• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හැමදේම ඉවසගෙන ආදරේ කරනවා

December 19, 2020
in Heart
Reading Time: 2 mins read
A A
හැමදේම ඉවසගෙන ආදරේ කරනවා
Share on WhatsAppShare on Facebook

ආදරය ලබන්න, විඳින්න අපි කවුරුත් කැමැතියි. හැබැයි ‘අභිමාන්’ට ආදරය කරන්න පෙම්වතියෝ දෙන්නෙක් ඉන්න බව අපි කවුරුත් දන්නවා. ‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ ‘කුරුළු,’ බාධක, කම්කටොලු මැද ‘අභිමාන්ට’ ආදරය කරනවා. ඉතින් මේ ආදර කතාවේ ‘කුරුළු’ගේ ආදරය හිමිවෙයිද. එහෙමත් නැතිනම් ‘කුරුළු’ගේ ආදරය අහිමි වෙයිද කියලා ‘කුරුළු’ චරිතය රඟපාන ටනාෂා සතරසිංහගෙන් අහන්න අපි හිතුවා.
ටනාෂා ඉතින් කොහොමද?
සතුටින් හිටියත් ඉන්නවා කියන්නේ කොහොමද? ලෝකයම වැලඳගත්තු මේ වෛරසයක් නිසා. අපිත් ඉතින් ආරක්‍ෂාකාරීව වැඩකටයුතු කරගෙන යනවා. පසුගිය දවස්වල රූපගත කිරීම් සිදුකළේ නැහැ. එහෙත් දැන්නම් වැඩකරගෙන යනවා.
‘අභිමාන්’ගේ ආදරයක් නිසා ‘කුරුළු’ට කෙනෙහෙලිකම් කරනවා වැඩියි නේද?
ඔව් ඉතින්… ‘අභිමාන්’ට කෙල්ලෝ දෙන්නෙක් ආදරය කරනවානේ. ඉතින් මට ‘පූජා’ නපුරුකම් කරනවා. ඒ හැමදෙයක්ම ඉවසගෙන මමත් ආදරය කරනවා.
අක්කා – නඟාලා දෙන්නාගේ ඔය නපුරුකම් කවදා අවසානයක් දකියිද අපි?
තවම ‘පූජා’ දන්නේ නැහැ ‘කුරුළු’ එයාගේ නංගි කියලා. ඒ දැනගත්ත දාට ‘නීල පබළු’ ටෙලිනාට්‍ය ඉදිරියේදී කණපිට හැරෙයි හිතාගන්න බැරි විදියට. හැමදේම ලස්සනට සිදුවෙයි.
එකම ටෙලිනාට්‍යයක බැඳිලා ඉන්න විට තවත් හොඳ නිර්මාණ මඟහැරෙනවා ඇති නේද?
හොඳ නිර්මාණවලින් මට ආරාධනා ආවා. ඒත් මම ‘නීල පබළු’ ටෙලිනාට්‍ය සමඟ බැඳිලා ඉවරයි. අවුරුදු ගණනාවක් එක දිගට වැඩකරගෙන ආවා ‘කුරුළු’ විදියට. ඒ නිසා වැඩි කාලයක් ‘කුරුළු’ නිසා වෙන් කරන්න සිදුවෙනවා. ඒ නිසාම මෙය අවසානයක් දකිනකම් මම ‘කුරුළු’ තුළ ජීවත් වෙනවා.
ඉදිරියේදී තෝරාබේරාගෙන වැඩකළොත් නරකද?
නරකමත් නැහැ. හැබැයි එහෙම තෝරාබේරාගෙන වැඩ කරන්න අමාරුයි. මෙගා කියලා මම ඉදිරියේදී නිර්මාණවල වර්ගීකරණයක් කරන්නේ නැහැ. මෙගා වුණත් සමාජයට තේරුමක් ඇති වටිනා යමක් දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
ඔබ කාලයක් රඟපාලා අතරමඟදි නතරවෙලා. මේ ක්‍ෂේත්‍රයට නැවැත එන්න හිතුවේ?
2014 වසරේ තමයි මම මේ ක්‍ෂේත්‍රයට ආවේ. ඒ ලක්‍ෂ්මන් පුෂ්පකුමාරගේ ‘තිම්රගිර’ ටෙලිනාට්‍ය හරහා. අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වන නිසා මම පසුකාලීනව නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ. නැවැත 2018 ‘නීල පබළු’ ටෙලිනාට්‍ය හරහා තමයි රඟපෑමට සම්බන්ධ වුණේ.
2018 බැඳුණු පවුල ශක්තිමත් බැම්මක් වෙලා වගෙයි නේද?
ගෙදරින් පස්සේ මගේ මහගෙදර ‘නීල පබළු’ කණ්ඩායම. මුල් කාලයේ පොඩි පාළුවක් දැනුණා. දැන්නම් ඉතින් එකම පවුලක සහෝදර පිරිසක් වගේ එකමුතුව වැඩ කරනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

හැමදේටම ඉස්සර වෙන මොකක්ද මේ තත්කාලය

Next Post

සැනසුම කොතැනද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.