• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මිනිසුන්ට අහසින් යන්න පාර පෙන්නපු ග්‍රීක මිථ්‍යා කතාව

December 19, 2020
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
මිනිසුන්ට  අහසින් යන්න  පාර පෙන්නපු ග්‍රීක මිථ්‍යා කතාව
Share on WhatsAppShare on Facebook

ලෝකයේ අහසින් යෑමට මිනිසා පෙරුම් පිරුවේ මීට බොහෝ කාලයකට පෙරය. එහි ප්‍රතිඵලය වන්නේ මිනිසුන් පවා ඉහළින් ප්‍රවාහනය කළ හැකි වත්මන් ගුවන්යානය සොයාගැනීමයි. සුප්‍රසිද්ධ රාමායණයේ දැක්වෙන්නේ ලංකාපුර අධිපති වූ රාවණට “පුෂ්පිකය” නම් ගුවන් යානයක් තිබූ බවයි. එවකට රාවණ රජුගේ රාජ්‍යත්වය සංකේතවත් කිරීමට සංකේත තුනක් තිබූ අතර එයින් එකක් වූයේද මෙම “පුෂ්පිකය” නම් ගුවන් යානයයි. එවකට “විෂ්ණු ෂර්මන්” පඬිවරයාද ලියූ සිය කෘතිවල ගුවන් ගමන් පිළිබඳ විස්තරයන් ඇතුළත්ව තිබේ. ගුවනින් ගොස් රජ කුමරියක වූ කතා පුවත ඊට නිදසුනකි. එහෙත් වර්තමාන පිළිගැනීම වන්නේ රයිට් සහෝදරයින් විසින් ගුවන් යානය සොයාගත් බවයි. අද අපේ කතාව වන්නේද රයිට් සහෝදරයින් ගුවන්යානය සොයාගත් ආකාරය ගැනය. එම කතාව ඉතා අප්‍රසිද්ධ එහෙත් දැනගත යුතුම වූ කතාවකි.

ගුවන්යානය සොයාගත්තේ රයිට් සහෝදරයින්ම ලෙස වර්තමානයේ පිළිගත්තද අප නම් දන්නා සත්‍යය වන්නේ ගුවන්යානය නිර්මාණයට ඊටත් පෙර සිටම කටයුතු කර ඇති බවයි. එහෙත් අද අපට පිළිගන්නට සිදුවන්නේ කනෙන් ඇසූ ජනප්‍රවාද තුළ ඇතුළත් වෙන එවැනි කතා නොව ඇසින් දුටු කතාය. ඒ අනුව එවකට සමාජය ඇසින් දුටු එකම කතාව රයිට් සහෝදරයින් සිටිනා කතාවයි. රයිට් සහෝදරයින්ද මේ ගුවන්යානය එක්වරම නිර්මාණය කළේ නැත. සැබෑවටම ඒ පිටුපස එක්තරා කතාවක් තිබේ. ගුවන්යානය සෑදීමට අදහස පහළ වූ රයිට් සහෝදරයිගේ සැබෑ නම් විල්බර් රයිට් සහ ඕවල් රයිට්ය. ඔවුන් ග්‍රීක මිථ්‍යා කතා කියවීමට කැමැත්තෙන් සිටි සහෝදරයින් දෙදෙනෙකි. එම එක් ග්‍රීක කතාවක සිරගත වූ පුතෙකු සහ පියෙකු සමනළ තටු ආදර්ශ සේ ගෙන පියාපත් තනා සිරෙන් නිදහස් වී ඉගිළී ගිය සිදුවීමක් ඔවුන්ට හමුවෙයි. එහිදී ඔවුන්ද එසේ යෑමට ඇති හැකියාව ගැන නිතර සිතයි. ඉන් ටික දිනකට පසු නූල කැඩී අහසේ නිදහසේ පාවීගෙන යන සරුංගලයක් දකින ඔවුන් ඒ හරහා තමන්ටත් නැඟ යෑමට හැකි යානයක් සෑදීමට සිතුවිල්ලක් පහළ වෙයි. එදා ඒ ඔවුන්ගේ අපූරු සිතුවිල්ලේ ප්‍රතිඵලයක් වන්නේ අද ලෝකයම කතාබහ කරන ගුවන් යානයයි.



