාට ඔබ හැඩට හිටියා. හරි ලස්සන කටහඬක් ඔබට තිබුණා?
මුහුණේ ෆීචර්ස් ගැන එතරම් වැටහීමක් මට තිබුණේ නැහැ. ‘කළු නිසා මම ෆේල්’ කියන එක විතරයි මට දැනුණේ. හැබැයි ඔබ කියනවා වාගේ කෙමෙන් කෙමෙන් යෞවනියක වන විට මගේ හඬ හරිම ෂෝක් කියා මට දැනෙන්නට ගත්තා. ඒ කාලේ ළමා රංග පීඨයේ ‘මනකල් හද විල්තලයේ’ ගීතයට කෝරස් එක කියන්න තෝරා ගත්ත යොවුන් දැරියෝ අතර මම හිටිය එක මට මහා ආඩම්බරයක් වුණා.
ටී. වී. නැති ඒ කාලේ ඔබ ගුවන්විදුලිය දෙවනත් කළා?
මොනවට කියනවද ඒ ගැන. ළමා සංගීත සන්ධ්‍යාව, හඳ මාමා සහ සරස්වතී සංගීත මණ්ඩපය යන වැඩසටහන් හරහා මම ඉබේම නාට්‍යවලට මැදි වුණා. සත්තකින්ම හඬ දුන් නාට්‍ය ගණන ගණන් කරන්නත් බැරි තරමයි.
තාරුණ්‍යය ඔස්සේ ඔබ වඩාත් ජනප්‍රිය වුණේ ආනන්ද සිරිසේනගේ ‘වජිරා’ හරහා?
හරියටම හරි.., ‘වජිරා’ කියන්නේ තරුණ තරුණියන් වාගෙම වැඩිහිටියන්ද අසීමිත කැමැත්තකින් සවන් දුන් කදිම ගුවන්විදුලි නාටකයක්. ටෙලි තිරය හරහා ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණියෙත් ‘වජිරා’ ටෙලිනාට්‍යයෙන්. ගුවන්විදුලියෙහි ‘වජිරා’ වූ මම ටෙලිනාට්‍යයෙහි වජිරා වීමට ලැබීම ලොකු සතුටක් වුණා.
‘රන් දොරටුව’ ටෙලිනාට්‍යයට දොරටුව විවර වුණේ එතැනින්ද?
ඇත්තෙන්ම විජය ධර්මශ්‍රී වැනි උසස් නිර්මාණකරුවකු මා වෙත පැමිණ කළ ඒ ආරාධනයෙන් මම විස්මිත වුණාය කිව්වොත් හරි. මහපොළ ශිෂ්‍යත්ව සංකල්පය යටතේ කළ ‘රන් දොරටුව’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑම තුළින් මම සම්මානයට පවා පාත්‍ර වුණා. ‘රන් දොරටුව’ කියන්නේ මට වාසනාව ගෙනා නිර්මාණයක්.
ඒ වන විට ‘මා කළුපාට කෙල්ලකැයි’ කියන හැඟීම ඔබ තුළින් තුරන්ව තිබුණද?
ඒ හැඟීම තුරන් වුණේ ‘කැලණි පාලම’ වේදිකා නාට්‍යයේ සුරංගනීගේ චරිතය සමඟයි. ‘කැලණි පාලම’ කියන්නේ මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයි. රූපවාහිනී තිරය මත එය විකාශනය වීමෙන් මම තව තවත් ප්‍රේක්‍ෂකයන් අතර ජනප්‍රිය වුණා.
සිනමාවට පිවිසෙන්නට ‘රන් දොටු’ විවර වුණේ එතැනින්ද?
ඔව්… ඩී. බී. නිහාල්සිංහගේ ‘රිදී නිම්නය’ චිත්‍රපටයේ සනත් ගුණතිලකගේ පෙම්වතිය වීමෙන් මම සිනමාවට පිවිසුණේ කැලණි පාලමෙහි මා තුළ රංගනය ගැන ඔහු තුළ ඇති වූ පැහැදීමෙන්.
‘පූජා’ චිත්‍රපටයෙහි ඔබේ චරිත නිරූපණය විචාරකයන්ගේ කතාබහට ලක්වුණා?
හොඳම නිළිය සඳහාද මා නිර්දේශ වුණා. ඒ නිර්දේශිත්වය සිදුවූයේ ගීතා කුමාරසිංහ සහ අනෝජා වීරසිංහ වැනි ප්‍රවීණ අති දක්‍ෂ රංගවේදිනියන් සමඟයි. සම්මානය මට අහිමි වුණත් ඒ නිර්දේශය වීම තුළ මා ලද සතුට අපමණයි.
ගුවන්විදුලියෙන් දැන් ඔබ ඈත්වෙලා නේදැයි කියා ඇහුවොත්?
‘ඔව්…’ කියන එක තමයි උත්තරය. ටෙලිනාට්‍ය චිත්‍රපට සහ විදේශීය ටෙලිනාට්‍යවල හඬ කැවීම් නිසා මට ගුවන්විදුලිය අතෑරුණා මං හිතන්නේ.
‘මහපොළොව’ ගැන කතා කරන්න දැන් වෙලාව හරිද?
මං හිතන්නේ එහෙමයි. අපි කතා කරමු.
කාලයකට පසුව ඔබ ‘මහපොළොව’ හරහා දුෂ්කර චරිතයකට මැදිවුණා?
සත්තකින්ම ඔව්… සුමිත් රත්නායක මාව මැදි කළේ හරිම දුෂ්කර සීමාවකටයි. හැබැයි ඒ දුෂ්කර බවට මම හරිම මනාපයි. ඒ වාගෙම සුමිත් මාව මෙහෙයවපු ආකාරයද ඉතාම පුදුමාකාරයි. මටවත් අදහාගන්නට බැරි වටිනාකමක් ඔහු ‘මහ පොළොව’ තුළ මට ලබා දුන්නා.
ඔබ කියන්නේ ඔබේ චරිත නිරූපණය මුවහත් වූයේ ඔහුගේ මෙහෙයවීම නිසා කියලද?
මට හිතෙන හැටියට එහෙම කියනව නම් එය සුමිත්ට කරන සාධාරණයක්. කොහොමත්… ඕනෑම නිර්මාණයක තාත්වික බව සහ සාර්ථකත්වය පිහිටන්නේ බොහෝ දුරට තිර රචනයෙහි සහ අධ්‍යක්‍ෂණයෙහි ගැම්ම මතයි. ‘මහ පොළොව’ එයට හොඳම නිදසුනක්. ඒ වාගේම සුමිත් රත්නායකගේ තිර රචනය සහ මෙහෙයවීම මත ‘මහ පොළොව’ට එක්වූ සෑම රංගන ශිල්පියෙක් මෙන්ම ශිල්පිනියක්ම තම මෙහෙවර ඉතාම සාර්ථකව ඉටුකළා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කෝ ඒ මහින්ද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

කාලෙකට පස්සෙ කළඑළිබහින සතෙන් සතේ

MORE NEWS

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News
Heart

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.