සජිත් ප්‍රේමදාස මහතා හා දෙමළ ජාතික සන්ධානය අතර අද (15) පැවැති සාකච්ජාවත් විසදුමකින් තොරවම අවසන් වී තිබේ.
එජාපයෙන් ජනපති අපේක්ෂකත්වය ලබා ගැනීමට පෙර සුලු ජාතික පක්ෂවල සහාය ලබා ගන්නා ලෙසට අගමැතිවරයා කර තිබූ දැනුම් දීමකට අනුව ප්‍රේමදාස මහතා හා දෙමළ ජාතික සන්ධානය අතර මෙම හමුව සංවිධාන කොට තිබිණ.
ඊයේ (14) මංගල සමරවීර මහතාගේ නිවෙසේ පැවැති සුලු ජාතික පක්ෂ හමුවට දෙමළ ජාතික සන්ධානයටද ආරාධනා කර තිබූූ නමුත් ඊට සහභාගී වීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබිණ.
කෙසේවෙතත් අද සාකච්ජාවේදී දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනවාර්ගික ප්‍රශ්නයට ලබා දෙන දේශපාලන විසදුම, බලය බෙදීම හා උතුරේ ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රේමදාස මහතාගෙන් විමසා ඇති අතර ඊට සජිත් ප්‍රකාශ කොට ඇත්තේ තමා බලයට පැමිණීමෙන් පසු උපරිම බලය බෙදීමකට සූදානම් බවත්, මාස 6ක් ඇතුළත එම විසදුම ලබා දෙන බවත්ය.
නමුත් මෙහිදී කටවචනයට ලබා දෙන දේශපාලන පොරොන්දු පිළිගත නොහැකි බව පෙන්වා දී ඇති දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් එම විසදුම තමන්ට ලිඛිතව ලබා දෙන ලෙස දැනුම් දී ඇත.
මෙම හමුවට මෙළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, එම්.ඒ. සුමන්තිරන් ඇතුලු සාමාජිකයන් කිහිප දෙනකුු සහභාගී වී තිබේ.
මීට අමතරව ඊයේ මංගල සමරවීර මහතාගේ නිවෙසේ පැවැති සුලු පක්ෂ නියෝජිතයන් සමග සාකච්ජාවේදී රවුෆ් හකීම් මහතා හැරුණු විට අනෙකුත් කිසිදු නායකයකු සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කොට නොතිබුණු අතර ඔවුන් කියා තිබුණේ එජාපය නම් කරන අපේක්ෂකයා හට සහාය දැක්වීමට තමන් සූදානම් යැයි කියාය.