• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

September 16, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

විශාල මුදලක් වියපැහැදම් කර පරම්පරා ගණනක් වාසය කිරීමට තනන නිවෙස වාස්තු විද්‍යානුකූලව සෑදිය යුතුයි. වාස්තු විද්‍යානුකූලව සෑදූ නිවෙසකට ශ්‍රියාකාන්තාවගේ බැල්ම නිරතුරු ලැබී එහි නිවැසියන් දිනෙන් දින දියුණු වනු ඇත. නිවෙස වාස්තු විද්‍යානුකූලව සුබ දිශාවකට සාදා ගන්නවා සේම නිවෙස තුළ තබන බඩු බාහිරාදියද නියමිත ස්ථානවලට, දිශාගත කළ යුතුය. අදාළ භාණ්ඩය නිවෙස තුළ එම භාණ්ඩයට සුබ දිශාවට ස්ථානගත කිරීමෙන් එම භාණ්ඩය පරිහරණය කරන නිවැසියන්ට බොහෝ සුබපල අත්වනු ඇත.

නිවෙසක් ගත්විට එය කොටස් කිහිපයකට බෙදිය හැකිය. ඒ, සාලය, නිදන කාමර, මුළුතැන්ගෙය හා වැසිකිළිය ලෙසය. මෙම එක් එක් අංගය තුළ තැබිය යුතු භාණ්ඩ නියමිත ස්ථානවලට දිශාගත කළ යුතුය.
නිවෙසක සාලය දකුණු දිශාවට දිශාගත විය යුතු අතර, ටෙලිෆෝනය නැඟෙනහිර දිශාවට වන්නට තැබිය යුතු අතර, සෝෆා සෙට් එක සාලයේ තැබූ විට එහි ඉඳගන්නා කෙනා උතුරට හෝ නැඟෙනහිරට මුහුණ ලා සිටිය යුතුයි. ටී.වී. එකට සවි කරන ඇන්ටනාව ගිනිකොන දශාවේ විය යුතුයි. උඩ තට්ටුවට නඟින පඩිපෙළ නිරිත දිශාවේ විය යුතු අතර, පඩි සංඛ්‍යාව ඔත්තේ විය යුතුයි. බිත්ති ඔරලෝසුව දකුණු දිශාව හැර වෙනත් ඕනෑම දිශාවක තැබිය හැකිය. නිදන කාමරයේ තබන ඇඳ නිරිත දිශාවේ තැබිය යුතුයි. අල්මාරිය බටහිර හෝ දකුණු දිශාවේද, කණ්ණාඩි මේසය උතුරු හෝ බටහිර දිශාවේද තබයි. අල්මාරිය දකුණු දිශාවට තැබුවද පියන දකුණට විවෘත නොවන ලෙස විය යුතුයි. ඡායාරූප නිරිත දිශාවේ තබන අතර ලියන මේසය ඊසාන දිශාවේ තැබිය යුතුයි. ලිපිගොනු තබන කබඞ් එක නිරිත දිශාවේ තැබිය යුතුය.
මුළුතැන්ගෙයි ඇති සිංක් එක ඊසාන දිශාව හෝ නැඟෙනහිර දිශාව හෝ උතුරු දිශාවේ විය යුතුයි. ශීතකරණය බටහිර දිශාවේද, වතුර ටැංකිය දකුණු හෝ බටහිර දිශාවේද තැබිය යුතුයි. බෙහෙත් පෙට්ටිය ඊසාන දිශාවේද, අටුව නිරිත දිශාවේද, කුණු කූඩය නිරිත දිශාවේද තැබිය යුතුයි. මීට අමතරව සත්ව කූඩු නිවෙසින් පිට නිරිත හෝ වයඹ දිශාවට වන්නට තැබිය යුතු අතර, මුරකුටිය වයඹ දිශාවේද, සේවක කාමරය ගිනිකොන හෝ වයඹ දිශාවේද සෑදිය යුතුයි. වාහනය නැවැතීමට තනන ගරාජය ගිනිකොන හෝ නිරිත දිශාවේ විය යුතුයි.

