• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝ ඒ මහින්ද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

January 2, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
කෝ ඒ මහින්ද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

2015ට පෙර මහින්ද ජනාධිපති පුටුවේ වාඩිවෙලා සිටිද්දී මොනයම් හෝ රාජ්‍ය ආයතනයක වෘත්තීය සමිතියක් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට කලියෙන් පැමිණ මහින්දව මුණගැසීම සිරිතක් කරගෙන තිබිණ. ඇතැම් විට වැඩවර්ජනය ආරම්භ කිරීමට පෙර නොකළත් වැඩවර්ජනය ආරම්භ කිරීමෙන් පසු හෝ වර්ජනය අතරමැදදී හෝ වෘත්තීය සමිතිකාරයන් මහින්දව මුණගැසී සාකච්ඡා කිරීම සාමාන්‍ය දෙයක් වී තිබිණ.

මේ විදහට ඒ කාලේ වෘත්තීය සමිතිකාරයන් මහින්දව හමුවෙන්න අරලියගහ මන්දිරයට ආපුවහම ඒ තියෙන සාකච්ඡාවලින් පසු මහින්ද ඔවුන්ට කියන්නේ කෑම ටිකක් කාලා යන්න කියාය. එහෙම නැත්නම් සාකච්ඡාව ආරම්භ කරන්න පෙර ‘කෑම ලෑස්ති කරලා තියෙන්නේ. කාල එන්න…’ යැයි කියාය. ඒ අනුව වෘත්තීය සමිතිකාරයන් මහින්දත් එක්ක සාකච්ඡා කොට අරලියගහ මැදුරෙන් එළියට බහින්නේ හිතයි, කටයි, බඩයි ඔක්කොම පුරවාගෙනය.

ඒ වගේම මහින්ද 2015 පරාද වෙලා 2019 ජනාධිපතිවරණයෙන් පසු යළිත් වතාවක් රටේ අගමැති වීමෙන් පසු වෘත්තීය සමිතිකාරයින් කිහිපදෙනෙක් මහින්දව හමුවීමට වේලාවක් ඉල්ලා සිටියහ. එවිට මහින්ද ඔවුන්ට කියා සිටියේ තමන් මේ වන විට මැදමුලන කාල්ටන් නිවසේ රැඳී සිටින බවත්, කාල්ටන්වලට ඒමට හැකි නම් හමුවී සාකච්ඡා කළ හැකි බවත්ය.

මහින්ද ඒ දුන් උත්තරයට අනුව වෘත්තීය සමිතිකාරයෝ පැය කිහිපයක් ඇතුළත කොළඹ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහින්දගේ කාල්ටන් නිවසට ගියහ. එසේ පැමිණි ඔවුන්ට මහින්ද මුලින්ම කළේ කන්න දීමය. කෑම ලබාදීමෙන් පසු ඔවුන් සමග සාකච්ජා ආරම්භ කිරීමය. වෘත්තීය සමිති නායකයන්ගේ වචනවලින්ම කියනවා නම් ඔවුන්ගේ ප්‍රශ්න විමසූ මහින්ද ඊළඟට කර තිබුණේ අදාළ බලධාරීන් කිහිපදෙනකුටම දුරකතන ඇමැතුම් ගෙන ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමය. එසේ දුරකතන ඇමැතුමට සම්බන්ධ වූ නිලධාරීන් මහින්දට දුන් උත්තරය වූයේ ‘තව ටිකකින් කතා කරන්නම්…’ යැයි කියාය. හැබැයි පැය ගණනාවක් යනතුරු ඒ තව ටික වේලාව උදාවූයේ නැත. ඒ සිදුවීමෙන් පසු මහින්ද මේ වන විට සිටින්නේ අසරණ වී බව වෘත්තීය සමිතිකාරයන්ට වැටහිණ. මහින්දගේ ඒ අසරණකම හොඳටම පෙනෙන්නේ අද මේ ආණ්ඩුවට අත්විඳින්නට සිදුව ඇති දේ දිහා බලන විටය.

