OPPO INNO DAY 2020 වැඩසටහන ‘Leap into the Future’ යන තේමාවෙන් යුතුව නොවැම්බර් 17 වන දින චීනයේ Shenzhen හිදී පැවැත්විණි. ‘Internet of Experience’ සංකල්පය පසුබිම් කරගනිමින්,ි‘Technology for Mankind, Kindness for the World’ සහ ‘Virtuous Innovation’ යන උප තේමාවන් යටතේ, 3+N+X තාක්ෂණික සංවර්ධන ක්‍රමෝපාය හඳුන්වාදීම මෙහිදී සිදුවිය. එමෙන්ම මෙම උත්සවයේදී OPPO X 2021 rollable concept handset, OPPO AR Glass 2021 සහ OPPO CybeReal AR application ද හඳුන්වා දෙන ලදී.
මෙහිදී අදහස් දක්වමින් OPPO නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ටෝනි චෙන් මහතා පැවසුවේ Virtuous Innovation සංකල්පය ඔස්සේ 3+N+X තාක්ෂණික සංවර්ධන ක්‍රමෝපාය අනුව යමින් තව තවත් විශිෂ්ට නිර්මාණ සිදුකිරීම OPPO සමාගමේ අපේක්ෂාව බවයි. එමෙන්ම ආයතනික නවෝත්පාදනවලදී ප්‍රමුඛත්වය හිමිවිය යුත්තේ පාරිභෝගිකයන්ට බව OPPO විශ්වාස කරන බවද ඒ මහතා පැවසීය.
3+N+X තාක්ෂණික සංවර්ධන ක්‍රමෝපායේ 3 ඉලක්කමෙන් අදහස් වන්නේ දෘඪාංග, මෘදුකාංග සහ සේවා තාක්ෂණයන්ය. මෙම තාක්ෂණයන් OPPO සමාගමට ලොවපුරා පාරිභෝගිකයන්ට සමෝධානික සුහුරු ජීවන රටාවන් සමීප කරවීමට අවස්ථාව සලසා දෙයි. N අකුරින් කෘත්‍රිම බුද්ධිය, ආරක්ෂාව හා පෞද්ගලිකත්වය, බහුමාධ්‍ය සහ අන්තර්සම්බන්ධතාව වැනි OPPO සතු ප්‍රධාන හැකියාවන් හැඟවේ. X අකුර යොදා ඇත්තේ නවෝත්පාදනය ඔස්සේ පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට මට්ටමේ අත්දැකීම් තිළිණ කරමින් තරගකරුවන් අතර කැපීපෙනීමට සමාගමට උපකාරී වන Flash charge වැනි තාක්ෂණයන් හැඟවීමටය.











