• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

වැව්ගම්පත්තුවෙන් මතුවූ උණුදිය උල්පත

September 14, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

අපේ රට උණු දිය උල්පත් දහයකට හිමිකම් කීවත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඉන් කිහිපයක් බව රහසක් නොවේ. මින් උණු දිය උල්පත් පහක්ම පිහිටා ඇත්තේ දිගාමඬුල්ලේ වෙයි. මේ අතර සංචාරකයන් පය නොතබන උණු දිය උල්පත් කිහිපයක් වෙයි. ඉඟිනියාගල ඩී. ඇස්. සේනානායක සමුද්‍රය තුළ පිහිටි වහව උණු දිය උල්පතේ උෂ්ණත්වය පවා තවම වාර්තා වී නැතැයි පැවසේ. මාදුරුඔය වන උද්‍යානය තුළ පිහිටා ඇති මුතුගල්වෙල උණු දිය උල්පතද එවැන්නකි. අම්පාරේ ජයන්ති වැව ආසන්නයේ ඇති කිවුලේගම උණු දිය උල්පතද මේ වනතෙක් ජනතා අවධානයට ලක්නොවී ඇති උණුදිය උල්පතකි.

“දවසක් උදේ පාන්දර දත-කට මැද මුහුණ අත-පය හෝද ගන්ට කියල ළිඳ ළඟ බටේට ගියා. ළිඳ ගොජ ගොජ ගගා උතුර උතුරා වතුර මලක් වගේ අඩියක් දෙකක් උඩට වතුර විදිනවා. මේක දැක්ක මම හොඳටෝම බය වුණා. කෑ ගහගෙන, දුවගෙන ගිය මම නතර වුණේ ගේ ඇතුළට රිංගලා. ඒක දැක්ක මහත්තයයි, දරුවොයි මට වුණේ මොකක්ද කියල අහන කොට උත්තර දීගන්ට බැරිව හිටිය මම ළිඳ පැත්තට අත දික්කරා. කට්ටියම ගිහින් පුදුමවෙලා වගේ ඒ දිහා බලාගෙන හිටියා. පැය දෙකකට විතර පස්සෙ වතුර මල අඩු වුණා. පස්සෙදි ප්‍රවෘත්ති අහනකොට සුනාමියක් ඇවිත් රට විනාශ වුණා කියල දැනගත්තා.” මේ දකුණු වැව්ගම්පත්තුවෙ කිවුලේගම ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි සය දරු මවක් අපට පැවසූ අතීත අත්දැකීමකි. දකුණු වැව්ගම්පත්තුවේ වැඩිම උසකින් යුතු ප්‍රදේශයක් වන පැරැණි වඩිනාගල පිහිටි ළිඳකින් සුනාමි දිනයේදී මෙසේ වතුර මලක් සේ උඩට ජලය විහිදීම ඇත්තෙන්ම පුදුමසහගතය. ඒ පිළිබඳ හොයා බැලීම වටී.
අම්පාර සිට ඉඟිනියාගල හරහා කොළඹ මාර්ගයේ සැතපුම් 16ක් පමණ ගොස් පල්ලන්ඔය යකඩ පාලමෙන් එගොඩ වී ජයන්ති වැව දෙසට යන විට මේ කියන නිවෙස හමුවිය. මේතාක් කල් වඩිනාගල කිවුලේගම උණුවතුර ළිඳක් ඇත්දැයි දන්නෝ ඇත්නම් ඒ ටික දෙනෙක් විය යුතුය. එසේ වුවද මීට බොහෝ කලකට පෙර දිගාමඬුල්ලේ ආශ්චර්ය නමැති පොත ලියන ලද මායා රංජන් සූරීන් (මහනාම රාජපක්‍ෂයන්) මෙම උණු වතුර ළිඳ පිළිබඳ සටහන් කර ඇති බව එතුමාට කරන ගෞරවයක් ලෙස සටහන් කළ යුතුය.