රයිට් සහෝදරයින්ගේ පියා හෙවත් රයිට් පවුලේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ මිල්ටන් රයිට්ය. ඔවුන්ගේ මව ලෙස සැළකෙන්නේ සුසාන්ය. මේ අතර මිල්ටන් රයිට් යනු බිෂොප්වරයෙකි. එම නිසාම ඔහු බොහෝදුරට සිටියේ නිවෙසේ නොව නිවෙසින් පිටතය. ඒ හේතුව උඩ මිල්ටන් රයිට් නිවෙසට එන දිනට දරුවන් දෙදෙනාට තෑගිබෝග නම් වරදින්නේ නැත. එමෙන්ම දරුවන් දෙදෙනාද සිටින්නේ තම පියාගේ තෑගිබෝග බලාපොරොත්තුවෙනි. වරක් වර්ෂ 1878 දී මිල්ටන් රයිට් තම දරුවන්ට රබර් බෑන්ඞ්වලින් ක්‍රියාත්මක කරන හෙලිකොප්ටරයක් රැගෙනවිත් තිබේ. එය දුටු විල්බර් සහ ඕවිල් අපතේ යන දේවල් භාවිතා කරමින් එවැනිම එකක් නිර්මාණය කරයි. මේ අතර වර්ෂ 1884 දී මිල්ටන් රයිට් පදිංචිය වෙනස්කර ඩයිටන් ප්‍රදේශයට පදිංචියට යන අතර එකලම සුසාන් හෙවත් දරුවන් දෙදෙනාගේ මව ක්ෂය රෝගයෙන් පීඩා විඳිමින් මියයයි. ඒත් සමඟම සිය අධ්‍යාපන කටයුතුවලට සමුදුන් විල්බර් මුද්‍රණ සමාගමක් අරඹන අතර ඕවල්ද එයට එක්වෙයි. පසුව ඔවුන් 1890 දී “THE WEST SIDE NEWS” නම් සතිපතා පුවත්පත ආරම්භ කළ අතර එය ඉතාම අසාර්ථකව තිබේ. එනිසා ඔවුන් දිගටම තමාගේ මුද්‍රණ කටයුතු පමණක් කළ බව සඳහන්ය.

තරුණ වියට එළඹෙන විට රයිට් සහෝදරයින්ට බයිසිකල් පිස්සුවක් පැමිණි අතර මුද්‍රණ කටයුතුවලට අමතරව ඔවුන් පසුව බයිසිකල් අලුත්වැඩියා කිරීම අරඹන්නේ ඒ පිස්සුව උඩය. ඔවුන්ට පැමිණි බයිසිකල් පිස්සුව කොතරම්ද කිවහොත් අවසානයේදී ඔවුන් කරන්නේ මුද්‍රණ කටයුතුවලට සමුදෙමින් බයිසිකල් කර්මාන්තයක් ඇරඹීමය. ඒ හරහා ඔවුන් වර්ෂ 1896 දී ඔවුන්ගේම බයිසිකලයක් තැනූ බව පැවසෙයි. ඒත් සමඟම “රයිට් සයිකල් සමාගම” ලෙස ඔවුන් එරට විශාල කීර්තියක් අත්කර ගෙන තිබේ. මේ අතර වර්ෂ 1896 යනු බොහෝමයක් රටවල් සහ ඒ ඒ පුද්ගලයින් ගුවන්යානා තැනීමට උත්සුක වූ යුගයකි. මෙම රයිට් සහෝදරයින් තුළද කුඩා කල සිටම එම හීනයේ සිටි අයයි. පසුව ඔවුන් ගුවන්යානයක් සෑදීමට පටන් ගත් අතර එහිදී මතුවූ ගැටලු ගැන ඕවල් රයිට් පැවසූවේ “අපිට මූලික ප්‍රශ්නය වූයේ යානයේ සමතුලිත බව රැක ගැනීමයි. ඒක ගැන හිතද්දී ඉහළින් හා පහළින් තටු යොදලා බලන්න අපට යම් අදහසක් ඇතිවුණා” යනුවෙනි. කෙසේ වුවද අවසනදී ඔවුහු ගුවන්යානයක් සෑදූ අතර අත්ලාන්තික් සාගරයේ වෙරළට එම යානය රැගෙන ගොස් එය අහසට නැංවීමට උත්සාහයක් ගත්හ. නමුත් ඒ සියලුම අපේක්ෂා සුන් කරමින් යානය ගුවන්ගත වූයේ නැත.