වැසිකිළියේ කොමෝඞ් එක නිරිත හෝ දකුණු දිශාවෙ තැබිය යුතුයි. රෙදි සෝදන යන්ත්‍රය, වායුසමීකරණ යන්ත්‍රය නැඟෙනහිර දිශාවේ විය යුතුයි. මීට අමතරව පොළොව යට කාමරයක් සාදන්නේ නම් එය ඊසාන දිශාවේ සෑදිය යුතුයි. විවෘත ආලින්දයක් නිවෙසට එක් කරන්නේ නම් එය ඊසාන දිශාවේ හෝ උතුරු දිශාවේ හෝ නැඟෙනහිර දිශාවේ සෑදිය යුතුයි. නිවෙසේ ඉදිකරන සක්මන් මළුව හෙවත් ටෙරස් එක උතුරු හෝ නැඟෙනහිර දිශාවේ විය යුතුයි. නිවෙස තුළ රෝගියෙක් සිටී නම් ඔහු හෝ ඇය වෙනුවෙන් වෙන් කරන කාමරය නිරිත දිශාවේ හෝ වයඹ දිශාවේ සෑදිය යුතුයි. නිවෙසට ඇනෙක්ස් එකක් ඈඳා සාදන්නේ නම් නිවෙසේ නැඟෙනහිර බිත්තිය හා උතුරු බිත්තිය හැර අනෙක් බිත්තියකට ඈඳා ඇනෙක්ස් එක සෑදිය යුතුය.

ලියන මේසය ඊසාන දිශාවට තැබුවද එහි පුටුවක් තබා වාඩි වූ විට දොර දෙසට වාඩි වන්නාගේ මුහුණ යොමුවිය යුතුයි. එම මුහුණ දෙන දිශාව අනුව පලාපල පුරාණ පොත පතේ සඳහන් වෙයි. මුහුණ නැඟෙනහිර දිශාවේ වුණි නම් අදාළ ජන්මියාට සාමකාමී සිතුවිලි ඇති වන අතර, ගිනිකොන දිශාවට වුණි නම් අලස සිතුවිලි ඇති වෙයි. දකුණු දිශාවට මුහුණ යොමු වූ විට එම පුද්ගලයා තුළ වැරැදි ආකල්ප, වැරැදි කල්පනා ඇති කරවයි. බටහිර දිශාවට මුහුණ යොමු වුණි නම් ක්‍රියාකාරකම් ඉහළ යන අතර, වයඹ දිශාවේ නම් ආවේගශීලී වෙයි. උතුරු දිශාවට මුහුණ යොමු වුණි නම් ආධ්‍යාත්ම සංවර්ධනය ඇති වෙයි. ඊසාන දිශාවට මුහුණ යොමු වුණි නම් අසුබ සිතුවිලි ඇතිවෙයි.

නිවෙස තුළ ඇති භාණ්ඩ සුබ දිශාගත කරනවා සේම නිවෙසේ ඇති අංගද සුබ දිශාගත කළ යුතු අතර, ගබඩා කාමරය, සේප්පුව සවිකරන කාමරය උතුරු දිශාවේ සෑදිය යුතුයි. නාන කාමරය නැඟෙනහිර දිශාවේද, මුළුතැන්ගෙය ගිනිකොන දිශාවේද, නිදන කාමරය දකුණු දිශාවේද, උදලු, ගල්ඉණි, කැති, පිහි තබන ආයුධ ගෙය නිරිත දිශාවේද ඉදිකරයි. කෑම කාමරය, ශාස්ත්‍රීය කටයුතු සඳහා යොදාගන්නා කාමරය හා කාර්යාල කාමරය බස්නාහිර දිශාවේ සාදා ගතයුතුයි. වැසිකිළිය නිරිත දිශාවේද, විසිත්ත කාමරය වයඹ දිශාවේද ඉදිකළ යුතුයි.

