• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කාලෙකට පස්සෙ කළඑළිබහින සතෙන් සතේ

January 2, 2021
in Heart
Reading Time: 3 mins read
A A
කාලෙකට පස්සෙ කළඑළිබහින සතෙන් සතේ
Share on WhatsAppShare on Facebook

ගැලපෙන අය ලෝකෙ කොහෙවත් නෑ…

පොඩි පොඩි ප්‍රශ්න එනවා ඉතින්…

ටෙලිනාට්‍ය ගණනාවක සුවිශේෂී චරිත රඟපාපු ජනප්‍රියම රංගන ශිල්පිනියක් තමයි සුජානි මේනකා කියන්නේ. එහෙත් කාලෙක ඉඳලා ඇය ටෙලිනාට්‍යවල වගේම, කිසිම මාධ්‍යයක ඇය පිළිබඳව කතාබහ වුණේ නැහැ. ටෙලිනාට්‍ය කලාවටම නැතුවම බැරි වුණු ඇය එකපාරටම ටෙලිනාට්‍ය කලාවෙන් ඉවත් වුණාද? එහෙමත් නැතිනම් ඇයට මොකද වුණේ කියලා දැනගැනීමට කාලෙක ඉඳලා ඇයට කතා කිරීමට උත්සාහ කළා. ඒත් ඇයව අපට සම්බන්ධ කරගැනීමට නොහැකි වුණා. ඒත් අපි උත්සාහය අත්හැරියේ නැහැ. එහෙත් පසුගිය දිනෙක ඇය කාලෙකට පස්සේ අප සමඟ දොඩමලු වුණා.
ලබන්නාවූ නව වසර සුබම සුබ වසරක් වේවා සුජානි?
ඔබටත්, ඒ වගේම මම සමඟ හැමදාමත් සිටිය මගේ ආදරණීය රසික රසිකාවියන්ටත් මේ ලබන්නා වූ වසර සුබම සුබ වසරක් වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
අවුරුදු දෙකක නිහැඬියාවකට පසු සුජානි නැවැත ටෙලි කරළියට ආවා නේද?
කාලෙකට පස්සේ හොඳ ටෙලිනාට්‍යයකට මට සම්බන්ධ වෙන්න ලැබුණා. සාලින්ද රත්නායක අධ්‍යක්‍ෂණය කරන ‘PORK වීදිය’ ටෙලිනාට්‍යයේ අවුරුදු දෙකකට පස්සේ තමයි මම මේ රඟපාන්න හිතුවේ.
PORK වීදිය’ ඒ තරම් ඔබට විශේෂ වීමට හේතුව?
ඇත්තටම අසංක සායක්කාර තමයි ඒ ටෙලිනාට්‍යයට තිර රචනයෙන් දායක වෙන්නේ. තිර පිටපත කියෙවුවාට පස්සේ මට දැනුණා මට වගේම මගේ ආදරණීයන්ට මේ චරිතය හරහා යමක් දෙන්න පුළුවන් කියලා. ධෛර්යවන්ත ගැහැනියක් ජීවිතය ගැටගහා ගන්න විදියේ චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ. මම කතාව ලොකුවට කියන්න කැමැති නැහැ. මොකද ඒ තරමට මේ ටෙලිනාට්‍ය මට විශේෂයි. ඒ වගේම මේ ටෙලිනාට්‍යයේ දක්‍ෂ රංගන ශිල්පීන් රැසක් රඟපානවා. මෑත කාලයේ මෙහෙම ශිල්පීන් පිරිසක් නිර්මාණයක රඟපානවා මම දැකලා නැහැ.
හිටිගමන් ටෙලිනාට්‍ය රඟපෑම නතර කරන්න ඔබ හිතුවේ ඇයි?
එයනම් මගේ විශේෂ පෞද්ගලික හේතුවක් මත තමයි. ඒ වෙලාවේ මම ගොඩාක් කාර්යබහුල වෙලා හිටියේ. අනෙක් කාරණාව තමයි මට ගැළපෙන්නැති චරිත ලැබුණෝතින් මම රඟපාන්න කැමැති නැහැ.
එදා තිබුණු ගුණාත්මක නිර්මාණ කලාව අද උඩුගම් බලා පීනන බවද ඔබ කියන්නේ?
ගුණාත්මක ටෙලිනාට්‍යවල අද තෝරා බේරා ගන්න දෙයක් නැහැ. අපට ගැළපෙන විදියට තමයි ඒ චරිත අපට ලැබෙන්නේ. ඒ කාලවල එක දිගට ගුණාත්මක නිර්මාණ බිහිවුණා. අපිත් හරිම ආශාවෙන් තමයි වැඩ කළේ. ඒ දවස්වල මට නිර්මාණයක් මඟහැරුණානම් මඟ හැරුණු දින නැතිකම නිසා නැතුව මම ප්‍රතික්‍ෂේප කළේ නැහැ. වර්තමානයේ අපි දකින නිර්මාණ අතරින්පතර ගුණාත්මක නිර්මාණ දකිනවා. අලුත් පරපුර ඉන්න හොඳ නිර්මාණ කරන. ඒ වගේම අපේ හිටිය පරණ අයත් උත්සාහ කරනවා හොඳ නිර්මාණ කිරීමට.
