• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

දන්දීම

September 15, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

එදා බුදුරජාණන් වහන්සේ සුපුරුදු පරිදි ජේතවනාරාමයෙහි වැඩවාසය කළා. එසමයේ එක්තරා දවසක සැරියුත් මුගලන් මහ තෙරුන් වහන්සේ දෙනම වනාන්තරයක වැඩවිසුවා. අනුරුද්ධ – කප්පක යන මහතෙරුන් වහන්සේ දෙනමද උන්වහන්සේට එක්ව සිටියා. මෙම වනාන්තරය පිහිටා තිබුණේ රජගහ නුවරට ආසන්නවමයි.
මෙම කාලයේදී බරණැස් නුවරට වෙන්නට එක්තරා බමුණෙක් ජීවත් වුණා. මේ කියන බමුණාට තරමක වත්පොහොසත්කමක්ද තිබුණා. වත්පොහොසත්කම තිබුණත් මේ බමුණා මසුරු සිත් ඇත්තෙක් වුණේ නැහැ. තමාට හැකි සෑම අවස්ථාවකම මෙකී බමුණා දුගී මගී යාචකාදීන්ට ආහාරපාන පිරිනැමුවා. ඒ විතරක් නෙවෙයි. එදා බරණැස් නුවර මෙන්ම ඒ අවට වැඩවාසය කළ භික්‍ෂුන් වහන්සේටත් දාන මාන පිළිගන්වා හොඳින් සංග්‍රහ කටයුතු කිරීමට මේ බමුණා නිර්ලෝභී වුණා. මෙසේ නොකඩවා පුණ්‍ය කටයුතුවල නියැළෙමින් සිටියදී එක්තරා දවසක හදිසියේම වාගේ බමුණාට ඈත ගම් ප්‍රදේශයකට යෑමට කරුණු කාරණා යෙදෙනවා.
බමුණාට මේ ගමනත් යා යුතුමයි. එසේම බමුණාගේ යටි සිතේ ලොකු දුකක්ද ඇති වෙනවා. බමුණාගේ දුකට මූලය වුණේ තමන් එවැනි දුරබැහැරකට ගියාම දුගීමගී යාචකයන්ට ආහාරපාන ලබාදීම වගේම, භික්‍ෂුන් වහන්සේට දානමාන පිළිගැන්වීමට අවකාශ නොලැබීම ගැන සිහිපත් වීමයි.
කළ හැකි කිසිවක් නොමැති තැන බමුණා තමාගේ ආදරණීය බිරියට කතා කොට මෙන්න මෙහෙම කීවා.
“මා ප්‍රිය සොඳුරියේ, මට හදිසියේ දුරබැහැරකට යෑමට සිදුව තිබෙනවා. ඒ ගමනද මට නොයා සිටිය නොහැකියි. එබැවින් මා කියන දෙය හොඳින් අසාගන්න. මා දන් පිරිනැමූ ආකාරය ඔබද හොඳින් දන්නවා නොවැ. එනිසා ගමන ගොස් නැවත එනතුරු මාගේ දන්දීමේ පිළිවෙත බිඳ නොදමා ඔබද එය හොඳින් කරගෙන යායුතුයි.”
බැමිණියද තම සැමියාගේ වදන්වලට ඉතා හොඳින් සවන් දී, තමාද දන්දීමේ පිළිවෙත ඉතා හොඳින් කරගෙන යන බවට සැමියාට පොරොන්දු විය. තම ආදරණීය බිරිය එසේ පොරොන්දු වීම ගැන සතුටට පත් බමුණාද සිත එකඟ කරගෙන ඈත ගම්දනව්ව බලා පිටත්ව ගියා.
බැමිණිය – බමුණාට වූ පොරොන්දුව ඉටු කළේ නැහැ. බමුණා සිය නිවෙසින් පිටත්ව ගිය දිනයේම බැමිණිය භික්‍ෂුන් වහන්සේට දන්දීමේ පිළිවෙත අත්හැරියාය.
