• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම චරිත ඉල්ලා පස්සෙන් යන්නෙ නෑ

January 2, 2021
in Heart
Reading Time: 3 mins read
A A
මම චරිත ඉල්ලා පස්සෙන් යන්නෙ නෑ
Share on WhatsAppShare on Facebook

දේශපාලඥයන්ට කඩේ යන්න ඕනෙ නැහැ…

කලාකරුවෝ අසරණ නැහැ…

දහදිය, කඳුළු, වගුරවමින් රෑ-දිවා නොබලා සිනමාව වෙනුවෙන් කැපවුණු ‘හීරෝ’ කෙනෙක් තමයි වසන්ත කුමාරවිල කියන්නේ. ඔහු සිනමාව වෙනුවෙන් විවිධ අංශවලින් ඔහුගේ දායකත්වය සපයා දුන් අතර, කාලෙකට පස්සේ ටෙලිනාට්‍යයක සුවිශේෂී චරිතයකින් ඔහු අප අතරට පැමිණියේ ‘නවරත්න’ ලෙසින්ය. ඉතින් කාලෙකට පස්සේ ඔහුගේ කලා දිවිය ගැන අප කතා කළා.
සිනමාවේ අපි දැකපු වීරයා දැන් ටෙලි කරළියට සමීපවෙලා වගෙයි?
එහෙම නැහැ. හොඳ ටෙලි නිර්මාණයකින් මට හොඳ චරිතයක් ලැබුණොත් මම ඉතින් ආශාවෙන් රඟපානවා. කාලෙකට පස්සෙ තමයි ‘රන්තිලි වැව’ ටෙලිනාට්‍යයේ සුවිශේෂී චරිතයක් රඟපෑවේ.
ඔබ ‘රන්තිලි වැව’ ටෙලිනාට්‍යයේ නිරූපණය කළ ‘නවරත්න’ චරිතය ගැනත් ඔබට යමක් කියන්නට ඇති?
මෑත කාලයේ බිහිවුණු වෙනස්ම නිර්මාණයක් තමයි ‘රන්තිලි වැව’ ටෙලිනාට්‍යය. විශේෂයෙන්ම මාව එම චරිතයට තෝරාගත් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ චනික පෙරේරාට විශේෂ ස්තුතියක් පුදකරනවා මෙය අවස්ථාවක් කරගෙන. අපේකම දැනෙන විදිහේ නිර්මාණයක්. ඔහු ප්‍රේක්‍ෂකයා මෝඩයා නොකර බුද්ධිමත් නිර්මාණයක් සූක්‍ෂ්ම ලෙස නිර්මාණය කළා. ඉතින් මම නිරූපණය කළ ‘නවරත්න’ චරිතයත් මට කාලෙකට පස්සෙ දැනුණු සුවිශේෂී චරිතයක්. මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ටත් එය ලොකු වෙනසක් දැනෙන්නට ඇති මට වගේම.
හැබැයි වසන්ත, ප්‍රේක්‍ෂකයන් පවසන්නේ හොඳ නිර්මාණ නැහැ කියලා. කාලෙකට පස්සේ දකින හොඳ නිර්මාණ අතරමග නතර කරන්නේ ඇයි?
හොඳ නිර්මාණ නැති වෙනවද? නැති කරනවාද? කියන ප්‍රශ්නය මත අපිත් ගැටෙනවා. මෙය අපටත් ගැටලුවක්. ප්‍රේක්‍ෂකයන් හොඳ නිර්මාණ තමයි ඉල්ලන්නේ. ඉතින් සියලුම මාධ්‍ය නාළිකාවල බලධාරීන් මෙයට වගඋත්තර බැඳිය යුතුයි කියලා මම හිතන්නේ.
‘රන්තිලි වැව’ තව ඉදිරියට කරගෙන යන්න තිබුණා. මාධ්‍ය ආයතනවල බලධාරීන් මෝඩ වැඩ කරනවා. ඔවුන් හිතන්නේ මුදල ගැන විතරයි. සිනමාවට වුණු දේම ටෙලිනාට්‍ය කර්මාන්තයටත් සිදුවේගෙන යනවා මේ යන විදියට. ටෙලිනාට්‍ය නිර්මාණය කිරීමේදී ප්‍රේක්‍ෂකයා ගැන හිතිය යුතුයි. එහෙම නොවුණොත් ප්‍රේක්‍ෂකයා මෙයින් ඈත් වෙනවා.
වෙනස් චරිත කිරීමේ පිපාසයක් ඔබටත් තියෙනවද?