අද දකින නිර්මාණ ගැන ඔබ කලකිරීමකින්ද මේ කතා කරන්නේ?
මෙහෙමයි… හොඳ නිර්මාණ දකිනවා. ඒ අතර කිසිම හරයක් නැති නිර්මාණත් දකිනවා. ඒවා දකින කොට හිතෙනවා මේවා කාට රසවිඳින්නද හදන්නේ කියලා. සමහර අවස්ථාවල මගේ අතට හොඳ පිටපත් ලැබිලා බාරගත්තු අවස්ථා තිබිලා තියෙනවා. ඒවට ගිහින් බඩු විකුණනවා වගේ තමයි කරන්නේ. ඉතින් එහෙම දැක්කාම එපාවෙලා ගෙදර එනවා වෙන කෙනෙක් දම්මලා කරන්න කියලා. තෘප්තියක් නැතුව වැඩ කරන්න මම කොහෙත්ම කැමැති නැහැ. ඔබ වගේ හිත් තුළ කලකිරීම් නිසා තමයි මම පොඞ්ඩක් නිහඬ වෙලා හිටියේ. අනෙක බිමල් කැමැති නැහැ මම එහෙම නිර්මාණවල රඟපානවට.
ඒ කාලවල ඔබ දෙදෙනාගේ තිබුණු කාර්යබහුලත්වය නිසා බිමල්ගේ වැඩකටයුතු කරලා දෙන්නවත් හරිහමන් වෙලාවක් තිබුණේ නැතුව ඇති?
ඇත්තටම ඔව්… අපි දෙන්නාම ටෙලිනාට්‍යවල වැඩකටයුතු කරපු නිසා දෙන්නාම කාර්යබහුල වෙලා හිටියේ. හැබැයි පසුගිය අවුරුදු දෙකේ මම ගෙදරට වෙලා හිටිය නිසා හිතට ලොකු සැහැල්ලුවක් දැනුණා. ඒ වගේම බිමල්ගේ වැඩකටයුතුවලට උදවු වෙලා ගෙදරට වෙලා හිටියා.
වර්තමානයේ ටෙලිනාට්‍ය යුවළවල් අතර මත ගැටුම්, විරසක වීම් අපට දකින්නට, අහන්නට ලැබෙනවා. සුජානි, බිමල් කැදැල්ලේ තියෙන රහස මොකක්ද?
පවුලක් වුණාම පොඩි පොඩි ප්‍රශ්න එනවා. ඒක සාමාන්‍ය දෙයක්. දෙන්නා අතර තේරුම් ගැනීම තමයි වැදගත්. යාළුවෙලා තමයි අපිත් බැන්දේ. ජීවත් වෙද්දි අපි දෙන්නාට දෙන්නා තේරුම් ගත්තා. ප්‍රශ්න ආවත් ඉවසීමෙන් ඒ ප්‍රශ්න දිහා බලාගෙන හිටියාම කිසිම ප්‍රශ්නයක් නැහැ. ගැළපෙන අය නැහැ. ලෝකයේ කොහෙවත් ගැළපෙන විදියට අපි ජීවත් විය යුතුයි. මම ඒ දේ ඉගෙන ගත්තෙත් පවුල් ජීවිතය ගතකරනකොට තමයි. ඕක තමයි අපේ රහස.
>ඔබේ දකින විශේෂත්වයක් තමයි මාධ්‍ය සමඟ ඔබ ලොකු ගනුදෙනුවක් නැති බව?
එයට හේතුව වැඩක් කරන්නැතුව මොනවා කතා කරන්නද. ඒ නිසා මම කතා කරන්න කැමැති නැහැ. මගේ වැඩක් යනකොට ඒ ගැන කතා කරන්න සුදුසු කාලයක් ආවම මම මාධ්‍ය සමඟ කතාබහ කරනවා. නැත්නම් මාධ්‍යවලින් ප්‍රශ්න හොය හොයා කතා කරයි. එහෙම ප්‍රශ්න නැහැ අපිට. මම කැමැති නැහැ. ගොසිප් මවාගෙන කතා කරපු කෙනෙක් නෙවේ මම.
සුන්දර කැදැල්ල එළිය කරන්න සුබ ආරංචියක් එහෙම නැද්ද අලුත් අවුරුද්දෙ?
අපේ ජීවිතයට සුදුසු කෙනා සුදුසු කාලවල එයි. එතකන් දෙන්නා බලාගෙන සතුටින් ජීවත් වෙනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කළුයි කියලා ෆේල් නොවුණු කළු කෙල්ල

Next Post

මම හැමෝගෙම ආදරණීය අම්මා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.