සජිත් ප්‍රේමදාස මහතාට සුලු ජාතික පක්ෂවල සහාය ලබා ගැනීමේ අරමුණින් එම පක්ෂවල නායකයන්ට අද (14) රාත්‍රියේ මංගල සමරවීර මහතාගේ නිවෙසේ රාත්‍රීී භෝජන සංග්‍රහයක් සූදානම් කොට ඇත.
ඊට සහභාගි වන ලෙස කියමින් සියලුම සුළු ජාතික පක්ෂ නියෝජිතයන්ට ආරාධනා කරනු ලැබුවද දෙමළ ජාතික සන්ධානය එය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කොට තිබේ. ඔවුන් මංගල සමරවීර මහතාට දැනුම් දී ඇත්තේ තමන් දැනටමත් සිය ස්ථාවරය සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී ඇති බවකි.
කෙසේවෙතත් සමරවීර මහතාගේ නිවෙසේ මෙසේ රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කර තිබියදී සියලුම සුලු පක්ෂ නායකයන් අද (14) උදෑසන රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඇත.
එම හමුවට රවුෆ් හකීම්-රිෂාඩ් බදුර්දීන්- පලනි දිගම්බරම් යන සියලුම සුළු පක්ෂ නායකයන් සහභාගීව සිට ඇත.
මෙහිදී තමන් මංගලගේ නිවෙසේ පැවැත්වෙන රාත්‍රි භෝජන සංග්‍රහයට සහභාගි වන නමුත් එජාපය එක්ව තීන්දු කරන අපේක්ෂකයාට සිය සහාය ලබා දන බව මෙම සුලු පක්ෂ නායකයන් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.
කෙසේවෙතත් අනෙක් සුලු ජාතික පක්ෂ නායකයන් එසේ පවසද්දී රවුෆ් හකීම් මහතා පමණක් නිහඩව සිට ඇති බවද දැනගන්නට ඇත. මීට අමතරව මනෝ ගනේෂන් මහතා ඊයේ රාත්‍රියේ හදිසියේම ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති නිසා මංගලගේ නිවෙසේ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි නොවන බවද වාර්තා වේ.