එය මට විතරක් නෙවේ. මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරන සියලුම ශිල්පීන්ගේ තියෙන ආශාවක් විවිධ චරිත නිරූපණය කිරීම. මොකද ටෙලිනාට්‍යයක් හරහා ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය වගේම ජනප්‍රියතාවයත් ඉක්මනින්ම ලබන්න පුළුවන්. මම සිනමාවේ භූමිකා කිහිපයකම නියැළී වැඩ කරන කෙනෙක්. ඒ අතර ඉඳහිට ටෙලිනාට්‍යයක රඟපාන්නෙත් ඒ චරිත පිපාසය නිසා තමයි.
වසන්ත කුමාරවිල සොයාගෙන නිර්මාණ ළඟට ආවාද?
මම කවදාවත් චරිත ඉල්ලගෙන පස්සෙ ගිය කෙනෙක් නෙවේ. මේ ක්‍ෂේත්‍රයේ මට සම්බන්ධකම් තිබෙනවා. එහෙමයි කියලා මාව නිර්මාණවලට ගත්තේ නැහැ. මාව නිර්මාණයට ගැළපෙනවානම් චරිතයට සුදුසුම කෙනා මම කියලා හිතුණොත් ඒ නිර්මාණකරුවන් මාව හොයාගෙන එනවා.
ඇත්තටම කලාකරුවා අසරණද?
කවුද එහෙම කියන්නේ. මම කලාකරුවන් ඒ තත්ත්වයට දාලා කතා කරනවාට කැමැති නැහැ. කිසිම කලාකරුවෙක් අසරණ නැහැ. ඔවුන්ට කාලෙකදී වැඩ එනවා වගේම තවත් කාලයකදී වැඩ නැති වෙනවා. ඔවුන් දැනගන්න ඕනෑ මෙයට විකල්පයක් හොයා කටයුතු කරන්න. කලාකරුවා පොළොවේ පයගහල ජීවත්වන මනුෂ්‍යයෙක්. හැබැයි මේ වෙලාවේ ලෝකෙම ජනතාව අසරණ වෙලා මේ කොරෝනා වසංගතය නිසා.
කලාකරුවන් ඇයි දේශපාලනඥයන් වෙනුවෙන් කඬේ යන්නේ?
එයට මම එකහෙළා විරුද්ධයි. කලාකරුවෙක් කළ යුත්තේ ඔවුන්ව අපි ළඟට ගෙන්වා ගැනීමයි. යම් යම් හේතූන් මත දේශපාලනඥයන් වෙනුවෙන් පෙනී සිටිය යුතු අවස්ථා තිබුණා. හැබැයි එහෙමයි කියලා ඔවුන් වෙනුවෙන් කඬේ යායුතු වෙන්නේ නැහැ. කොන්ද කෙළින් තියන්, කිසිම පක්‍ෂ භේදයක් නැතුව වැඩ කරන කලාකරුවන් ඉන්නවා. ඒ අතර සමහර කලාකරුවන් කඬේ යන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ. කලාකරුවා වෙනුවෙන් ජනතාව ඉන්නේ ආදරය, සුබසිද්ධිය වෙනුවෙන්. හැබැයි ඒ ආදරය, ගෞරවය දේශපාලනඥයාට නැහැ.
සිනමාවේ ඔබේ දායකත්වය මේ දවස්වල කොහොමද?
සිනමාව වෙනුවෙන් මගේ උපරිම දායකත්වය ලබා දෙනවා. චිත්‍රපට කිහිපයකම වැඩ කරගෙන යනවා. ඒ අතර, මම සම්බන්ධ වුණු චිත්‍රපට කිහිපයක්ම තිරගත වෙනවා. අපිත් රෑ – දිවා නොබලා කැපවෙලා වැඩ කරන්නේ සිනමාවට සුබවාදී කාලයක් උදාකර දීමට තමයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

පාඩුවෙන බිස්නස් ගැන හිතල 1841 සුද්ද හදපු බැංකුව

Next Post

සම්පත් බැංකුවෙන් යළි ජීවය ලබන කින්දගල්ල වැව

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දීය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කොට ඇති ‘කැරපොතු පක්ෂයේ’ ශාඛාවක් ලංකාව තුළද ආරම්භ කිරීමට යෝජනා වී...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.