හොඳම උදාහරණය හාමුදුරුවරුන්ය. අද මේ ආණ්ඩුව පිහිටුවීමට දරදිය ඇද්ද භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගොස් උද්ඝෝෂණ කරන තරමට තත්ත්වය බරපතළ වී තිබේ. ඒ කාලයේ මහින්දගේ අරලියගහ මන්දිරයේත්, ජනාධිපති මන්දිරයේත් දොරවල් ඕනෑම වෙලාවක මේ හාමුදුරුවරුන්ට විවෘතව තිබිණ. මහින්දට කොච්චර විදෙස් නියෝජිතයන් සමඟ හමුවීම් සහ සාකච්ඡා යොදාගෙන තිබුණත් මහින්ද ඒ දහසක් රාජකාරි මැද්දේ වුව තමන් මුණගැසීමට අරලියගහ මන්දිරයට පැමිණ සිටි හාමුදුරුවරුන් මුණගැසීමට අමතක නොකළේය. මොකද මේ හාමුදුරුවරු මහින්දව හමුවීමට එන්නේ කළින් වෙන්කරගත් වේලාවන්වලට නොව ඈත ගම්වල සිට ජනතාව සමඟ බස් එකක නැඟී බව මහින්ද දැනගෙන සිටියේය. ඒ එන්නේත් තමන්ගේ පෞද්ගලික වැඩ කරගන්නට නොව ගමේ, පන්සලේ පොදු කරුණු කාරණා ඉෂ්ඨ කරගන්නට බව මහින්ද දැන සිටියේය.

හැබැයි මේ වැඩෙන් හොඳටම කේන්ති ගොස් හිටියේ වෙන කාටවත් නොව මහින්දගේ දිනපොත සකස් කරන නිලධාරියාටය. මොකද ඒ නිලධාරියා මහින්දගේ දවසේ කාල වේලාව හරියට මැන හමුවීම්, සාකච්ඡා, පිළිගැනීම්, උත්සව ආදී සියල්ලම තිතට සකස් කර තිබුණත් ඒ අතර මැද්දේ නිතරම වාගේ හාමුදුරුවරු අරලියගහ මන්දියට පැමිණෙන නිසා එම දිනපොතේ කටයුතු සම්පූර්ණයෙන්ම කණපිට පෙරළීම ඊට හේතුව විය. ඒ නිසාම මේ නිලධාරියාට ඇතැම් සාකච්ඡා අවලංගු කිරීමට සිදුව තිබිණ. තවත් විශේෂ සාකච්ඡාවල වේලාව එහෙ මෙහෙ කිරීමට සිදුව තිබිණ.

හැබැයි මොනයම් වැඬේ තිබුණත් හාමුදුරුවරු අරලියගහ මන්දිරයට පැමිණියහොත් රස්තියාදු නොකොට තමන්ව මුණගස්වන ලෙසට මහින්ද මේ නිලධාරීන්ට උපදෙස් දී තිබූ නිසා ඔවුන්ද කළේ මොන වැඬේ දාගෙන තිබුණත් මහින්දව හමුවීමට පැමිණෙන හාමුදුරුවරුන්ට ප්‍රමුඛත්වය ලබාදී එම හමුවීම් සූදානම් කිරීමය.

එහිදීද මහින්ද ඒ හාමුදුරුවරුන්ට මුලින්ම කියන්නේ දානය වළඳලා එන ලෙසටය. එසේත් නැත්නම් ‘දානෙ ලෑස්තියි අපේ හාමුදුරුවනේ. වළඳලාම සාකච්ඡා කරන්න වැඩිය නම්…’ යන්න මහින්ද නිතරම කියන කතාවකි. ඒ හිමිවරුන්ට පමණක් නොව ගම්තුලානවල සිට බස්වල නැඟී පැමිණෙන අහිංසක ජනතාවටද මහින්ද සලකන්නේ ඒ විදිහටය. ඔවුන්ද පිටත් කර හරින්නේ කන්න, බොන්න ලබාදීමෙන් අනතුරුවය. මේ නිසා මේ කාලයේ මහින්දට විරුද්ධව වචනයක් කියන්නට එකම හාමුදුරු නමක්වත් සොයා ගැනීමට විපක්ෂයට ඉඩකඩ ලැබුණේ නැත.

අන්තිමට එදා විපක්ෂයට ඉතුරු වුණේ මාදුළුවාවේ සෝභිත හිමියන් පමණය. වෙන කිසිම හාමුදුරු නමක් විපක්ෂයේ දේශපාලන නායකයන් සමඟ එකට හිටගන්නට කැමැති වූයේ නැත. අතුරලියේ රතන හිමියන් ආණ්ඩුවෙන් එළියට බැස විපක්ෂයට එන තෙක් තිබුණේ එවැනි තත්ත්වයකි.