උතුර හා ඊසාන දිශාව අතර ඖෂධ ගෙයද ඊසාන හා නැඟෙනහිර දිශාව අතර සියලු සුබ කටයුතු සඳහා සාදන කාමරයද, නිරිත හා බටහිර දිශා අතර පුස්තකාලයද, බටහිර හා වයඹ දිශා අතර මෘත ශරීරයක් තබන ශෝක ගෙයද, වයඹ හා උතුරු දිශාව අතර නව විවාහක යුවලකට නිදාගැනීමට සාදන රති ගෙයද නිර්මාණය කළ යුතුයි.
ආහාර ගැනීම, නිදාගැනීම් ආදී කාර්යයන් සිදුකිරීමේදී ද නියමිත සුබ දිශාවට මුහුණ යොමු කර සිදුකිරීම තුළින් බොහෝ සුබ ප්‍රතිඵල ගෙන දෙනු ඇත. එමෙන්ම අදාළ කාර්යයට අසුබ දිශා අරබයා මුහුණ යොමුකිරීම හෝ හිස තැබීම තුළින් නොයෙකුත් අසුබ ප්‍රතිඵල ඇති වන බව ඍෂි මතයයි.

ඒ අනුව උතුරට හිස ලා නිදාගැනීම තුළින් දූදරුවෝ රෝගී වන අතර, තම කුල පරම්පරාවට නින්දා, අපහාස ලැබෙනු ඇත. බටහිරට හිස ලා නිදාගැනීම තුළින් විකාර සිතුවිලි ඇතිවීම, නපුරු සිහින පෙනීම, ආයුෂ කෙටිවීම ආදිය සිදුවෙයි. නැඟෙනහිරට හා දකුණට හිසලා නිදාගැනීම තුළින් සතුට, සමඟිය මෙන්ම සියලු යසඉසුරු ලැබෙන බවද ඍෂි මතයයි. එමෙන්ම නැඟෙනහිරට මුහුණලා ආහාර ගැනීම තුළින් ආයුෂ වැඩිවන බවත්, දකුණ බලා ආහාර ගැනීම තුළින් ධනවත් වන බවත්, බටහිර බලා ආහාර ගැනීම තුළින් යසඉසුරු ලැබෙන බවත්, උතුරු දිශාව බලා ආහාර ගැනීම තුළින් දුක්පීඩා ඇති වන බවත් ඍෂි මතයයි. ඊට අමතරව පාඩම් කිරීම, ලියුම් කියුම් කටයුතු, මුදල් ගනුදෙනු ආදිය කාමරයේ දොරට මුහුණලා සිදුකිරීම ඉතා සුබය.

මෙලෙස ඔබත් ඔබේ නිවෙස තුළ සාදන ගෘහාංග එම ගෘහය තුළ තබන බඩුබාහිරාදිය හා ගෘහය තුළ සිදුකරන ක්‍රියාකාරකම් ආදියට සුබ දිශාව සංකුවක් හෙවත් මාලිමාවක් ආධාරයෙන් සොයා සිදුකරන්න. එවිට ඔබත්, ඔබේ පවුලේ අයත් සැපෙන්, සතුටෙන් නිරෝගීව සිටිනු නොඅනුමානය. මෙලෙස ඍෂි මතයට අනුව සුබ දිශා ගතකළ ගෘහයකට දේව බැල්ම, ශ්‍රියාකාන්තාවගේ බැල්ම ආදිය නොඅඩුව ලැබී දිනෙන් දින දියුණු වී සශ්‍රීක වනු ඇත.

ජ්‍යොතිර්වේදිනා, දේශබන්දු මංජුලා පුෂ්පරාංගනී

SendShareShare
Previous Post

දන්දීම

Next Post

යමු පිලිපීනේ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.