නූතන විශ්වීය සමාජය සමඟ ගැටෙමින් තරගකාරී ජීවන රටාවකට හුරු වීමට අප සියල්ලන්ටම සිදුව තිබේ. විශේෂයෙන්ම අද ලෝකයම ව්‍යවහාර කරන ජාත්‍යන්තර භාෂාව වශයෙන් පිළිගැනෙන ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කර ගැනීම එහිදී වඩාත් වැදගත් වේ. දීප්තිමත් අනාගතයක් ගොඩනගා ගැනීමට නම් වර්තමානයේදී වඩාත් ප්‍රශස්ත ඉංග්‍රීසි භාෂා කුසලතාවක් වර්ධනය කර ගැනීම අවශ්‍ය වේ. එහිදී සිය ඉංග්‍රීසි භාෂා හැකියාව වඩාත් හොඳින් වර්ධනය කරගත හැකි පාඨමාලාවක්, ඩිප්ලෝමාවක් හෝ අධ්‍යාපන ආයතනයක් තෝරා ගැනීම අභියෝගාත්මක කාර්යයකි. එකී අභියෝගය පහසුවෙන් ජය ගනිමින් තම ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කර ගැනීම සඳහා Oxford College of Business අධ්‍යාපන ආයතනය සමඟ විශ්වාසයෙන් එකතු විය හැකිය.
Oxford College of Business අධ්‍යාපන ආයතනය 2003 වසරේ පටන් අඛණ්ඩව දහහත් වසරක් දේශීය සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා පෝෂණය කළ ආයතනයකි. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කළ සිසුන්ට ප්‍රතිඵල පැමිණෙන තෙක් නිවෙසේ ගත කරන කාල සීමාව ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කර ගැනීමට යෙදවිය හැකිය. Oxford College of Business අධ්‍යාපන ආයතනය මඟින් ඒ සඳහා අවස්ථාව උදාකර දී ඇත. එහිදී ඔක්ස්ෆර්ඞ් කොලේජ් මඟින් ක්‍රියාත්මක කරනු ලබන පූර්ණ නිමග්න ඉංග්‍රීසි කතා පුහුණුව (Total Immeresion in English) සහ ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in English) හැදෑරීමේ අවස්ථාව හිමිවේ. පාඨමාලා කාලය තුළදී සිසුන්ට ඉංග්‍රීසි කථනය පිළිබඳව නිපුණතාවයක් ඇති කිරීමේ අරමුණින් Communication Approach යන ඉගැන්වීම් ක්‍රමවේදය ඔස්සේ පූර්ණ නිමග්න ඉංග්‍රීසි කතා පුහුණු පාඨමාලාව ක්‍රියාත්මක කරනු ලබයි. සවන්දීම, ලිවීම, කියවීම සහ ඉදිරිපත් කිරීමේ හැකියාව ආදී කුසලතා වර්ධනය කරනු ලබන අතර මෙම පාඨමාලාව මාස 2ක සහ මාස 3ක අධ්‍යාපන කාල සීමාවන්ට අයත් වේ.
එමෙන්ම ඉංග්‍රීසි භාෂා කුසලතාව සහිත සිය වෘත්තීය හෝ අධ්‍යාපන අවශ්‍යතා සඳහා තවදුරටත් ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන පිරිසට ඔක්ස්ෆරඞ් කොලේජ් වෙතින් ක්‍රියාත්මක ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව සමඟ එකතු විය හැකිය. මෙම පාඨමාලාව මඟින් ව්‍යාපාර සන්නිවේදනය සහ ඉංග්‍රීසි සාහිත්‍ය යන විෂයන් හැදෑරීමේ අවස්ථාවද හිමිවේ. ඉංග්‍රීසි අධ්‍යාපනය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ලොව ප්‍රමුඛ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ විභාග සඳහා ශ්‍රී ලාංකික සිසුන් පුහුණු කරන කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ අනුමත ආයතන වන Oxford College of Business අධ්‍යාපන ආයතනය මගින් කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලය විසින් පිරිනමන ව්‍යාපාරික ඉංග්‍රීසි පාඨමාලාව (Business English Certificate)ද පවත්වාගෙන යනු ලබයි. මෙමගින් ඉංග්‍රීසි දැනුම මෙන්ම ඔක්ස්ෆර්ඞ් කොලේජ් මඟින් පිරිනමන සහතිකයට අමතරව ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇති සහතිකයක් හිමිකර දෙයි.
පූර්ණ නිමග්න ඉංග්‍රීසි කතා පුහුණුව (Total Immersion in English) සහ ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in English) සඳහා නව පන්ති ආරම්භය 2020 දෙසැම්බර් මස පළමුවන සතියේදී සිදුකිරීමට නියමිතය. පවතින වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදේශයන්ට අනුකූලව පාඨමාලා කටයුතු ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනීම සිදුවේ. වසංගත තත්ත්වය හමුවේ ආර්ථිකමය වශයෙන් බොහෝදෙනා පීඩාවට පත්ව සිටින බැවින් පාඨමාලා ගාස්තු සඳහාද යම් සහනදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඔක්ස්ෆර්ඞ් කොලේජ් මඟින් කටයුතු කරනු ලබයි. කොළඹ ආශ්‍රිත ප්‍රදේශයක පිහිටි අධ්‍යාපන ආයතනයක් වන බැවින් පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදේශයන් නිසි ක්‍රමවේදයන් මත ක්‍රියාත්මක කිරීමට ඔක්ස්ෆර්ඞ් කොලේජ් ආයතනය කටයුතු කරන බව විශේෂයෙන්ම සඳහන් කර සිටී. තාක්ෂණය, සන්නිවේදනය, භාෂාව ආදී සෑම ක්ෂේත්‍රයම පාහේ අඛණ්ඩව වර්ධනය වන මෙවැනි කාල වකවානුවක ඉංග්‍රීසි භාෂා හැකියාව අත්‍යවශ්‍ය සමාජයීය සුදුසුකමකි. එසේ නම් ඉංග්‍රීසි භාෂාවෙහි නව මානයන් සොයා යන්නට සිය අධ්‍යාපන ආයතනය සමඟ එකතු වන ලෙස Oxford College of Business අධ්‍යාපන ආයතනය ඔබට විවෘතව ආරාධනා කර සිටී.
වැඩි විස්තර සඳහා අමතන්න 0114718711-2