බමුණා සිටියදී මෙන් සුපුරුදු පරිද බමුණු නිවෙසේ නවාතැන් ගැනීම සඳහා මගීහු පැමිණියහ. “හා… හා… උඹල අදත් නවතින්නද ආවෙ. එහෙනම් අර ගෙය පිටුපස තියෙන පැරණි ගෙයි නවාතැන් ගනිල්ලා”යි බැමිණිය කීවාය. ඇත්තටම අතහැර දමා දිරාපත්ව තිබූ ඒ ගෙය කිසිවකුට නවාතැන් ගැනීමට තරම සුදුසු තත්ත්වයක නොතිබිණි.
එසේම වෙනදා පරිදි කෑමට, බීමට යමක් ඉල්ලා දුගී මගී යාචක පිරිස් බමුණු නිවෙසට ආවා. මෙම පිරිස් දැකීමෙන් බැමිණිය තව තවත් ප්‍රකෝප වුණා.
“අපි මොකටද තොපිට කෑම බීම දෙන්නෙ. ගිහිල්ලා උඹලගෙ අම්මලගෙ ලේ උරා බීපියව්. තවත් ඕනෙ නම් එවුන්ගෙ ඉහමොළත් ඇදගෙන කාපියව්. මීට පස්සෙ උඹලට මෙහෙ කෑම බීම නැහැ. හ්ම්… දැන්මම මෙතැනින් පිටවෙලා පලයව්.”
බැමිණිය සැරපරුෂව එසේ කතා කළාම වෙනදා පරිදි කෑම බීම බලාපොරොත්තුවෙන් පැමණි දුගීමගී යාචකයන් අන්ත අසරණ වුණා. කරකියාගත හැකි දෙයක් නැති තැන ඔවුන් හිස් අතින් ආපසු යන්ට ගියා.
ඊට ටික කලකට පසුව මේ බැමිණිය මියගියා. අසංවර ලෙස කටින් පිට කළ නොසරුප් වචන හේතුවෙන් සිදුකරගත් අකුසල කර්මය කොතෙක්ද යත් බැමිණිය මියගොස් නැවත ඉපදුණේ ප්‍රේත ආත්මයකයි.
මෙම බැමිණිය ප්‍රේතියක් වෙලා නැවත ඉපදුණත්, මෙකී තැනැත්තියට පෙර ආත්මය මතකයට ආවා. ඒ විතරක් නෙවෙයි ඇයට සැරියුත් මහ තෙරුන් වහන්සේවත් මතක් වුණා.
එසේ පෙර ආත්මය ආවර්ජනය කළ ඇයට සැරියුත් මහ තෙරුන් වහන්සේව දැකගැනීමට ඇත්නම් යැයි’ ආශාවකුත් ඇති වුණා. ඇය ඒ වතාවේ මොහොතක්වත් ප්‍රමාද වුණේ නැහැ. මෙම ප්‍රේතිය වහ වහා සැරියුත් මහ තෙරුන් වහන්සේව හමුවීමට මහා විහාරයට යන්නට ගියා.
ඒත් ඇයට එච්චර දුරක් යෑමට ඉඩ ලැබුණේ නැහැ. මෙම ප්‍රේතිය විහාරය දෙසට එන බව විහාරයට අරක්ගෙන සිටි දේවතාවා දුටුවා. දේවතාවා මඟ හරස් කළා. ප්‍රේතියට විහාරයට ඇතුළුවීමේ මඟ දේවතාවා අහුරා දැමුවා.
මේ ආත්මයේ ප්‍රේතියකව සිටියත් ඇය ඊට ආත්ම පහකට පෙර සැරියුත් මහ තෙරුන් වහන්සේගේ මවු පදවිය ලබා තිබුණා. ප්‍රේතිය මේ කතාව දේවතාවාට කීවා. එසේ කියූ ඇය අනේ මට මඟ අහුරන්න එපා. විහාරයට යෑමට අවසර ලබාදෙන්නැයි බැගෑපත් වුණා. තමා මීට පෙර සැරියුත් මහ තෙරුන් වහන්සේගේ මව වූ බව කීවාම දේවතාවාටත් ඇය ගැන අනුකම්පාවක් ඇති වුණා. පසුව දේවතාවා ඇයට විහාරයට ඇතුළු වීමට අවසර දුන්නා.
මැය දුටු සැරියුත් මහ තෙරුන් වහන්සේ ප්‍රේතියගෙන් මෙහෙම ඇහුවා.
“කිසිදු විළි වැස්මක් නොමැතිව මස්, ලේ, නහරවල් ශරීරයෙනුත් පිටතට ඉලිප්පී, සම මෙන්ම ඉල ඇටද ඉලිප්පී මෙහි පැමිණ සිටින තී කවරෙක් දැයි වහා කියව.”
මෙබස් ඇසූ ප්‍රේතියද මෙසේ කීවාය.