ඒත් ඉන් නොනැවතුණු රයිට් සහෝදරයින් යානය තුළ වූ අඩුපාඩු බලා ඒවා යළි සකසන්නට විය. එහිදී “චාර්ලි ටේලර්” නම් පුද්ගලයාගේ ආධාර ඇතුව ඔවුන් පෙට්‍රල්වලින් ක්‍රියාකරන එංජිමක් පවා එයට එකතු කරන්නට විය. නමුත් යානය එවරද ඉතාම අසාර්ථක විය. ටිකක් නොව මුළුමනින්ම අසාර්ථක විය. එවරද උත්සාහය අත්නොහැරිය රයිට් සහෝදරයින් වර්ෂ 1903 දෙසැම්බර් 17 වෙනි දිනයේ පළමුවරට ගුවන් යානයක් ඉහළ අහසට නැංවීය. එය සරල රේඛීය වූ මාර්ගයක ගමන් කළ අතර මිනිත්තුවක් පමණ ගමන් කළ එය බිමට පතිත විය. පසුව ඔවුන් ප්‍රබල එංජිමක් හා ආසන දෙකක්ද සහිතව ගුවන්යානයක් සැදීමට කටයුතු කළ අතර ඊට ප්‍රංශ සහ ඇමෙරිකානු හමුදා අනුග්‍රහය දැක්වූ බව සඳහන්ය. වර්ෂ 1908 දී ප්‍රථම ගුවන් ගමන් ප්‍රදර්ශනය පැවැති අතර ඒත් සමඟම රයිට් සහෝදරයින් විසින් “රයිට් ගුවන් යානා සමාගම” ඇරඹීය. නමුත් කාලයක් සමඟ ඒ සමාගම අභාවයට යන්නට විය. ඊට හේතුව වූයේ ඔවුන්ගේ ගුවන්යානා පැදවූ නියමුවන් කීපදෙනෙක් ගුවන්යානා අනතුරට ලක්වී ජීවිතයෙන් සමුගැනීමයි. අවසානයේ “ටයිපොයිඞ්” රෝගයට ගොදුරුව විල්බර් රයිට් වර්ෂ 1912 දී සිය ජීවිතයෙන් සමුගත් අතර ඒත් සමඟින්ම ඕවල් රයිට් සමාගම විකුණා දැම්මේය.

එය එසේ වුවද ගුවන් යානයේ කතාව එතැනින් නතර වූයේ නම් නැත. සැබෑවටම කිවහොත් ගුවන් යානයේ කතාව එයින් නොනැවතී ඉදිරියටම එන්නට විය. අදත් අපගේ සමාජය පිළිගන්නේ ගුවන්යානය සොයාගත්තේ රයිට් සහෝදරයින් බවයි. අද ලෝකය වටා ගුවන්තොටුපොළවල් ඉදිවන්නේ මෙන්ම ගුවන් කටයුතු සිදුවන්නේ ඒ නිසාය. වර්තමානයේ බොහෝ කටයුතු සඳහා ගුවන්යානා යොදාගනියි. මෙදා මිනිසුන් ප්‍රවාහනයට පමණක් නොව බඩු භාණ්ඩ ප්‍රවාහනයේ සිට යුද්ධ කටයුතු සඳහා පවා ගුවන්යානා යොදාගැනීම වර්තමානයේ ඉතා සුලබ කටයුත්තකි. මේ අතර රයිට් සහෝදරයින්ගේ නම් අද ලෝක ඉතිහාසය තුළ රන් අකුරින් ලියවී තිබේ. එය එසේ වුවද රාවණ රජු රයිට් සහෝදරයින්ට පෙර අහසින් ගිය බව අපේ සමාජයේ විශ්වාසයයි. නමුත් එකම අවුල වන්නේ ඊට ඇසින් දුටු සාක්ෂි වර්තමානයේ නොතිබීමයි.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

අත්තලා මුත්තලා රෝහලට නොයැවූ බත් හැන්දේ රහස

Next Post

POCO නවතම දුරකථනය වන POCO X3 NFC දැන් ශ්‍රී ලංකාවේ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.