“එය කළු පාට මඩ ගොහොරුවක අයිනකින් පිහිටි කුඩා දිය වළකි. ඒ අවට තවත් මඩ ගොහොරු හා දිය වළවල් තිබුණු නමුත් අනෙක් ඒවා උණු නොවීය. එතැන පමණක් මඩ ගොහොරුවද අඩිය තබන්නට බැරි තරමට උණුය. වටේට ගල් කැට කිහිපයක් තබා සකස් කරන ලද වළේ වතුර ඇඟට දමන්නට බැරි තරම් උණුය. එයින් නෑම නොයෙක් ලෙඩ රෝගවලට ගුණ බව කවුරුත් කියති. රෝගයක් නොතිබුණු නමුත් අපි කවුරුත් එයින් නෑවෙමු.”
මේ පනහේ දශකයේදී මායා රංජන් සූරීන් දුටු කිවුලේගම උණු දිය උල්පතේ තත්ත්වයයි. අඩසිය වසකටත් වැඩි කාලයක් ගතවී ඇතත් එහි තත්ත්වය එතරම් වෙනස් වී නොතිබීම ජාතියේ අවාසනාවකි. සිදුවී ඇති එකම වෙනස කොන්ක්‍රීට් වළලු කිහිපයකින් කුඩා ළිඳක් බැඳ යකඩ බටයක් සවිකර තිබීම පමණකි.
මේ සම්බන්ධ තොරතුරු විමසීමේදී පෙර විස්තර ලබාදුන් මහත්මිය මෙසේද පැවැසුවා.

“ජයන්ති වැව හැදුවෙ ගල්බෝඞ් එකෙන්. වැවේ බැම්මේ අගිස්ස හදන කොට අද දාන සිමෙන්ති පහුවදා බලන කොට නැහැ. සේරම වතුරට හේදිලා ගිහින්. වතුරත් රස්නෙයි. මේක හැමදාම වෙන්ට පටන් ගත්තා. පස්සෙ බැරිම තැන වැඩ කරන මිනිස්සු පන්නත්ගොඩ පන්සලට ගිහින් භාරයක් වුණා. පන්සල් ගලේ බුදු පිළිමයක් හදනවා කියලා. අද භාර වුණා කියමුකෝ. මෙන්න බොලේ පහුවදා දාපු සිමෙන්තිවලට හානියක් වෙලා නැහැ. දැම්ම වගේම තියෙනවා. පස්සෙදි අර රස්නෙ වතුර පාරට බට ලයින් එකක් දාලා එළියට අරන් වහල දැම්මා. පන්සල්ගලේ බුදු පිළිමයක් හදල බාරෙ ඔප්පු කළා.

මම කෙලී කාලෙ ලොකු රස්නයක් තිබුණා. දවසක් සුද්දො කට්ටියක් මේකෙන් බිත්තර තම්බගෙන කාලා. ඉන්පස්සෙ රස්නෙ අඩු වුණා. දැන් රෑට ළිඳ පේන්නෙ නැති ගානට මීදුම බානවා. දවාලට වඩා උදේටයි – රෑටයි රස්නෙ වැඩියි. ගමේ අය නාන්ට එනවා. මේ වතුරින් අපි කුඹුරු කෑල්ලක් වැඩකර ගන්නවා.”

දිගාමඬුල්ලේ උණුවතුර ළිං පහක් තියෙනවා. ටැම්පිටිය උණු දිය ළිඳ කපුරුල්ල ලෙසද, පදියතලාව මරන්ගල ළිඳ මහඔය ළිඳ, කිවුලේගම ළිඳ සහ මාදුරුඔය ජාතික වනඋද්‍යානයේ පිහිටි මුතුගල්වෙල ළිඳ මේ උණු දිය ළිං පහ වෙයි. ඉඟිනියාගල සේනානායක සමුද්‍රය තුළ පිහිටි උණු වතුර ළිඳ වහව යැයි හඳුන්වනවා. ගල්ඔය හුදුකලා කඳු යනුවෙන් හඳුන්වන මොනඞ්නොක් කඳු පිහිටීම මීට බලපා තියෙනව කියල කියන්ට පුළුවනි. උණු දිය උල්පත් පිළිබඳ කරන ලද පරීක්‍ෂණ අනුව වාර්තා වී නැතැයි පවසන මාදුරුඔය වන උද්‍යානය තුළ පිහිටි මුතුගල්වෙල උණුදිය උල්පතේ උෂ්ණත්වය සෙන්ටි ග්‍රේඞ් අංශක 44කි.

SendShareShare
Previous Post

මංගලගේ ‌ගෙදර අද රෑ කෑමක්: TNA බෑ කියයි: පක්ෂ නායකයෝ උදේම රනිල්ගෙ ‌ගෙදර

Next Post

ශ්‍රීලනිපයේ 5ක් ‌දොට්ට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.