“හිමියනේ මේ අහන්න. මෙයට ආත්ම පහකට පෙර භවයේදී මම ඔබ වහන්සේගේ මව වූවා. මා මෙසේ සා පිපාසාවෙන් පෙළි පෙළී තැන තැන ඇවිදිමන් සිටිනුයේ මේ භවයේදී මා ප්‍රේතියක වී උපත ලබා සිටින බැවිනි.
මට කෑමටද යමක් හමු නොවේ. මිනියක් දැවෙන තැනකට ගොස් එයින් බේරෙන තෙල් බොන්නෙමි. ඒ හැර සෙම, සොටුද කිසිවකු පිටතට දමන වමනයද කන්නෙමි. එයින්ද මා සැනසෙන්නේ නැත. සත්වයන්ගෙන් වගේම මිනිසුන්ගේ සිරුරුවලින් පිටතට එන ලේ බොන්නෙමි. ඒ හැර එම සිරුරුවලින් පිටවන සැරවද බොන්නෙමි.
අනේ… පින් ඇති පුතණුවනි,
මා වෙත දයාව දක්වන්න.
කරුණාව පළකරන්න.
ඔබ වහන්සේම මහ දානයක් පිරිනමා මට පින් දෙන්නේ නම් මට මේ ප්‍රේත ආත්මයෙන් මිදී සුගතියකට යා හැකියි. හිමියනේ මට අනුකම්පා කරනු මැනවි.”එබස් ඇසූ සැරියුත් මහ තෙරුන් වහන්සේගේ හදවතේ මහා දයාවක්, අනුකම්පාවක් ඇති විය. මේ ආත්මයේ ප්‍රේතියකව ඉපදුණත් මෙයට ආත්ම පහකට පෙර ඇය මට මවක වීම කෙතරම උතුම්ද? කිසියම් පාපකර්මයක් නිසාවෙන් ප්‍රේතියක්ව උපන් ඇය මම මේ දුක්ඛිත ආත්මයෙන් මුදාහරිමියි සැරියුත් මහ තෙරුන් වහන්සේ සිතුවා.
සැරියුත් මහ තෙරුන් වහන්සේ දෙවැනි දිනයේදීම මුගලන් මහ තෙරුන් වහන්සේ සහ කප්පින මහ තෙරුන් වහන්සේද කැටුව රජගහ නුවර මහ මඟට බැස පිඬුසිඟා වැඩියා.
එසේ පිඬුසිඟා වඩින අතරේ රජුටද සිදුවී ඇති කරුණු කාරණා ගැන සැරියුත් මහ තෙරුන් වහන්සේ පැහැදිලිකිරීමක් කළහ.
එපුවත් ඇසූ රජුද ලහි ලහියේ රජගහ නුවරට ආසන්න මහ වනයෙහි හොඳ සෙවණක් පවතින ස්ථානයක් සොයා බලා එහි කුටි හතරක් ඉදිකරනු ලැබුවා. එසේ කළ රජු බුදුරජාණන් වහන්සේ ප්‍රධානව භික්‍ෂුන් වහන්සේට ප්‍රනීත ආහාරත්, පිරිකරත් සූදානම් කෙරුවා.
රජු පිළියෙල කරන්නට යෙදුණු ප්‍රනීත ආහාර මෙන්ම පිරිකර සියල්ල සැරියුත් මහතෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කොට එසේ ලද පින් ප්‍රේතියට අනුමෝදන් කරනු ලැබුවා.මෙම පින් බලය කොතෙක් බලවත්ද යත්, ප්‍රේතිය ඒ පින් බලයෙන් නැවත දෙව්ලොව ඉපදුණා.
ආදර්ශ පාඨය
ක්‍රියාවෙන් පමණක් නොව වචන භාවිතයෙන් සිදුවන පාපකර්මයන්ද කෙනකු දුගතියට යෑමට පාර කපන බව මතක තබාගත යුතුය.
ශාරිපුත්‍ර ස්ථවිර මාතෘ ප්‍රේත වස්තුව ඇසුරිනි.

නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

සජිත්-TNA සාකච්ජාවත් උත්තරයක් නැතිවම අවසන්

Next Post

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.