මේ ඒ හාමුදුරුවරු ආදරය කළ මහින්දගේ හැටිය. ඒ කාලයේ විපක්ෂයේ පළාත් සභා මන්ත්‍රිවරයෙක් හෝ වේවා නාගරික මන්ත්‍රිවරයක් හෝ වේවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හෝ වේවා විපක්ෂයට සම්බන්ධ කලාකාරයෙක් හෝ වේවා, විපක්ෂය නියෝජනය කරන වෘත්තීයවේදියෙක් හෝ වේවා මහින්ද ළඟට පැමිණියහොත් මහින්ද කරන්නේ ඒ සියලු දෙනාම සමඟ ඡායාරූපයකට පෙනීසිට ඔවුන්ට ඒ ගරුත්වය ලබාදීමය.

“මහින්දට පිස්සුද මන්දා. මේ ගමේ ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් එක්කත් ෆොටෝ ගහල පත්තරවල දානවා…”

මහින්දගේ ළඟ සිටි අයම සමහර වෙලාවට එහෙමත් කීහ.

හැබැයි දේශපාලනය යනු එය බව මහින්ද හොඳහැටි දැන සිටියේය. මේ විදිහට ගමේ නායකයන් එක්ක එකට සිටීමෙන් ගමේ විපක්ෂ ඡන්ද කැඩිය හැකි බව මහින්ද දැනගෙන සිටියේය. මහින්දගේ පී.ආර්. එක වැඩ කරන්නේ එහෙමය.

20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේදී මහින්දගේ මේ පී.ආර්. එක හොඳටම වැඩ කළේය. මොකද ඒ වෙලාවේ ආණ්ඩුව අල්ලා ගත් විපක්ෂයේ හොඳම කැච් එක වූයේ ඩයනා ගමගේය. සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් ආ ඩයනා ආණ්ඩුවත් එක්ක එකතු වී විස්සට අත උස්සාවි යැයි කිසිම කෙනෙක් හීනෙකින්වත් හිතුවේ නැත. හැබැයි ඩයනා විපක්ෂයෙන් එළියට එන ලකුණු මුලින්ම පහළ වූයේ මන්ත්‍රි ධුරය අරගෙන ඩයනාගේ ගෙදර දාපු පාටියේදීය. මහින්ද මේ පාටියට හිටිහැටියේම ආවේ එහි සිටි විපක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන්ගේ ඇස් නළලේ සිටුවමින්ය. එසේ පැමිණි මහින්ද ඔවුන් සමඟ හොඳට කා, බී ඩයනාගේ ගෙදරින් පිටවූයේ පැය ගාණක් අල්ලාප, සල්ලාපයේ යෙදීමෙන් පසුවය. මහින්දගේ හැටි එහෙමය.

විපක්ෂය කඩන්න ඕන තැන කොතැනද කියා මහින්දට අමුතුවෙන් කියා දෙන්න උවමනා නැත. මහින්ද ඒ වේලාව හරියටම දනී. විපක්ෂය දුර්වල කරන විදිහද මහින්ද හොඳහැටි දනී.

හැබැයි අද ඒ මහින්ද පේන්න නැති බව රටටම පේන්න තියෙන කාරණයකි. මහින්ද අත් දෙක බැඳගෙන සිටින බව රටටම පේන්න තියෙන කාරණයකි. ආණ්ඩුව දුවන්න ඕන නම් මහින්ද එළියට ඇවිත් දෑත් දිගහැරිය යුතු බවද රටටම පේන්න තියෙන කාරණයකි.

මොකද අද වෘත්තීය සමිති එළියට බහින්නට පටන් අරන් තිබේ.

හාමුදුරුවරු දිනපතාම පාහේ ආණ්ඩුවට එරෙහිව විරෝධය පළකරමින් මාධ්‍ය සාකච්ඡා පවත්වන ආකාරයක් දැකගන්නට තිබේ.

වෙනදා මෙන් නොව විපක්ෂයද පණ ගසා විත් ශක්තිමත් වන ආකාරයක් දැකගන්නට තිබේ.

ඉතින් මහින්දටම හිතිලා මහින්ද මේ ඉන්න නින්දෙන් නැඟිට්ටෙ නැත්නම් ආණ්ඩුව පත්කරපු 69 ලක්ෂයට වෙන්නේ ඉතිරි අවුරුදු හතරත් ගොරොද්ද ඇද ඇද හොඳට නිදන්නටය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

හොරකම් කරලා තමයි ජීවත් වුණේ

Next Post

කළුයි කියලා ෆේල් නොවුණු කළු කෙල්ල

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.